Like
Like Love Haha Wow Sad Angry
22

මේ දවස් වල ගොඩක් අය කතා වෙන දෙයක්නේ පරිණත වෙනවා කියන එක.Facebook එකේ ගොඩක් දේවල් තියෙනවා දැකලා ඇති පරිණත වෙන එක ගැන.පරිණත වෙන්න නම් මේ දේවල් කරන්න ඕනේ,මේ දේවල් කරන්න හොද නෑ කියලා එක එක අය එක එක දේවල් කියනවා.ඒත් ඇත්තටම මොකක්ද මේ පරිණත වෙනවා කියන්නේ? කොහොමද අපි පරිණත වෙන්නේ? අද කියන්න යන්නේ ඒක ගැන තමයි.අවුරුදු 30 කියන වයස life එකේ නැවත ඇරඹුමක් විදියට තමයි හැමෝම සලකන්නේ.Normally අපෙ life එක පරිණත වෙනවා කියන්නේ මේ වයසේදී තමයි.ඉතින් ඒක නිසා අවුරුදු 30 වෙනකොට life එකේ ගොඩක් දේවල් ඔයා complete කරගෙන ඉන්න ඕනේ.දැන් අපි බලමු ඒ මොනවද කියලා.

සතුටින් කරන්න පුළුවන් job එකක් හොයාගන්න.

Campus එකකින් degree එකක් අරගෙන, exams කරලා,course කරලනේ අපි job එකක් හොයාගත්තේ.ඒත් කරන 1st job එකේම හැමදාම ඉන්න අය අඩුයිනේ.සැරෙන් සැරේ change කරලා බලනවා තමන්ට හරියටම set වෙන job එක මොකක්ද කියලා.ඒත් ඔයාට අවුරුදු 30 වෙනකොට නම් හරියටම set වෙන job එක හොයාගන්නේ ඔයාගේ dreams වලට යන්න පුළුවන්, ඒ වගේම තමා mentally stress එකක් නැතුව සතුටින් වැඩ කරන්නත් පුළුවන් permanent job එකක් හොයාගන්න ඕනේ.

හරිම යාළුවෝ තෝරාගන්න.

පොඩි කාලේ ඉදලම අපේ යාළුවො සැරෙන් සැරේ වෙනස් වෙනවා.තරුණ වයසට ආවමත් ඒකෙ වෙනසක් නෑ.මොකද මිනිස්සුන්ව එළියෙන් බලලා හරියටම අදුරගන්න බෑනේ.අපි හොදම යාළුවො කියලා හිතාගෙන හිටියත් කාලයක් යද්දී එයාලගේ වෙනස් වීම් එක්ක friendship එක break up වෙන්න පුළුවන්.අවුරුදු 30 කියන්නේ ඔයා ළඟ ඉන්නේ ඇත්තම යාළුවොද නැත්නම් වාසියට විතරක් ළග ඉන්න අයද කියලා හිතන්න හොදම කාලයක්.මොකද ඔයාටත් සමාජය ගැන හොද experience එකක් තියෙනවනේ එතකොට.ඉතින් පරිණත වෙන්න ඕනේ නම් හොදම මිතුරන් විතරක් ළඟින් තියාගන්න.

ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න.

School යන කාලේ හැමෝම වගේ love කරලා තියෙන්වනේ.ඒ කාලේ දෙන්නා අතරේ වෙන හැම දෙයක්ම යාළුවන්ට කියනවා. බැන්නත්, රණ්ඩු වුණත් හැමදේම යාළුවන්ට කිව්වා මතක ඇතිනේ.පරිණත වෙද්දී නම් මේ සෙල්ලම් හරියන්නේ නෑ.ඔයාට හොද strong relationship එකක් ඕනේ නම් ඔයා සහ ඔයාගේ partner face කරන ප්‍රශ්න ගැන කිසිම කෙනෙක්ට කියන්න එපා.ඔයාට හිතෙනවා නම් මේ දේවල් කාටම හරි කියන්න ඕනේ කියලා එතකොට පුළුවන් මනෝචිකිත්සකවරයකුට ඔයාගේ ප්‍රශ්නය කියන්න.එතකොට හොද solution එකක් ලබාගන්න පුළුවන්.ඒක තමා relationship strong කරගන්න පුළුවන් හොදම විදිය.

