Like
Like Love Haha Wow Sad Angry
3

piercing කියන්නේ මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය Fashion එකක්.සමහර girlsලා කොච්චර කැමති වුණත් ගෙදරින්, boyfriend ගෙන්, husband ගෙන් permissions අරගෙන තමයි නහයට කරාබුවක් දාන්නේ.මොකද එයාලා එපා කිව්වොත් කරන්න විදිහක් නැහැනේ.ඒ වගේම තමයි සමහර girls ලගේ logic එක තමයි නහයට කරාබු දාන්න හොද නෑ කියන එක.අපි හැමෝම එක වගේ නෙමෙයිනේ.එක එක එයට තියෙන්නේ එක එක ආසාවල්.හැබැයි මේ විදියට නහයට මුදුවක් පළඳින එක නිකම්ම නිකම් fashion එකට කරන දෙයක් නෙවෙයි.එහෙනම් නහය විදගන්න කලින් කියවල බලමුද නහය විදිල්ලෙ history එකේ ඉඳන්ම අපූරු තොරතුරු ටිකක්.

කොහෙන්ද මේක පටන් ගත්තෙ?

නහය විදින එක ගැන මුලින්ම සදහන් වෙලා තියෙන්නේ අවුරුදු 4,000කට එහා මැදපෙරදිග ඉතිහාසයෙන්.උප්පත්ති කතාවෙත් මේ නාසයට පළඳින මුදුවක් බිරිඳට තෑගි කිරීමක් ගැන සඳහන් වෙනවා. ඉතින් අදටත් මැදපෙරදිග බෙඩුයින් ගෝත්‍රයේ සහ අප්‍රිකාවේ බර්බර්, බේජා යන ගෝත්‍ර වල තම අනාගත සහකාරියට නාසයට පළඳින මුදුවක් තෑගි කෙරෙනවා. සැමියා මිය ගිය විටක හෝ සැමියා විසින් බිරිඳව අත්හැරි විටක එම මුදුව විකුණා ජීවත් වීමට මුදලක් සපයා ගැනීම තමයි එහි අරමුණ වෙලා තියෙන්නේ.

ආයුර්වේදයේ සඳහන් නහය විදීම

ඉන්දියාවේ අද වෙනතුරුම කාන්තාවන් නාසය විදීම සම්ප්‍රධායක් සහ fashion එකක් විදියට කරගෙන එනවා වම් නාස් පුඬුවට හෝ නාස් පුඬු දෙකටම එයාලා කරාබු පළඳිනවා.ඉන්දීය ආයුර්වේදයට අනුව නම් වම් නාස් පුඬුවට කරාබුවක් පැළඳීමෙන් කාන්තාවන්ගේ මාසික ඔසප් වේදනාවට සහනයක් ලැබෙනවා කියලා කියනවා.ඒ වගේම ස්වභාවික දරු ප්‍රසුතිය පහසු කරවනවා.ආයුර්වේදයට අනුව කාන්තා වම් නාස් පුඬුව සහ ප්‍රජනන පද්ධතිය අතර සම්බන්ධයක් තියෙනවා.

බටහිරට සංක්‍රමණය

1913 දී ප්‍රංශ ගායිකාවක් වන පොලෙයාර් (Polaire) විසින් තමයි නහය විදීම බටහිරට හඳුන්වලා දුන්නා කියලා කියන්නේ. කොහොම වුණත් මේක famous වෙන්න නම් ගත්තෙ හැට ගණන් වල හිපි සංස්කෘතියත් එක්ක.70, 80 දශක වලදී rock සහ gothic singersලා පුද්ගලික නිදහස සංකේතවත් කරන්න මේ නහය විදීම use කළා.

Fashion එකක් විදියට

අද වෙන කොට මේ නහය විදීම male, female වෙනසක් නැතුව fashion එකක් විදියට මුළු ලෝකෙම famous වෙලා තියෙනවා. හැබැයි මේ fashion එක දැනගෙන ගියොත් කතරගම නැත්නම් අතරමඟ වගේ තමයි. Normally බටහිර පිළිගැනීම අනුව පිරිමින් නාස් මුදු පළඳින්න ඕන නාසයේ දකුණු පැත්තෙ.වම් පැත්තෙ නාස් මුදුවක් පිරිමි කෙනෙක් දාගෙන ඉන්නව නම් ඔහු සමලිංගිකයෙක් විදියට පිළිගැනෙනවා.ඒ වගේම ගෑණු කෙනෙක් නාස් මුදුව දකුණු පැත්තෙ පැළැන්ඳොත් ඇයව Lesbian විදියට පිළිගැනෙනවා.

