High Heels එහෙමත් නැත්නම් අඩි උස පාවහන් පළදින්න ගොඩක් දෙනෙක් කැමති.ඒ විතරක් නෙමෙයි high heels කියන්නේ අද කාලේ ගොඩක් famous fashion එකක්.ඒත් සමහර කෙනෙක්ට high heels තරමක් කරදරකාරී අත්දැකීමක් වෙන්නත් පුළුවන්.ඉතින් ඔයත් කවදා හරි දවසක high heels නිසා අපහසුතාවයට පත් වෙලා තියනවද? එහෙනම් අද hello ladies තුළින් කියලා දෙන්න යන tips ටික ඔයාට අනිවාර්යයෙන් වැදගත් වෙනවා .
Short steps

High heels ගෙන ඇවිදිනකොට වඩා කෙටි පියවර තියන්න ඕනේ.ඒ වගේම වෙනදාට වඩා අඩුවෙන් දණහිස නවලා ඇවිදින්න පුරුදු වෙන්න.ඒ වගේම වේගයෙන් ඇවිදීමෙන් වළකින්නත් ඕනේ.High heels දාලා දිගු පියවර තබමින් වේගයෙන් ඇවිදින විට ඔයාගේ ගමන අසාමාන්‍ය විදියට තමයි පේන්නේ.ඉතින් ඒ නිසා කලබල වෙන්නේ නැතුව හිමින් ඇවිද්දොත් ඔයාටත් high heels දාගෙන ලස්සනට ඇවිදින්න පුළුවන්.
පළමුව විලුඹත් දෙවනුව ඇඟිලිත් තබා ඇවිදින්න

ඔයා ඇවිදිනකොට මුලින්ම විලුඹ පොළොව මත තියලා ඊට පස්සේ තමයි ඇඟිලි තියන්න ඕනේ.මේ විදියට ඇවිදිනකොට ඔයාගේ යටි පතුලේ ඇති වක්‍රාකාර කොටසට සිරුරේ බර සම්පුර්ණයෙන්ම යොමු වෙනවා. එතකොට හිමින් ඒ බර ඇඟිලි දෙසට යොමු කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ සිරුර ඉදිරියට තල්ලු කරන ගමන් ඊළඟ පියවර තියන්න. මේ කිව්ව විදියට කලොත් ගමන වඩාත් ස්වභාවික විදියට දිස් වෙනවා.
නිවැරදි ඉරියව් භාවිතා කරන්න

Lady කෙනෙක් ලස්සන වෙන්න නිවැරදි ඉරියව් භාවිත කිරීමත් ඉතාම වැදගත් දෙයක්. උරහිස් නවාගෙන, හිස නවාගෙන වැරදි ඉරියව්වලින් ඇවිද්දොත් ඔයාගේ natural beauty එක නිකන්ම නැති වෙලා යනවා.ඉතින් ඒ නිසා නිතරම ඔයාගේ උරහිස් හොඳට පළල් කරලා කොටු හැඩයට තියාගන්න try කරන්න.එතකොට ඔයාගේ උදරයේ මාංශ පේශීන් ඇදිලා උදරය පැතලි වෙනවා. එතකොට ඔයා සිහින් හා සුන්දර ලෙස දිස් වෙනවා.
කෙලින් රේඛාවක ඇවිදින්න

Fashion model කෙනෙක් වගේ ඇවිදින්න කැමතිද? එහෙනම් ඔයා ඇවිදින කොට ඔයාගේ ඉස්සරහා කෙලින් ඉරක් තියෙනවා කියලා සිතා ගන්න.ඊළඟට ඒක දිගේම ඇවිදින්න.ඒ වගේම කකුල් කෙළවර තරමක් ඉදිරියට තෙරපන්න. මෙයින් ඔයාගේ උකුල තරමක් පැද්දේනවා. මේක ටිකක් ඔයාට කලින් ඉඳලම පුරුදු වෙන්න වෙයි. ඒත් එකෙන් පාඩුවක් නම් වෙන එකක් නැහැ. මොකද ඔයා අනිවාර්යයෙන්ම හැමෝගෙම අවධානයට ලක් වෙනවා කියලා නම් sure.
කකුල් වලට rest එකක් දෙන්න

කකුල් කැක්කුම් නැතුව සුව පහසුවෙන් දවස පුරාම high heels ගෙන ඉන්න නම් අනිවාර්යයෙන්ම කකුල් වලට rest එකක් අත්‍යවශ්‍යයයි. මේ සඳහා ඔයාගේ shoes ගලවන්නම ඕනේ නෑ .සැරින් සැරේ shoes ගලවලා නැවත දැමීමෙන් කකුල් ඉදිමීම හා රිදුම් දීම අඩු කරගන්න පුළුවන් . ඒ වගේම සැරෙන් සැරේ ටික වේලාවක් ඉඳගෙන පාදවලට පොඩි rest එකක් දුන්නත් ඇති.
හැමවෙලේම high heels එපා

මාරුවෙන් මාරුවට විවිධ උසින් යුතු shoes දාන්න පුරුදු වෙන්න. වැඩි වශයෙන් පැතලි හා සුවපහසු shoes වලට යොමු වෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි . මොකද එක දිගටම high heels දැමීම ඔයාගේ සෞඛ්‍යට හානිකර වෙන්න පුළුවන්.
හරියටම set වෙන shoe එක තෝරා ගන්න

ඔයා මෙච්චර කල් කැන්වස් සපත්තු use කරපු කෙනෙක් නම් එක පාරම අඟල් 4ක් පමණ උස පාවහන්වලට මාරු වෙන්න එපා. මුලින්ම තරමක් සැහැල්ලු අඟල් 2 හෝ 3 උස පාවහන් යුගළකට මාරු වෙන්න.මුලින්ම Wedges හෝ පටි සහිත පාවහන් ද භාවිතා කරන්න පුළුවන්.මොකද ඒවා වැඩි පහසුවකින් යුතු වෙනවා.එනිසා balance එක පවත්වා ගැනීම ගොඩක් ලේසියි.
High heels දන්නා අසාවෙන් ඉදලා විදින්න අමාරු වෙයි කියලා හිතුව අයට තමයි මේ tips ටික ගෙනාවේ.ඉතින් ඔයත් try කරලා බලන්නකෝ.



