Like
Like Love Haha Wow Sad Angry
3

දැන් කිව්ව දේ දැන් මතක නැද්ද? එහෙනම් ඔයාට අමතක වෙන ලෙඩේ තියෙනවා කියලා මම කියන්නේ නැහැ. දීර්ඝ කාලීනව අමතක වෙන තත්වයක් තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඇල්සයිමර් රෝගය වෙන්න පුළුවන්. හැබැයි අද Hello Ladies අපි කතා කරන්නේ මේ අමතක වන රෝගය ගැන නම් නෙමෙයි. අද අපි කතා කරන්නේ ඉදලා හිටලා අමතක වෙන අයට වැදගත් දෙයක්. අමතක වන එක හොඳ දෙයක් නෙමෙයිනේ.මොකද එහෙම වුණාම අපිට ක‍රන්න තියෙන වැඩ වුණත් miss වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද අපි බලමු මේ අමතක වීම නැති කරගන්නේ කොහොමද කියලා. මම අද ඔයාට ඒකට tips කිහිපයක කියලා දෙන්නම්

සීනි අඩු කරන්න

සීනි කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්.හැබැයි එහෙමයි කියලා තේ එකට සීනි හැඳි තුන හතරක් දාලා බොන්න ලෑස්ති වෙන්න එපා.ඒ වගේම කෑම වුණත් අධික සීනි තියෙන ඒවා කාන්න එපා.අපි අනිත් දේවල් වලට limit තියාගෙන ඉන්නවා වගේම කන කෑම බීම වලටත් limit එකක් තියාගන්න ඕනේ. ඇයි මම මෙච්චර සීනි ගැන කතා කරන්නේ. සීනි වලට පුළුවන් අපේ මතකය අඩු කරන්න. ඒ විතරක් නෙමෙයි දියවැඩියාවට අමතරව විවිධ නිදන්ගත රෝග වලටත් මේ සීනි හේතු වෙන්න පුළුවන්.

භාවනාවට මුල්තැන

භාවනාව කියන්නේ අපි පොඩි කාලේ ඉදන්ම දන්නා දෙයක්නේ. දැනගත්තට අපි වයසින් වැඩෙනකොට මේ භාවනාව කියන එක අත ඇරලා දානවා. හැබැයි සමහර රටවල් තියෙනවා ඒ රටවල් වල දරුවන්ට කුඩා කාලයේ ඉදන්ම භාවනාව කියලා දෙනවා. ඒ දරුවෝ ඒ භාවනාව දිඟින් දිඟටම ප්‍රගුණ කරනවා. ඒ විදිහට භාවනාව ප්‍රගුණ කරන එකෙන් අපේ මතකය වර්ධනය වෙනවා. ඒත් එක්කම මානසික ආතතිය, අධි රුධිර පීඩනය අඩු කරලා මනස සංසුන් කරනවා. ඒ නිසා ඔයාලත් දවසට එක වතාවක් භාවනා කරන්න පුරුදු වෙන්න.

උසට සරිලන බරක්

අපේ උසට ගැලපෙන විදිහට බර අනිවාර්යයෙන්ම තියෙන්නේ ඕනේ, එතකොට තමයි අපි නිරෝගී කියලා කියන්න පුළුවන්.හැබැයි ඔයා ඉන්නේ ඕනෙවටත් වඩා මහත් වෙලා නම් ඒක ඔයාගේ ඇඟට වගේම මනසටත් හානීයක්. මොකද මතකය නැති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඔයාගේ බර. ඒ වගේම ඇල්සයිමර් රෝගය වැළඳෙන්නත් තරබාරුව හේතු වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි දවසට පැයක් විතර අරගෙන හොඳට exercise කරන එක.

හොඳ නින්දක්

ඇත්තටම අපි ගොඩක් busy life එකක් ගත කරන්නේ. දවස පුරාම office එකේ වැඩ කරලා ඊටපස්සේ ගෙදර ඇවිත් ගෙදරත් වැඩ කරනවා.ඒ ඉස්සර. දැන් එහෙම නෙමෙයි දන work from home වුණාට වෙනදට වඩා වැඩ වෙන්න පුළුවන්.දවස පුරාම office එකේ වැඩ, බබාලගේ වැඩ, කෑම හදන්නත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි තව ගොඩක් වැඩ කරනන් තියෙනවා. ඒ නිසා අපිට හොඳ නින්දක් නම් ලැබෙන්නේ නැහැ.

හැබැයි හොඳ මතකයක් ලබා ගන්න නම් අපි මහන්සි වෙනවා වගේම හොඳ නින්දකුත් ඕනේ වෙනවා. ඉතින් ඔයා හැමදාම එක එක වෙලාවල් වල නිදාගන්නේ නැතුව එකම වේලාවක නිදාගන්න try කරන්න.ඒ කියන්නේ මෙහෙමයි.රෑ 10.00ට නිදගෙන උදේ 6.00ට නැගිටිනවා නම් හැමදාම ඒක continue කරන්න.දවසක් දෙකක් නෙමෙයි හැමදාම මේ වැඩේ කළොත් ඔයාගේ අමතක වෙන ප්‍රශ්නෙටත් හොඳ උත්තරයක් ලැබෙයි.

Brain Train කරන්න

Crosswords, word-recall games සහ Tetras වගේ Games play කරනවා නම් අපිට මනස නිරවුල් කරගන්න පුළුවන්. ඒ වගේම මතකය වර්ධනය කරගන්න පුළුවන්, මොකද මේ වගේ games play කරන එකෙන් ඔයාට හිතන්න අවස්ථාව ලැබෙනවා. එතකොට Brain එක හොඳට Train වෙනවා. ඒ විදිහට brain එක train වෙන්න වෙන්න ඔයාට හොඳ මතක ශක්තියක් ලැබෙනවා.

කබෝහයිඩ්‍රේට් අඩු කරන්න

කේක්, බිස්කට්, නුඩ්ල්ස්, ක්ෂණික ආහාර, සුදු සහල් සහ පාන් වැනි කබෝහයිඩ්‍රේට් අධික ආහාර ගැනීමෙන් ඔබේ මතකය දුර්වල වෙනවා. මේ ගැන අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා.ඒ නිසා අනිවාර්යයෙන්ම ආහාර රටාව ගැන සැළකිලිමත් වෙන්න. සමබර ආහාර වේලක් නිතරම ගන්න. පිටි සහිත, සීනි සහිත ආහාර ගන්න එක අඩු කරන්න.

ඉතින් මේ දේවල් try කරලා බැලුවොත් ඔයාට අනිවාර්යයෙන්ම හොඳ මතක ශක්තියක් ලැබෙයි. වෙනදට වඩා වැඩ ගොඩක් කරන්නත් ඔයාට පුළුවන් වෙයි.මොකද වෙනදට හිත හිත කල්පනා කර කර වැඩ කරනකොට කාලේ ගෙවිලා දන්නෙම නැහැ. හැබැයි අද ඉදන් නම් ඒක එහෙම වෙන්න දෙන්න එපා

Like
Like Love Haha Wow Sad Angry
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here