නහය විදින කොට රිදෙනවද?

මේකට උත්තරේ තමයි ඔව්. රිදෙන්නෙ නෑ කිව්වොත් බොරුවක්නෙ. එක එක්කෙනාගෙ වේදනාව දරාගැනීමේ හැකියාව වෙනස්. සාමාන්‍යයෙන් කණ විදින කොට දැනෙන වේදනාවට වඩා චුට්ටක් වැඩි වේදනාවක් නහය විදින කොට දැනෙනව. ඒත් ඒක දරාගන්න අමාරු වේදනාවක් නෙවෙයි. ක්ෂණිකව ඇති වෙලා නැති වෙලා යන එකක්. ආස වුණත් මේ වැඩේට බය නම් හොඳම දේ ඇස් පියාගන්න එක.

මොන Metal එකද හොඳම?

Titanium තමා body piercing වලට හොඳම metal එක.Sensitive skin එකක් තියෙන අයට ගොඩක්ම match වෙන්නේ Titanium metal එක තමා.ඊළඟට හොඳම surgical steel .Titanium වලට වඩා ගාණ ටිකක් අඩු surgical steel metal එකටත් allergies ඇති වෙන්නේ නම් නෑ. Gold, silver සහ nickel නම් සමහර අයට allergy වෙන්න පුළුවන්.ඉතින් ඒ නිසා ඔයාගේ skin එකට match වෙනම metal එක තෝරාගන්න එක ඔයාගේ වගකීම.

නහය විද්දට පස්සෙ?

සාමන්‍යයෙන් කණ විදිනවට වඩා පරිස්සමෙන් නහයෙ piercing එකක් බලාගන්න ඕන.දවසට තුන්හතර වතාවක් saline වතුරෙන් wash කරන්න ඕනේ. Wash කරන එක කරන්න ඕන අපි සාමන්‍යයෙන් මූණ සෝදන ක්‍රමයට නම් නෙවෙයි. පොඩි කෝප්පෙකට saline වතුර ටිකක් අරන් නහය ඒකට ඔබන්න. විනාඩියක් විතර තියන් ඉඳල පිරිසිදු රෙද්දකින් පිහිදන්න.
අතින් අල්ලන්න, makeup ,cream ගාන්න, ගංගා/මුහුදු, ඇළ දොළ, swimming pool වල පීනන්න යන්නවත් නාස් මුදුව ගලවන්නවත් එපා. තුවාලය හොදටම හොද වෙනකම් මේ විදියට පරිස්සම් කරන්න. අන්තිමට මතක් කරන අනිත් කාරණේ තමයි කරාබු ගලවල දාල සතියක් විතර හිටියට කණේ සිදුර වැහෙන්නෙ නෑනෙ. ඒත් නහය කියන්නෙ ඉක්මණින්ම සිදුර වැහිල යන තැනක්. ඒ නිසා නිතරම මුදුව පළඳින්න. නාස් පුඬු වල තුවාලය සම්පූර්ණයෙන්ම සුව වෙන්න මාස 4 – 6ක් වගේ කාලයක් ගත වෙනවා . නහය කසන්න, සොටු සූරන්න වගේ දේවල් කරන කොට පරිස්සමෙන් කරන්න මතක තියාගන්න.

නහය විදින තැන් කීපයක් සහ ඒ ඒ තැන් වලට දාන කරාබු වර්ග ගණනාවක්ම තියෙනවා. අපි අද මේ කිව්වෙ ලංකාවේ ගොඩක් famous nose piercing ගැන full story එක.කොයි දේ කරන්නත් කලින් ඒ කරන දේ ගැන හරියට දැනගෙන කරන එක වටිනවාද කියලා

Like
Like Love Haha Wow Sad Angry
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here