Like
Like Love Haha Wow Sad Angry

හැමදාම පාන් කන්නේ පරිප්පු,සම්බෝලයි එක්ක.එහෙම නැත්නම් jam ,butter හරි ගාලා.මෙහෙම කියද්දි “අපෝ” කියලා හිතෙනවා නේද.ඒ මොකද අපි කන්නේම හැමදාම එකම විදිහට.එහෙම නැත්නම් කවදා හරි හිතුවද පාන් වෙනස් විදිහකට හදලා බලන්න ඕනි කියලා.ඉතින් වෙනසකටත් එක්ක අද අපි හදමු වෙනස්ම පාන් වට්ටෝරුවක්.මේක හදන්න ඔයාට යන්නේ පාන් කනවටත් වඩා අඩු වෙලාවක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි 50 g
  • ඇල් වතුර 200 ml
  • ඊස්ට් 10 g
  • මුද්දරප්පලම් 100 g
  • දෙහි ඇට කිහිපයක්
  • රම් 30 ml
  • සීනි 50g
  • ලුනු 10g
  • කුරුදු 5g
  • බිත්තර 2 යි
  • බටර් 15g
  • මර්සිපන් 150g

සාදා ගන්නා ආකාරය.

  • වියළි පලතුරු කුරුදු එක්ක දින කීපයක් පොගවලා තියාගන්න.
  • බඳුනකට සීනි බටර් දාලා මිශ්‍ර කරන්න.
  • බිත්තර එකතු කොට නැවත මිශ්‍ර කරන්න
  • ඇල්වතුර එක්ක යීස්ට් මිශ්‍ර කරලා පිටි ,ලුණු එකතු කරලා මිශ්‍රණයක් හදාගන්න.
  • පොගවපු වියළි පලතුරු සහ කුරුඳු එකට දාලා මිශ්‍ර කරන්න.
  • සීනි බටර් බිත්තර මිශ්‍රණයට එකතු කරන්න
  • මේ මිශ්‍රණය හොඳින් අනලා විනාඩි 15 තියන්න .
  • දැන් කුඩා කොටස් වලට වෙන් කරලා මර්සිපන් පුරවලා ඔතන්න.
  • කාමර උෂ්ණත්වයේ විනාඩි 30 තබන්න
  • අවසානයේ අංශක 170කින් විනාඩි 25ක් පුළුස්සා ගන්න.
  • පිලිස්සුණු පසු එළියට ගෙන සිසිල් වෙන්න ඉඩ දීලා බටර් ගාලා ඒකට සීනි ඉහින්න.

ඔන්න දැන් හැමදාම පාන් කන්න පරිප්පු හද හදා දඟලපු කාලේ ඉවරයි.මොකද ඉතින් හැමදාම එකම විදිහට පාන් කන එකත් boring නේ.වෙනස් විදියට අලුත් රසට මේ විදියට පාන් කාලා බලන්නකෝ.ඔයාට හැමදාම මේ විදිහට පාන් කන්න හිතෙනවා කියලා මට sure.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here