Like
Like Love Haha Wow Sad Angry

කොරෝනා වෛරස් එක පැතිරීමත් එක්ක හැමෝටම ගෙදර ඉන්න සිද්ද වුණා.ඒ නිසාම අපි අලුත් අලුත් කෑම බීම අත්හදා බලන්න පුරුදු වුණා. හැබැයි ඒ කෑම වල පෝෂ්‍යදායි බව ගැන ඒ තරම් සැලකිලිමත් වුනේ නෑ නේද? ඒ කොහොම වුණත් මේ කාලයේ සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ගන්න එක ඉතාම වැදගත්. ඒ මොකද කියනවනම් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය හදන ප්‍රධානම දේ තමයි කෑම කියන්නේ.ඉතින් අපි මේ බලන්න යන්නේ මේ කොරෝනා කාලේ කන්න හොදම දේවල් මොනවද බලන්න.

හැකිතරම් එළවලු පළතුරු කන්න.

හොද ප්‍රතිශක්තියක් ලැබෙන්න නම් එළවලු පලතුරු පුළුවන් තරම් කෑම වේලට එකතු කර ගන්න ඕනේ.ඒ වෙනුවෙන් දවසකට එළවලු පලතුරු 400gක්වත් කන්නම වෙනවා.නිතරම fresh Vegetables, fruits කන්න පුළුවන් නම් ගොඩක් හොදයි. විවිධ වර්ණ වල පලතුරු කෑමට එකතු කර ගන්න එකෙන් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග සියල්ලම ලබා ගන්න පුළුවන්.ඒ නිසා පුළුවන් තරම් එළවලු පලතුරු මිලදී ගන්න අමතක කරන්න එපා.

ඇට ජාති ගොඩක් කන්න

Carbohydrate තියෙන නිසා ධාන්‍ය වර්ග කන එක ගොඩක් හොදයි.ඒකෙන් ඇඟට හොද ශක්තියක් වගේම නිරෝගී කමක් ලැබෙනවා.ඒ වගේම සාමාන්‍ය හාල් වෙනුවට නිවුඩු හාල් බත් කන්න පුලුවන්නම් තවත් හොදයි.

තෙල් කෑම කන්න කලින් බලන්න

තෙල් කෑම වර්ග ඕනේ තරම් තියෙනවා.ගොඩක් වෙලාවට අපි ලේසියට කන්නෙත් තෙල් , පිටි අධික ආහාර.ඒ නිසා අපි කෑම උයනකොට පුළුවන්තරම් Vegitable oil පාවිච්චි කරනවානම් හොදයි.සත්ව තෙල් වල අධික මේදය තියෙනවා.මේදය ගොඩක් තින කෑම කෑවොත් ඔයා කොරෝනා ඉවර වෙනකොට cholesterol හදාගෙන ඉදියි.

තෙල්, සිනි, ලුණු ගොඩක් කන්න එපා.

Woman eating and enjoying Japanese meal in luxury restaurant.

Cookies, chips, chocolate වගේ දේවල් ගොඩක් කන්න එපා. ඒකෙන් ලොකු කැලරි ප්‍රමාණයක් ලැබෙන නිසා ඇගට දරාගන්න අමාරුයි. Heart attack වගේ ලෙඩ වලට මුල් වෙන්නේ මේ වගේ කෑම. ඒ නිසා ඒ ජාතියේ කෑම පොඩ්ඩක් කන්න.

එක් වරකට පොඩ්ඩක් කන්න

දවසකට අනිවාර්යෙන්ම කෑම වේල් තුන ගන්න අපි අමතක කරන්නේ නැහැ. ඒත් අපි ඒ වේල් තුනමටම ලොකු කෑම ප්‍රමාණයක් කනවානම් ඒකෙන් ඔයා අසනීප වෙන්න පුළුවන්.ඒ නිසා අපේ ඇගට දරාගන්න පුළුවන් ප්‍රමාණයට විතරක් කෑම ගන්න අමතක කරන්න එපා.

සත්ව කෑම වෙනුවට ශාක ආහාර ගන්න

සත්ව කෑම වල තියන ප්‍රෝටීන් අපිට ශාක සම්බන්ද කෑම වලිනුත් ලබා ගන්න පුළුවන්. ධාන්ය වර්ග, එළවළු වල ඕන තරම් ප්‍රෝටීන් තියන නිසා තෙල් එක්ක මස් මාළු කනවට වඩා ගුණදායි ශාක ආහාරයක් ගන්න පුළුවන් නම්.

තෙතමනය තියා ගන්න

කිසිම වෙලාවක ඇග වියලෙන්න දෙන්න එපා.වතුර තමයි ඔයාට ගන්න පුළුවන් හොදම ලාබම Drink එක.ඒ වගේම fresh Fruit juice, කෝපි, තේ වගේ දේවලුත් බොන්න පුළුවන්. ඇගේ තෙතමනය රදවා ගන්න පුළුවන් ඕනෑම දෙයක් ඔයාට බොන්න පුළුවන්.

විටමින් D එකතු කර ගන්න.

උදෑසන නවය වෙනකල්ම ස්වභාවික ඉර එළියෙන් ඔයාට නොමිලේම විටමින් D ගන්න පුළුවන්. එක එක වයස් වලට ලැබෙන්න ඕනේ විටමින් ප්රමාණය වෙනස් වෙනවා. ගෙදර ඉන්න ගමන් ජනේලය ළඟට , බැල්කනියට ගිහින් පොඩි වෙලාවක් ඉර එලියට නිරාවරණය වෙන්න ඔයාට පුලුවන්.

Shopping කරනකොට පරිස්සම් වෙන්න.

කෑම ගන්න market එකට ගියාම ගොඩක් පරිස්සම් වෙන්න. ගොඩක් කෑම වර්ග ගන්න එපා. පුද්ගලයින් අතර දුර තියාගන්න. ගන්න වුවමණා දේවල් විතරක් අල්ලන්න. කෑම ගන්න market යනවනම් මේ දේවල් අනිවාර්යෙන් මතක තියා ගන්න.

කෑමවල Safety එක බලන්න

කෑම හදන වෙලාවට කෑම වල safety එක ගැන ඔයා බලාගන්න ඕනේ. ඒ නිසා ආහාර පිසින්න කළින් අත් විනාඩි 20ක් සෝදන්න. Mask එකක් ගෙන කෑම උයන්න පුළුවන් නම් තවත් හොදයි. මොකද ඔයා හදන කෑම ගෙදර හැමෝම කනවනේ. ඒ අයගේ පරිස්සමත් තියෙන්නේ ඔයාගේ අතේ කියන එක අමතක කරන්න එපා.

ඉතින් මේ කොරෝනා කාලේ කෑම කනකොට පරිස්සම් වෙන්නේ කොහොමද කියන එක ඔයා දැන් දන්නවනේ. පරිස්සමෙන් ඉන්න. ඔයා හදන කෑම වලින් තමයි ඔයාගේ ගෙදර අයත් පරිස්සම් වෙන්නේ කියන එක අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here