බිත්තර කෑමට ගත්ත වෙලාවෙ ඉඳං බඩ රිදෙන ගතියක්, පළු දැමීමක් වගේ ලක්ෂණ ඔයාටත් තියෙනවද? එහෙනං ඔයාට බිත්තර ආසාත්මිකතාවයක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාට බිත්තර allergy.බිත්තර සුදු මදයේ හෝ කහ මදයේ තිබෙන ප්‍රෝටීන් එක්ක ඔයාගෙ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධි ක්රියාකාරීත්වයක් දක්වන්නට ගියොත් තමයි මේ ආසාත්මිකතාවයන් ඇති වෙන්නෙ.
හිතන්නකෝ,බිත්තර ආසාත්මික වෙන අය බිත්තරයක් ආහාරයට ගත්තා කියලා.එයාලගේ ඇඟට බිත්තරෙන් ලැබෙන ප්‍රෝටීන් දිහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලන්නෙ සතුරෙක් විදියට.අන්න ඒ නිසා ඒ ප්‍රෝටීනවලට පහර දෙන්න ප්‍රතිශක්තිකරණ පද්ධතිය කටයුතු කරනවා.ඉතින් ඒ ප්‍රහාරයට ඕනෙ කරන රසායන ඇඟ ඇතුලෙම නිපදවා ගන්නවා.
Nutrition Specialistsලාගේ මතය තමයි දරුවන්ගෙන් 2%ක් බිත්තර ආසාත්මිකතාවයෙන් පෙළෙනවා කියලා.කොහොම වුණත් බිත්තර ආසාත්මිකතාවයට ගොදුරුවෙලා ඉන්න ළමුන්ගෙන් 70%ක් වයස අවුරුදු 16 වන විට එම ආසාත්මිකතාවයෙන් සුවය ලබන බවත් ඔවුන් පවසනවා.
බිත්තර ආසාත්මිකතාවයක් ඇති වුණාම ශරීරයේ පුංචි පළු දැමීමක ඉඳලා සිහිසුන් වීම දක්වා තත්ත්වයන්ට අපි පත් වෙන්න ඉඩ තියෙනවා.
බිත්තර ආසාත්මිකතාවයක ලක්ෂණ මෙන්න මේ වගේ වෙන්න පුළුවන්

- වමනය
- බඩේ කැක්කුම
- අජීර්ණය
- පාචනය
- හතිය
- කෙටි හුස්ම හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයන්
- නොකඩවා පවතින කැස්ස
- උගුරේ තද ස්වභාවය හෝ කටහඬ වෙනස්වීම
- දුර්වල නාඩි වැටීම
- සම සුදුමැලිවී හෝ නිල් පැහැ වීම
- දිව/ තොල් ඉදිමීම
- කරකැවිල්ල
රෝගය හඳුනා ගැනීම සඳහා ඇති රුධිර පරීක්ෂණ

- immunoglobulin E – IgE
- Food allergy panel
- FBC
ඉතින් ඔයාට මේ වගේ රෝග ලක්ෂණ මතු වෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ උපකාර ලබා ගත යුතුයි.මොකද සමහර allergy නිසා මිය යෑමේ හැකියාවද තියෙනවා.ඒ නිසා මොන ආසාත්මිකතා තත්වයක් ඇති වුණත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම නම් අමතක කරන්න එපා.



