Like
Like Love Haha Wow Sad Angry

මෙනික්‍යු සහ පෙඩික්‍යු වලදී සිදු කරන්නේ දෑත් සහ දෙපා පිරිසිඳු කිරීම. මේ දෙක මඟින් ඔයාගේ දෑත් සහ දෙපා පැහැපත් කර ගන්න පුළුවන්. ගොඩක් අය මුහුණ ගැන උනන්දු වන තරම්, දෑත් සහ දෙපා වල සුන්දරත්වය ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔයාට මතක ඇති අපි මීට කලින් ගෙදරදීම අඩු වියදමකින් පෙඩික්‍යු කරන හැටි කියලා දුන්නා. හැබැයි අද කියලා දෙන්න යන්නේ ගෙදරදීම අත් දෙකට මෙනික්‍යු එකක් කරගන්න විදිහ ගැනයි.

මෙනික්‍යු කිරීමේ වාසි

  • දෑත් වලට පෝෂණයක් ලැබීම
  • රුධිර සංසරණය ක්‍රමවත් වීම
  • මාංශ පේශී ශක්තිමත් වීම
  • මැරුණු සම ඉවත් වීම
  • මානසික සහනය ඇති වීම

මෙනික්‍යු එකක් ගෙදරදීම සිදු කරගන්නේ මෙහෙමයි.

  • ඔයාගේ දෑත් හොඳින් පිරිසිඳු කර ගන්න. ඒ සඳහා ෂැම්පු සහ ඩෙටෝල් මුසු කළ ජලය භාවිතා කරන්න.
  • බ්‍රෂ් එකකින් අතේ නියපොතු හොඳින් පිරිසිඳු කර ගන්න
  • පසුව අත් දෙක හොඳින් පිස දමන්න.
  • ගල්වා තිබූ නිය ආලේපන ඉවත් කර නියපොතු කපා ගන්න.
  • ඉන්පසුව ඔයාගේ සැමට ගැළපෙන ස්ක්‍රබ් එකක් ගෙන දෑත් හොඳින් ස්ක්‍රබ් කරන්න
  • පැක් එකක් දමා පැය භාගයකින් පමණ ඉවත් කරන්න.
  • ක්‍රීම් එකක් ගල්වා හොඳින්’ සම්බාහනය කරන්න.
  • උණුසම් තුවායකින් දෑත් හොදින් පිසදමන්න.
  • දැන් මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කරන්න.

ඔයාගේ නිරෝගී බව රැක ගන්න නම් දෑත් නිතරම පිරිසිදුව තියාගන්න ඕන. ඒ නිසා සතියකට දින 4ක් වත් මේ විදහට මෙනික්‍යු එකක කරගන්න. නිකරුනේ සැලුන් වලට වියදම කරන්නෙත් නැතුව නිවසේ අඩු වියදමකින් මෙම මෙනික්‍යු එක කරගන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here