අන්නාසි කිව්වම අපේ කටට කෙල උනන රසයක්නේ එන්නේ. මොකද අන්නාසි කන්න හැමෝම කැමති.අන්නාසි වල තියන ඇඹුල් මිශ්‍ර පැණි රස ඕන කෙනෙකුට කෑම කන්න තියන ආසාව තවත් වැඩි කරනවා. සමහර අයට නම් අන්නාසි අගුණයි.මොකද allergies වෙනවනේ.ඒ කොහොම වුණත් අන්නාසි වලට කැමති අයට රසම රස කෑමක් හදන විදිහ ගැන අද මම කියන්නයි යන්නේ.ඉතින් අපි බලමු අන්නාසි mix කරපු Cheese sandwich හදන්නේ කොහොමද කියල අපි බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය

- කුඩාවට කපා ගත් අන්නාසි
- කැරට් කොප්ප 1/4
- ඉරා ගත් ගෝවා කොළ දෙකක්
- සලාද කොළ දෙකක්
- මයෝනීස් කෝප්ප 1/2
- සුදු පාන් පෙති දෙකක්
- චීස් කැබැල්ලක්
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- ලුණු කුඩු ස්වල්පයක්
සදාන ක්‍රමය
- අන්නාසි සහ කැරට් කුඩාවට කපා ගන්න
- මයෝනිස් සමඟ එළවළු සහ අන්නාසි mix කර paste එක සාදාගන්න
- පාන් පෙත්තක් ගෙන එහි මයෝනිස් ආලේප කරන්න.
- ඒ මතින් සලාද කොලයක් තබා සදා ගත paste එක අතුරන්න.
- අනෙක් පාන් පෙත්තේද මයෝනිස් තවරන.
- චීස් පෙත්තක් තබා සැන්ඩ්විච් ආකාරයට සකසා ගන්න.
ඔන්න ඉතින් අන්නාසි රසට සැන්ඩ්විච් එක ලෑස්ති. විනාඩි පහලවක් වගේ පොඩි කාලෙකින් ඔයාට පුළුවන් මේ සැන්ඩ්විච් එක හදා ගන්න. උදේ කෑම හදන්න කම්මැලි වෙලාවට ඔයාට මේ වගේ සරල දෙයක් හදා ගන්න පුළුවන්. යාලුවොත් එක්ක picnic එකක් යද්දී අරගෙන යන්න, බබාලට school ගෙනියන්න විතරක් නෙවෙයි, හවසට තේ බොන්නත් ඔයාට චීස් සැන්ඩ්විච් එක්ක Pineapple Coleslaw හදා ගන්න පුළුවන්.



