කවියෝ කාන්තාවන්ගේ මුහුණ උපමා කරන්නේ පුර හඳට.“සිසි වන වුවන” කියලා පුරාණ කවියා කියනකොට වත්මන් කවියා “පුරහඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ “ කියලා රචනා කළේ ඒකයි.කොහොම වුණත් හඳේ ලප තියෙනවා කියලා කවුරුත් දන්නවානේ.ඒ හඳේ තියෙන කඳු, ආවාට නිසා.ඔයා දැන් හිතනවා ඇති ඇයි මේ එක පාරටම හඳයි කවියි ගැනයි කියන්නේ කියලා.ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි girls ලා වගේම ladies ලත් කැමතියි තමන්ගේ මුහුණත් හඳක් වාගේ ලස්සනට තියා ගන්න.ඒත් හඳ වගේ තියෙන ඔයාගේ ලස්සන මුහුණත් හිතාගන්න බැරි තරම් ඉක්මනින් අවලස්සන පුළුවන් හේතුවක් තියෙනවා.ඒ තමයි pimples.ඉතින් අද hello ladies තුළින් කියන්න හදන්නේ මුහුණ අවලස්සන කරන pimples වලට ගෙදරදීම bye කියන්නේ කොහොමද කියලා.
දෙහි යුෂ

දෙහි කියන්නේ pimples නැති කරගන්න ගෙදරදී use කරන්න පුළුවන් ගොඩක් effective treatment එකක්.දෙහි වල තියෙන සිට්‍රික් ඇසිඩ් වලට පුළුවන් pimples ඇති කරන බැක්ටීරියා විනාශ කරලා දාන්න.ඒ වගේම තමයි දෙහි වල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණයට pimples නිසා සමෙහි ඇති වෙන රතු ගතිය අඩු කරන්නත් පුළුවන්.
ඔයා හොදට ඉදුණ දෙහි ගෙඩියක යුෂ තේ හැන්දක්, වතුර තේ හැන්දක් එක්ක මිශ්‍ර කරන්න.ඊට පස්සේ මේ මිශ්‍රණය පුළුන් කැබැල්ලකින් මුහුණේ apply කරලා විනාඩි 20 කින් wash කරන්න.මේ treatment එක සතියක් එක දිගට කරන්න පුළුවන් නම් pimples කරදරෙන් සදහටම ඔයාට නිදහස් වෙන්න පුළුවන්.
සුදුළුණු

කෑම රස කරන්න භාවිතා කරන සුදුළුණු වලින් pimples නැති කරගන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියේ නැහැ නේද ?සුදුළුනු වල තියෙන ප්‍රතිබැක්ටීරියාවන් මඟින් pimples ඇති කරන බැක්ටීරියාවන් විනාශ කිරීමක් සිදු කරන නිසා ගොඩක් ලේසියෙන් ඔයාට pimples නැති කරගන්න පුළුවන්.
ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.සුදුළුණු කැබැල්ලක් අරගෙන දෙකට කපලා එහි යුෂ pimple එක මත ආලේප කරන්න.ඊට පස්සේ විනාඩි 30 කින් wash කරන්න.ඔයා මේ treatment එක දවසට දෙපාරක් කරන්න අමතක කරන්න නම් එපා.
මී පැණි

මි පැණි කියන්නේ පුරාණ රජ කාලයේ ඉදලම රුපලාවන්‍ය කටයුතු වලට භාවිතා කරපු ද්‍රව්‍යක්.Pimples සදහටම නැති කිරීමේ වීශ්මිත බලයක් මී පැණි වලට තියෙනවා.
මී පැණි ටිකක් ඇඟිල්ලට අරගෙන pimple එක මත apply කරලා වේලෙන්න තියන්න. පැයකට විතර පස්සේ ඇල් වතුරෙන් මුහුණ wash කරන්න.නොකඩවා සතියක් මේ treatment එක කලොත් ලැබෙන ප්‍රතිඵල වලින් අනිවාර්යයෙන්ම ඔයා පුදුමට පත් වෙයි.
කෝමාරිකා

කලිනුත් කියලා තියෙන විදියට කෝමාරිකා කියන්නේ all-rounder කෙනෙක්.කෝමාරිකා වලට කරන්න බැරි දෙයක් නැහැ. හිසකෙස්, සම වගේම ලෙඩ රෝග වලටත් කෝමාරිකා දිව්‍ය ඖෂධයක්.අපි දැන් බලමු කොහොමද කෝමාරිකා වලින් pimples සුව කරගන්නේ කියලා.
ඔයා මුලින්ම කෝමාරිකා පිත්තක් අරගෙන ජෙල් කොටස සූරා ගන්න.ඊට පස්සේ නින්දට කලින් මුළු මුහුණෙම apply කරන්න.ජෙල් එක වේළුනාට පස්සේ සාමාන්‍ය විදියට නිදාගන්න.පහුවදා උදේට නැගිටලා උණු වතුරෙන් wash කරන්න.දිනපතාම නින්දට කලින් කෝමාරිකා සත්කාරය කරන්න පුළුවන් නම් ඔයාගේ මුණ pimples වලින් තොර සොදුරු ලස්සන මුහුණක් කරගන්න පුළුවන්.
ඉතින් මේ වගේ ගෙදරින්ම හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය වලින් ඔයාගේ pimples වලට සදහටම සමු දෙන්න පුළුවන්.හැබැයි ඊටත් වඩා හොඳ ප්‍රතිඵල ඉක්මනට ලබා ගන්න නම් ඔයාට පුළුවන් කොහොඹ, සැවන්දර, වැල්මී, කලාදුරු, තුල්සි, කහ සහ ලොත්සුඹුළු අඩංගු Acne and Pimple cream එකක් use කරන්න.
100% ක් ස්වාහවික ද්‍රව්‍ය අඩංගු cream එකක් use කලොත් ඔයාගේ Face එකේ කුරුලෑ ඇති වීම පාලනය කරනවා විතරක් නෙමෙයි කුරුලෑ නිසා ඇති වුන ලපකැළැල් නැති කරලා, සමට පැහැපත් බවකුත් ලබාගන්න පුළුවන්.
ඉහත සඳහන් කළ ක‍්‍රම වලින් අපහසුවක් නැතුවම ඔයාට ගෙදරදීම pimples control කරගන්න පුළුවන්.හැබයි සමහර අයගේ pimples ආසාදන තත්ත්වයට පත් වෙනවා.එතකොට නම් බලාගෙන ඉන්නේ නැතුව වෛද්‍ය ප්‍රතිකාර ගන්න.ඒ වගේම Pimples ඇති වීමට තවත් හේතුවක් තමයි stress එක.Young අයට exam කාල වලට ගොඩක් stress වෙනවා.එතකොට pimples ඇති වීම වැඩි වෙන්න පුළුවන්.ඒ නිසා ඕනෑවට වඩා stress වෙලා ඉන්නේ නැතුව relax එකේ ඉන්න පුළුවන නම් pimples අඩු කරගන්න පුළුවන් .



