Like
Like Love Haha Wow Sad Angry

ලස්සන ගැන කතා කරනකොට මුලින්ම අපිට මතක් වෙන්නේ මුණනේ.මුණ ලස්සන වෙන්න නම් skin color එක වගේම මුණේ shape එකත් බලපානවා.ඉතින් කොහොමද මුණේ shape එක ලස්සනට තියාගන්නේ? Body එකේ shape එක, ඒ කියන්නේ figure out ගිය ගමන් අපි කරන්නේ exercise කරන එක.ඒ වගේම තමා වැඩිය හිතුවේ නැති වුණාට මුණේ ලස්සන shape එක තියාගන්න ඕනෙනම් ඔයාට facial exercise කරන්නම වෙනවා.

ගොඩක් වෙලාවට අපි මේ facial exercise කරන්නේ මුණ කෙට්ටු කරගන්න,මුණේ muscles ශක්තිමත්ව තියාගන්න සහ skin එක එල්ලාවැටීම නවත්තන්න.

අපි හැමෝම වයසට යනවා.ඒත් හැමෝම කැමති මුණ බැලුවම වයස අඩුවෙන් පේනවනම්.එහෙනම් ඉතින් අද කියලා දෙන facial exercise ටික ඔයා අනිවාර්යයෙන්ම try කරලා බලන්නකෝ.

Fish face

TV බලනකොට, පොතක් කියවනකොට එහෙමත් නැත්නම් bathroom එකේදී වුණත් ඔයාට මේ exercise එක කරන්න පුළුවන්. ඔයාගේ කට මාලුවෙක්ගේ කටක් වගේ හදාගෙන කරන exercise එකට තමා fish face exercise කියන්නේ.තත්පර 5ක් exercise එක කරලා හිනා වෙන්න.ආයෙත් තත්පර 5ක් කරලා හිනා වෙන්න.මේ විදියට 15 සැරයක් කරන්න.සති දෙකක් එක දිගට fish face exercise එක කලොත් ඔයාට ලස්සන කම්මුල් දෙකක් ලබාගන්න පුළුවන්.

Cheek lifts

මේ exercise එකේදී නම් ඔයාලට කරන්න මහා ලොකු දෙයක් නෑ.පුටුවක වාඩි වෙලා උඩ බලාගෙන තමයි ඉන්න තියෙන්නේ. මුලින්ම පහසු පුටුවක කොන්ද කෙලින් තියාගෙන ඉදගන්න.ඊට පස්සේ නිකට උස්සලා උඩ බලන්න.දැන් ඉතින් දත් පෙන්නේ නැති වෙන්න හොදට හිනා වෙන්න.ඇස් දෙක වහගෙන මේ exercise එක කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි.තත්පර 15න් 15ට පොඩි break එකක් ගන්න ගමන් 15 වතාවක් cheek lifts කරන්න.ඔයාගේ තරුණ පෙනුම රැකගන්න මේ exercise එක ලොකු support එකක්.

Mouthwash move

මේ Exercise එකෙන් ඔයාට double chin කරදරෙන් නිදහස් වෙන්න පුළුවන්.ඔයාගේ කම්මුලක් වාතයෙන් පුරවගන්න.ඊට පස්සේ කට හෝදනවා වගේ වාතය කම්මුල් දෙකට මාරුවෙන් මාරුවට pass කරන්න.විනාඩියකට පස්සේ break එකක් ගන්න.මේ විදිහට 15 වතාවක් mouthwash move exercise එක කරන්න.

X- O ඉරියව්ව

අද කියලා දුන්න exercise වලින් ලේසිම එක තමා මේ.ඔයාට කරන්න තියෙන්නේ X සහ O අකුරු නැවත නැවත උච්චාරණය කරන එක විතරයි.එතකොට ඔයාගේ හකු චලනය වෙනවා ඔයාට තේරෙයි.මේ exercise එක ඕනම තැනක කරන්න පුළුවන්.ඔයාට තියෙන්නේ මහත කම්මුල් නම් X – O exercise එක daily කරන එක.එතකොට ඔයාට පුළුවන් කම්මුල් වල මහත අඩු කරගන්න.

මෙච්චර කල් ඔයා මුණට පොඩි exercise එකක්වත් දුන්නේ නෑනේ.අද ඉදන් පිළිවෙලට සති දෙකක් මේ exercise ටික කරලා බලන්නකෝ.ඔයා දවසින් දවස තරුණ වෙනවා වගේ දැනෙයි

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here