Like
Like Love Haha Wow Sad Angry
1

Dry Skin එකක් කියන්නේ ඉක්මණට හානි වෙන්න පුළුවන් සමක්. ඉක්මනට Skin එක damage වෙනවා. ඒ වගේම ඉක්මණින් වයසට යන්නත් බලනවා. ඔයා මොනතරම් දේවල් කලත් තවමත් skin එක බේරගන්න පුළුවන් වුණේ නැහැ නේද? ඉතින් මම අද කියන්නම් ඔයාගේ dry වෙලා තුයෙන skin එක protect කරගන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක්.
ඒ හැමදේටම කළින් බලමු ඇයි අපේ skin එක dry වෙන්නේ කියලා

Skin එක dry වෙන්නේ ඇයි?

  • නිතරම AC භාවිතය
  • අධික ලෙස හිරු එළියට නිරාවරණය වීම
  • අඩුවෙන් වතුර බිම
  • කාලගුණය
  • සමේ තෙතමනය අඩුවීම
  • Sun Cream සහ Moisturizer වර්ග භාවිතා නොකිරීම

සම වියළීමෙන් සිදු වන දේ

  • සම අවපැහැ වීම
  • සම ඉරි තැලීම
  • සම රැළි වැටීම
  • සමේ කොරළ සෑදීම
  • ඉතා ඉක්මනින් අළුහම් වැනි ආසාදන ඇති වීම
  • වයසට වඩා වැඩි පෙනුමක් ගැනීම
  • සම ගැලවී යාම

මොනවද කරන්න පුළුවන්

වතුර බොන්න

හැමදාම, හැම වෙලේම , හැමෝම කියන කතාවක් තමයි හොබ්දට වතුර බොන්න කියන එක. ඇත්තටම වතුර බොන්න කියන්නේ කට කහනවට නෙමෙයි. වතුර කියන්නේ විෂ නසන, ලෙඩ රෝග රැසකට ඖෂධයක්. විශේෂයෙන්ම අද අපි වතුර බොන්න කියන්නේ Skin එක dry වෙන එක control කරන්න. මොකද සිරිරට අවශ්‍යයි ජලය.ඒ අවශ්‍ය ජලය මදි වුණාමත් අපේ skin එක dry වෙන්න බලනවා. ඒ නිසා න්කිත්රම මතක කර කර වතුර බොන්න.

ඒ වගේම වැඩියෙන් ජලය තියෙන කොමඩු වගේ පළතුරු කෑමට එකතු කරගන්න. කොමඩු කන්න පුළුවන්, juice හදලා බොන්න පුළුවන්. කොමඩු වලින් ශරීරයට අවශ්‍ය ජලය ලබාදෙනවා වගේම සම සිසිල් කරනවා. අනිත් එක කොමඩු වල විටමින් වර්ග බොහොමයක් තියෙන නිසා ඉතාමත් ගුණදායකයි.

වතුර වගේම කොමඩු වලින් සමේ තෙතමනය ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි සම පැහැපත් කරන්නත් උදව් වෙනවා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි නේද. ඒ කොරෝම වුණත් නිතරම වතුර බොන්න ඕනේ කියන එක නම් අමතක කරන්න එපා.

හොඳ Face wash එකකට මාරු වෙන්න

Face wash නම් අපි හැමදාම උදේ හවස use කරනවනේ. හැබැයි හැමෝම කරන නිසාවත්, පුරුද්දට්වත් Face wash නම් use කරන්න එපා. මොකද සමේ තියෙන අනවශ්‍ය කුණු, දුවිලි ඉවත් කරන්න, සම ආරක්ෂා කරගන්න තමයි Face wash එකක් use කරන්නේ. එහෙම එකේ ඔයා දැනගන්න ඕනේ දෙයක් තමයි skin type එකට ගැළපෙන Face wash එකක් තෝරාගන්න.

ඔයාට තියෙන්නේ dry skin එකක්නේ.ඒ නිසා ඔයා තෝරාගන්න ඕනේ dry skin එකට ගැලෙපන Face wash එකක්. Strawberry සහ ජෝජෝබා කියන්නේ සමේ තෙතමය හොඳින් ආරක්ෂා කරන ingredients දෙකක්. මේ දේවල් අඩංගු වෙලා තියන හෝදන face wash එකක් use කරන්න පුළුවන් නම් ඔයාට ඉක්මණින් සමේ dry ගතිය නැති කරගන්න පුළුවන්.

මේ දේවල් අඩංගු වෙලා තියෙන face wash එකක් අපේ hello ladies web store එකෙන් order කරලා වුනත් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

Sun Cream හෝ Moisturizer එකක් Use කරන්නත් අමතක කරන්න එපා

හැමදේම කරනවත් එක්කම හොඳ Sun Cream එකක් use කරන්නත් අමතක කරන්න එපා. මේ කියන්නේ අව්ව තියෙන වෙලාවට එළියට යනකොට විතරක් නෙමෙයි දවල් වෙලාවේ කාමරයකට වෙලා හිටියත් ඔයා Sun Cream එකක් use කරන්න ඕනේ. හොඳ moisture ගතියක් තියෙන හොඳ Sun Cream එකක් use කරන්න. ඒකෙන් ඔයාගේ සමේ තියෙන dry ගතිය නැති වෙලා සමේ තෙතමනය ආරක්ෂා කරනවා.

එහෙම නැත්නම් ඔයාට පුළුවන් හොඳ day cream එකක් use කරන්නත් . සමේ ph අගය balance කරලා සමේ තෙතනය ආරක්ෂා කරන්න. ඒ වගේම හිරු එළියෙන් සමට වෙන හානිය අවම කරන්න,අවපැහැය නැති කරන්න සහ pigmentation ඇති වීම වළක්වන්නත් හොඳ Moisture ගතියක් තියෙන day cream එකකට පුළුවන්.

ඉතින් කෝමාරිකා, රෝස පෙති සහ වැල්මී කියන්නේ මේ කියපු හැම ප්‍රශ්නෙකින්ම සම ආරක්ෂා කරන්න පුළුවන් දේවල්. ඒ නිසා මේ දේවල් අඩංගු වෙලා තියෙන හොඳ Fairness Cream එකක් Use කරන්න පුළුවන් නම් skin එක dry වෙන එක බලාගෙන ඉද්දි නැති කරගන්න පුළුවන්.

ඔයාට පුළුවන් මේ කෝමාරිකා, රෝස පෙති සහ වැල්මී අඩංගු වෙලා තියෙන Fairness Cream එකක් අපේ hello ladies web store එකෙන් order කරගන්නත්.

ඔයා මේ විදිහට මේ කියපු දේවල් එක දිඟට මාස 2 – 3ක් කරලා බලන්න. එතකොට ඔයාටම වෙනස දැනෙයි. හැබැයි ඔයා මේ දේවල් හරියටම කළොත් සතියෙන් දෙකෙන් ඔයාට ඔයාගේ skin වෙන වෙනසක් දැනෙයි. කිසිම වෙලාවට කිසිම දෙයක් අතඅරින්න එපා. ලස්සන වෙන එක අතාරින්න එපා.ඔයා ඔයාම වෙන්න.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here