Like
Like Love Haha Wow Sad Angry

චොක්ලට් කියන්නේ කාන්තා, පිරිමි ,ලොකු, කුඩා  බේදයකින් තොරව කැමැත්තක් දක්වන ආහාරයක් වෙනවා.ඒ වගේම පෙම්වතුන් පෙම්වතියන් ආදරය ප්‍රකාශ කිරීමටද මේ චොක්ලට් අධික ලෙස භාවිතා කරනවා.චොක්ලට් ආහාරය නිසා ඉරුවාරදය ,කුරුලෑ ඇති වීම හේතු වෙන බව සහ අධි රුධිර පීඩනය සහ ස්ථුල භාවයට චොක්ලට් හිතකර නොවන බවද හඳුනාගෙන තියෙනවා.නමුත් චොක්ලට් සතුව විශ්මිත ගුණ කිහිපයක්ම පවතිනවා .

01) කොලොස්ටරෝල් මට්ටම පහත හෙලීම 

මිනිසාගේ සිරුරට හිතකර වගේම අහිතකර කොලොස්ටරෝල් ලෙස වර්ග දෙකක් පවතිනවා.මෙහිදී චොක්ලට් අනුභවය මඟින් සිරුරට අහිතකර වන LDL කොලොස්ටරෝල් මට්ටම පහල බැසීම සිදු වෙනවා 

02)මතක ශක්තිය වර්ධනය 

දිනපතා දෙවරක් චොක්ලට් පානය  කිරීම මඟින් මතක ශක්තිය සහ ධාරණ ශක්තිය වර්ධනය් කර ගැනීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම මොලයේ රුධිර ගමනා ගමනය මනාව පාලනය කර ගැනීමට හැකියාවද ලැබෙනවා 

03)හදවත් රෝග පාලනය 

චොක්ලට් ආහාරයට ගැනීම මඟින් හදවත් රෝග ඇති වීමේ අවධානම අඩු කරන බව පර්යේෂණවලින් හඳුනා ගෙන තියෙනවා 

04)අංශභාගයට චොක්ලට් 

පර්යේෂණ මඟින් සොයාගෙන ඇති ආකාරයට චොක්ලට් අනුභව කරන පුද්ගලයන් අංශභාගයට ගොඳුරු වීමේ අවධානම 22% කින් අඩු කරනවා 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here