සාර්ථකත්වය කියන්නේ මොකක්ද? ඔයා එක එක උත්තර දෙයි.හොද රැකියාවක් කරන එක, හොද පවුල් ජීවිතයක් ගත කරන එක. එක එක අංශවලින් විවිධ විදියට සාර්ථක වුණ අය ඉන්නවා. සාර්ථකත්වය ඇතුළේ සතුට, ආරක්ෂාව ,සෞඛ්ය සම්පන්න වීම මේ හැම දේම තියෙනවා. ඔයාට මොන විදියට සාර්ථක වෙන්න වුවමණා වුණත් මේ කියන්න යන කාරණා 06 ඒ හැමදේටම ගොඩක් වැදගත් වෙයි.
ශක්තිමත් මනසක් හදා ගන්න

අපි ජීවිතේ විවිධ දේවල් කරන්න උත්සහ කරනවා.සමහර වෙලාවට ඒ දේවල් අසාර්ථක වෙනවා.ඒ වගේ වෙලාවකදි ඔයාගෙ මනස ශක්තිමත් නැත්නම් ඔයා ඒ දේ අත ඇරලා දායි.එහෙම කෙනෙක්ට කිසිම දවසක සාර්ථක වෙන්න නම් බැහැ.උත්සහය අත අරින්න එපා.එක ක්රමයකින් කරන්න බැරි නම් තව විදියකට උත්සහ කරන්න.ඔයා අභියෝගයකට මුහුණ දෙන කොට ඒකෙන් ජය ගන්න අලුත් ක්රම හොයා ගන්න. දැනුම වර්ධනය කර ගන්න.
හැගීම් පිළිබද බුද්ධිය වර්ධනය කර ගන්න

සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරනකොට ඔයාට විවිධ පුද්ගයින් මුන ගැහෙනවා.එතකොට ඒ අයගේ හැගීම් හදුනා ගන්න, එක කරන්න පුලුවන් ඒ ගැන දැනුමක් තියන කෙනෙක්ට විතරයි. ඒ වගේම එහෙම හැකියාවක් තියන කෙනෙක්ට අනෙක් අයගේ සහය අඩුවක් නැතුවම ලැබෙනවා. හැමෝටම සවන්දෙන්න. ඒ වගේම ඒ අයගේ හැඟීම් ඔයාගෙ පැත්තෙන් හිතලා බලන්න. එතකොට ඔයාට ඒ ගැන හරිම තීරණයක් ගන්න ලේසි වෙයි.
ධනාත්මක වෙන්න

කිසිම වෙලාවක නැහැ බැහැ කියලා හිතන්න එපා. ඉලක්කයක් තියා ගන්න.කොටසින් කොටස අරමුණ ළඟට යන්න. අනෙක් අයවත් දිරි ගන්වන්න.ඔයාගේ හැකියාවන් වර්ධනය කර ගන්න පුලුවන් දේවල් වල නිරත වෙන්න.ඔයාට වඩා ඉදිරියෙන් ඉන්න අයගෙන් මිතුරන්ගෙන්, උපදේශයන්ගෙන් අදහස් ගන්න බය වෙන්න එපා. එයාල ඔයාට යන්න හොදම මාර්ගය කියාදේවී, ඒ වගේම ඔයාව සතුටින් තියාවි.
අධිශ්ඨානය

සාර්ථකත්වය හොයන ඕනම කෙනෙක් ළඟ තියෙන්නම ඕනේ දෙයක් තමයි අධිශ්ඨානය කියන්නේ. ඒ කියන්නේ අභියෝග එක්ක නොවැටී සිටීම. ඔයාට කරන්න ඕනේ දේවල් කරන්න බෑ කියලා හිතන්න එපා. “මම ඒක කොහොම හරි කරනවා” කියන සිතුවිල්ල හැම වෙලාවකම තියා ගන්න.
Motivations

හැම වෙලාවෙම ඔයා ඔයාවම දිරිගන්වන්න. කවුරුන් හෝ කියන දෙයක් නිසා හෝ පොළබවන නිසා නෙවෙයි, ඔයා ඔයාට කරන්න අවශ්ය දේ ගැන සතුටින් හිතන්න. බොහෝ අය පටන් ගැනීමේදී ඔයා එක්ක හිටියත් සමහර වෙලාවට ඔවුන් දිගටම ඔයා එක්ක ඉන්නේ නැහැ .ඔයාව දිරිගන්නවනවා වෙනුවට ඔයාව පහත් කරන්න උත්සහ කරාවි. නමුත් ඒ හැම වෙලාවකම ඔයා ඔයාව දිරිමත් කරන්න. බය වෙන්න එපා. ඔයා ඔයාවම තව කෙනෙක් එක්ක Compare කරන්න එපා.
කරන දේ ගැන හැම විටම විමසිලිමත් වෙන්න

ඔයා කරන වැඩේ ගැන හොද අවධානයක් දෙන්න. ඔයා ඉන්න මට්ටම ගැන හොයලා බලන්න. ඒ මට්ටම වැඩි දියුණු කර ගන්න ආකාරය සැලසුම් කරන්න.එතකොට සාර්ථක වෙන එක simple
ඉතින් මෙන්න මේ දේවල් කලොත් ඔයාට සාර්ථකත්වය කියන්නේ ඒ තරම් දුරක තියන එකක් නෙවෙයි කියලා ඉක්මනටම තේරේවි



