21
තේ මේසයට රස බනානා පුඩිමක්
අවශ්‍ය ද්‍රව්‍ය
– ඇම්බුන් වගේ කෙසෙල් ගෙඩි කිහිපයක්
– සීනි මේස හැඳි 4ක්
– දෙහි යුෂ ස්වල්පයක්
– බනානා එසන්ස්
– ජෙලටින් තේ හැඳි 3ක්
– කහපාට කලරින්
– විපින් ක්‍රීම්
සදා ගන්නා ආකාරය
– මුලින්ම ඇම්බුන් ගෙඩි ටික පෙති කපා සීනි හා දෙහි යුෂ දමා රත්කර ස්ටූ කරගන්න.
– ජෙලටින් තේ හැඳි 2ක් ඩබල් බොයිල් කරලා වතුර කෝප්ප බාගෙකට දමන්න
– එයට බනානා එසන්ස් හා කහපාට කලරින් දාලා ජෙලි එකක් හදාගන්න.
– දැන් මේකට ස්ටූ කරගත් කෙසෙල් ටික දමා ෆ්‍රිජ් එකේ තබන්න .
– හොඳින් සෙට් වූ විට එළියට ගෙන විපින් ක්‍රීම් බීට් කර නොසල් එකකින් ඩ්‍රෙස් කරගන්න.
– දැන් බනානා පුඩිමේ රස බලන්න
21



