Like
Like Love Haha Wow Sad Angry

කෝපි කියන්නේ ඕනෑම කෙනෙක් ආස කරන දෙයක්. සමහර අයට කෝපි නැතුවම බැරි දෙයක්. හැබැයි නිතරම කෝපි බොන එකේ තව ගොඩක් පැති තියෙනවා. ඉතින් කෝපි වලට ආස අයට මේක ගොඩක් වැදගත් වෙයි.

කළු කෝපි වල පෝෂණය

සාමාන්‍යයෙන් කෝපි හදන්නේ වතුර සහ කෝපි ඇට එක්ක.හැබැයි අපි කෝපි බොනකොට කිරි සිනි දාල බොනවා වගේම සමහර අය කෝපි නිකන්ම බොනවා. ඒ කොහොම වුණත් කෝපි වල තියන පෝෂක සංඝටක නම් මේ විදියට තමයි තියෙන්නේ.

  • 0% මේදය
  • 0% කොලෙස්ටරෝල්
  • 0% සෝඩියම්
  • 0% සීනි
  • 4% පොටෑසියම්
  • 0% කබෝහයිඩ්‍රේට්

කෝපි වලින් ලැබෙන Benefit

කෝපි බොන එකෙන් ඔයාට ගොඩක් benefit තියෙනවා.අපි බලමු ඒ මොනවද කියලා

හදවතත් රෝග අඩු කරනවා

කෝපි වල තියන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ඒකෙන් ඔයාගේ රුධිර පීඩනය පාලනය කරනවා.ඉතින් දවසකට කෝපි කෝප්පයක් බොන කෙනෙක්ට හදවත් රෝග ඇති වීමේ අවධානමක් නැහැ.

මතකය වැඩි කරනවා

පාඩම් කරන කෙනෙක් නම් ඔයාට මතක තියා ගන්න එක ටිකක් අමාරු ඇති. හැබැයි ඔයා කෝපි බොන කෙනෙක් නම් බය වෙන්න දෙයක් නෑ. මොකද කෝපි වලින් ඔයාගේ මතක වැඩි කරනවා.

අක්මාව පිරිසිදු කරයි

මේ ගැන නම් ගොඩක් අය දන්නේ නෑ.කොහොම වුනත් ඔයා දිනපතා කෝපි පානය කරනවානම් අක්මා පිළිකා, අක්මා රෝග, Hepatitis වගේම cirrhosis වගේ රෝග පවා වැළදෙන එක නතර කරන්න පුළුවන්.

අමාශය පිරිසිදු කරයි

ශරීරයේ අපිට අහිතකර බැක්ටීරියා ගොඩක් තියෙන්නේ අමාශයේ. ඉතින් ඒ බැක්ටීරියා විනාශ කරන්න පුළුවන් හැකියාවක් කෝපි වලට තියෙනවා.

බර අඩු කරයි

කෝපි බොන එකෙන් බර අඩු වෙයි කියල ඔයා හිතුවද? හැබැයි ඔයාට දිනපතා කෝපි කෝප්පයක් බොන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ඔයාගේ බර ඉක්මණට අඩු කර ගන්න. ඔයා exercise කරන්න විනාඩි 30කට කලින් කෝපි එකක් බොන්න පුළුවන් නම් ඒක ගොඩක් හොදයි.

කෝපි වල අතුරු ප්‍රතිඵල

කෝපි වල තියන හොද පැත්ත වගේම එකෙන් වෙන්න පුළුවන් අතුරු ප්‍රතිඵලත් තියෙනවා.

කෝපි වැඩිපුර පානය කිරීමෙන් මානසික ආතතියක් ඇති වෙන්න පුළුවන්.ඒ නිසා කෝපි වැඩියෙන් බොනකොට බයක් කම්පනයක් දැනෙන්න පුළුවන්.ඒ වගේම කෝපි වලින් ඔයාගේ නින්දට බාදා ඇති වෙන්න පුළුවන්.ඒ නිසා නින්දට යන වෙලාවට කෝපි බොන්න එපා.

ගොඩක් කෝපි බිව්වොත් ඔයාට මල බද්දය හැදෙන්න පුළුවන්.

යකඩ, සින්ක්, කැල්සියම් වගේ ඛනිජ ලවණ පහසුවෙන් ඇඟට අවශෝෂණය කර ගන්නත් කෝපි බොන කෙනෙක්ට අමාරුයි.

කෝපි එකක් හදා ගන්නේ කොහොමද?

කෝපි හදන්න හොදම ක්‍රමය තමයි කෝපි ඇට ගෙනල්ලා කුඩු කර ගන්න එක.ඕනේ නම් වෙළදපලේ Coffee powder මිලදී ගන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් කෝපි ඇට කුඩු කරගෙන පානය කරන එක තමයි හොදම ක්‍රමය.ඔයා කෝපි හදනකොට ඒකට කිරි, සීනි එකතු කරගෙන රස ගන්නවා ගන්න පුළුවන්.

ඔයා කලින් කෝපි වලට ආසාවෙන් හිටපු කෙනෙක් නම් මේ විස්තර ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති.ඒ වගේම කෝපි වලට උනන්දුවක් නැති කෙනෙක් නම් කෝපි බොන්න ආසා හිතෙන්න ඇති.හැබැයි ඕනවට වඩා කෝපි බොන්න හොද නෑ කියන එක අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here