Holiday’s වලට සල්ලි ඉතුරු කරගන්න.

ඇත්තටම අපි ගෙවන්නේ ගොඩක් busy life එකක්.ඒ වගේම තමා තරුණ වයසේ එක දිගට වැඩ කරන්න පුළුවන් වුණත් ටිකෙන් ටික වයසට යද්දී rest එකක් ඕනේ වෙනවා. Rest එකක් නැතුව වැඩ කරන එක අපේ සිරුරට වගේම මනසටත් එච්චර හොද දෙයක් නෙමෙයි.ඉතින් ඒ නිසා අනාගතයේ ගන්න ඕනේ නිවාඩු වලට අද ඉදලම සල්ලි ඉතුරු කරන්න පුරුදු වෙන්න. ඔයාගේ Salary එකෙන් 20%ක් ඉතුරු කරගන්න එක ඔයාගේ life rule එකක් කරගන්න.දැන් ඔයාට තේරෙනවා ඇති නේද අලුත්ම phone model එක ගන්නවට වඩා, නිවාඩුවක් වෙනුවෙන් සල්ලි ඉතුරු කරන එක කොච්චර හොද දෙයක්ද කියලා.

Driving license එක ගන්න.

ඉස්සර නම් මිනිස්සු කිව්වේ පිරිමි අයට විතරයි driving ඕනේ ගෑණු අයට මොන driving ද කියලනේ.ඒත් දැන් සමාජයත් එක්ක ඒ idea එක වෙනස් වෙලා.Male, female භේදයක් නැතුව දැන් හැමෝම driving license එක ගන්න පෙළඹිලා ඉන්නවා.ඇත්තටම ඒක ගොඩක් හොද දෙයක්.මොකද driving license එක තියෙනවා නම් තමන්ගේම vehicle එකක් ගන්න ඔයා නිකන්ම පෙළඹීමක් වෙනවා.ඇත්තටම Driving license එක කියන්නේ ලොකු ආයෝජනයක්.

ජොබ් එක විතරක් මදි

වයස අවුරුදු 30 වෙද්දී ඔයාට සල්ලි එන අමතර ආදායම් මාර්ගයක් හදාගන්න ඕනේ.ඒක නිදහස්, උදාසීන ආදායමක් හෝ ඔයාගෙම business එකක් වෙන්නත් පුළුවන්. ඔයා ලංකාවේ වඩාත්ම ස්ථාවර company එකක job එක කලත් ඔයාට ස්ථාවර අනාගතයක් තියෙනවා කියලා කියන්න බෑ. ඕනෑම තීරණාත්මක තත්වයකට මුහුණ දෙන්න පුළුවන් විදියේ ස්ථාවර අනාගතයක් තියෙන්න නම් අමතර ආදායම් මාර්ගයක් තියෙන්නම ඕනේ ඇයි කියලා දැන් තේරෙනවනේ.

ඔයා කවුද?

වැඩිහිටි, පරිණත පුද්ගලයෙකුට තමන්ගේම කියලා පෞද්ගලික ශෛලියක් තියෙන්න ඕනේ.ඔයාගේ පෞද්ගලික ශෛලිය හොයාගත්තම, අදින්න ඕනේ මොන වගේ ඇදුම්ද කියන ප්‍රශ්නේ නම් සම්පුර්ණයෙන්ම අමතක කරලා දාන්න පුළුවන් වගේම තමා ඔයාගේ පෞරුෂත්වය සහ සුවිශේෂත්වය කැපිලා පේන ඇදුම් තෝරාගන්න පුරුදු වෙන්න ඕනේ.

ඉතින් අවුරුදු 30 වෙද්දී පරිණත කෙනෙක් වෙන්න ඕනෙනම් මේ steps ටික try කරලා බලන්නකෝ.දැන්ම ඉදන් try කරන්න ගත්තොත් නම් ඇත්තටම අවුරුදු 30 වෙනකොට complete මනුස්සයෙක් විදියට සමාජයට මුණ දෙන්න පුළුවන්..

Like
Like Love Haha Wow Sad Angry
22

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here