ඔයා නිතරම නියපොතු ටික ලස්සනට තියාගන්න උත්සහ කරන්නවා. Manicure සහ Pedicure කරලා නිතරම අත් වල සහ දෙපා වල නියපොතු පිරිසිදුව සහ ලස්සනට තියාගන්නවා.ඒත් සමහර girlsගේ නියපොතුවල විවිධ ආසාදන තත්වයන්, දිරා යෑම් ඇති වෙනවා.ගොඩක් වෙලාවට මේ තත්වය ඇති වෙන්නේ ඔයාගේ නියපොතු මත පුස් සහ දිලීර වැනි දේවල් වර්ධනය වීම හේතුවෙන්.මෙය සුලභව දකින්න ලැබෙන දෙයක්. අපි අද බලමු මෙවැනි තත්වයකදී ඔයාට කරන්න පුළුවන් පිළියම් මොනවද කියලා.
මෙම තත්වය ඇති වෙන්නේ ඇයි?

ඔයාගේ නියපොතු මත පුස් සහ දිලීර වැනි දේවල් ඇති වෙන්න විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම ඔයාගේ සිරුරේ කැල්සියම් ඌණතාවය ඇති වුණාම. ඒ වගේම නිය අලංකරණය කටයුතු වලදී නියපොතු අග අනවශ්‍ය ලෙස පිරිසිදු කිරීම, සබන් වර්ග වලින් නිතර නිතර අත් පා සේදීම, nail polish, nail remove දිනපතා හෝ අධික ලෙස භාවිතා කිරීම, නිය පොතු කැපීමේදී නිය මල ආශ්‍රිත තුවාල වීම සහ සිරුරේ උෂ්ණ රෝග ද නියපොතු දිරා යාමට බලපානවා.
එහි රෝග ලක්ෂණ

- නියපොත්තේ කොටසක් හෝ මුළු නියපොත්තම සුදු පැහැ වීම
- දිරීම් ලකුණු පෙන්වමින් කොන්වලින් කැඩී යාම
- නිය මුල රතු පැහැ වීම
- නිය මුල සම සිනිදු වීම
- ඉදිමීම හෝ ඇඟිලි අග දැවිල්ල
- නිය මල අසල සැරව සහිත වීම
- නිය පොතු අවපැහැ ගැනීම
- ඇඟිලි අග නියපොත්තේ දෙපැත්ත කළු වීම
- අධික වේදනාවක් ඇති වීම
- ඇඟිලි තුඩු ඇදුම්කන ස්වභාවය
මෙම රෝගයට ප්‍රතිකාර
- දෙහි දලු, අමු කහ, උදුපියලි සමවගෙන සිහින්ව අඹරා ගන්න. එය රාත්‍රියට රෝගී නියපොත්තේ ගා බුලත් කොළයකින් වසා රැයක් තිබෙන්නට තබන්න. පසු දින උදෙන්ම නියපොත්ත හෝදන්න. නොකඩවා මෙම ප්රතිකාරය දින 21 ක් කළොත් පහසුවෙන්ම මේ රෝගය සුව කරගන්න පුළුවන්.
- ඒ වගේම වෙනිවැල්ගැට තැම්බූ වතුර, අමු කහ වෙනිවැල්ගැට තැම්බූ වතුරවලින් ආසාදිත අත් පා සෝදන්න. හොඳම ක්‍රමය තමයි මේ තැම්බූ වතුර, බේසමකට දාලා නිවුනට පස්සේ අත් පා බේසමේ දමාගෙන ටික වෙලාවක් ඉන්න එක.
- කිසිම වෙලාවක රෝගී නියපොත්තේ සබන්, තෙල් ඉඳුල් ගාවන්න එපා. රෝගී නියපොත්ත තියෙන්නේ අතේ ඇඟිල්ලක නම් ප්‍රතිකාර කරන කාලය තුළ හැන්දකින් කෑම ගන්න. ඒ වගේම රෝගී නියපොත්ත කකුලේ තියෙනවා නම් ඒ කාලය පුරාවට සපත්තු දාන්න එපා. එමෙන්ම ඇළ දොළ ගංගා හෝ මඩ මිශ්‍ර වතුර ගෑවෙන්න දෙන්නත් එපා.
මේ ප්‍රතිකාර වලින් පස්සේ ඔයාගේ දෑත් වලට නම් හොඳ moisturizer එකක් භාවිතා කරන්න. ඒ වගේම දෙපා වලට නම් foot care cream එකක් භාවිතා කරන්න. මොකද එමඟින් ඔයාගේ දෑත් වල සහ දෙපා වල වියළි බව නැති කරලා තෙතමනය රැක දෙන්න උදව් වෙනවා. විශේෂයෙන්ම කෝමාරිකා සහ ආමන්ඩ් අඩංගු moisturizer එකක් සහ කහ, සල් ශාකයේ ඉටි අඩංගු foot care cream එකක් භාවිතා කරන්න පුළුවන් නම් ඔයාට වඩාත් හොඳ ප්රතිපල ලබා ගන්න පුළුවන්.



