Like
Like Love Haha Wow Sad Angry

ඔයාට Hand Bag කීයක් තියෙනවද? එකක් ,දෙකක්, පහක්, හයක් ඊට වැඩි වෙන්නත් පුළුවන් .හැබැයි ඔයා කොච්ච්චර හොදට ඇන්දත් වැඩක් නෑ ඔයාට ගැලපෙන Hand Bag එක ඔයාට තෝරාගන්න බැරි නම් .ඔයා ලස්සනට ඇදන් යන ඇඳුමේ වටිනාකමත් නැති වෙනවා Hand Bag එක හරි ගියේ නැතොත්.

01) ඔයා වයසින් ලාබාල කෙනෙක් නම්

ඔයා class යන කෙනෙක් නම් ලස්සන ,විවිධ පාට ඇති අත් බෑග් ගොඩාක් ගැලපෙනවා.රෙදි, ප්ලාස්ටික් සහ පන් වලින් වලින් නිර්මාණය කරලා තියෙන ලස්සන hand bag ඕනෑ තරම් තියනවා.වෙනසකටත් එක්ක එහෙම බෑග් එකක් ගන්න.

02) ඔයා office යන කෙනෙක් නම්

එහෙනම් ඔයාට ගැලපෙන්නේ ගොඩක් ලොකු හෝ කුඩා bag නෙමෙයි, medium size අත් බෑගයක් තමයි ගැලපෙන්නේ.වෙළඳපොලෙන් ඔයාට office hand bag රවුම් හැඩයෙන්,හතරැස් හැඩයෙන් සහ ඕවල් හැඩයෙන් ගන්න පුළුවන්.ඔයාගේ ඔක්කොම බඩු ටික දාගන යන්න ඕනී කියලා විශාල අත් බෑග් use කරන්න එපා.පමණට වඩා විශාල hand bag භාවිතා කලොත් වෙන්නේ ඔයාගේ පෞරුෂය අඩු වෙන එක.

03) Party එකකට ගැලපෙන්නේ මොකක්ද (Clutch Bag)

ඔයා උත්සව අවස්ථාවකට යනවා නම් අතේ ගෙනියන්න පුළුවන්,විසිතුරු hand bag එකක් ගෙනියන්න.ඒකට clutch bag එකක් තමයි හරියම ගැලපෙන්නේ.කරේ දාගෙන යන අත් බෑග් නම් ගෙනියන්න එපා.මොකද ඒක නම් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ party එකකට


එක එක බෑග් වර්ග තියනවා .අපි බලමු ඒවා කොහොමද ඔයා පාවිච්චි කරන්න ඕනි කියලා.

01) අත් බෑගය ( Handbag)

  • office එකට
  • Interview එකකට
  • ගමනට බිමනට.

02) බඩු මල්ල (Shopper Bag / Book Bag)

බඩු ගන්න තියෙන වෙලාවට හරි,නැත්නම් පොත් ටිකක් ගෙනියන්න තියන වෙලාවට හරි ගැලපෙන්නේ ටිකක් ලොකු බෑග් එකක්. shopping bag එකක දාල ගෙනියනවට වඩා පෙනුමකුත් තියෙනවා.ඒ වගේම එහෙම bag එකක් ගෙනියන එක පරිසර හිතකාමීයි.ශක්තිමත් අලංකාර බඩු මල්ලක් පහසු මිලට ලබා ගන්න පුළුවන් වගේම පහසුවෙන් ඔයාට නිර්මාණය කරගන්නත් පුළුවන්.

03) ගමන් මල්ල (Travelling Bag)

ඔයා දුර ගමනක් යද්දි හිතේ කරදරයක් නැතිව හොඳින් බඩු ටික Pack කරගෙන යන්න ගමන් මල්ලක් තියන එක හොදයි නේද.මතක ඇතිව සාමාන්‍ය ප්‍රමාණයේ බර අඩු,හොද නිමාවෙන් යුතු දිගු කාළයක් පාවිච්චි කරන්න පුළුවන් Travelling Bag එකක් තෝරා ගන්න.

දැන් ඔයාගේ පෙනුමට Hand Bag තෝරමු .

01) ඔයා උස,කෙට්ටු කෙනෙක් නේද?

එහෙනම් ඔයාට හරියන්නේ එල්ලා වැටෙන විදිහේ ,උසට වඩා වැඩි පළලකින් යුතු ගමන් මල්ලක්.

02) ඔයාට කුඩා සිරුරක් තියෙනවනම් .

ඔයා වගේ සිරුරින් කුඩා කෙනෙක්ට ඉතා විශාල ගමන් මල්ලක් ගැලපෙන්නෙ නැහැ.ඒ වගේම දිගු පටියක් තියන ගමන් මල්ලකුත් ඔයා වගේ කෙනෙක්ට හරි යන්නේ නැහැ.ඒ වගේ බෑග් එකකින් ඔයාව තවත් පොඩියට තමයි පෙන්නේ.

03) ඔයා මහත කෙනෙක්නම්

කුඩා බෑග් කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ.ඒකෙන් වෙන්නෙ තවත් මහත් වෙලා පේන එක.ගොඩක් මහත ඔයා වගේ අයට ගැලපෙන්නෙ ටිකක් ලොකු,පළල් Hand Bag එකක්.

04) හැම කෙනෙකුටම ගැලපෙන bag එකක්

ඔයා bag එකක් select කරන හැමවෙලේම පාවිච්චි කරන්න පුළුවන් තද පාට එකක් තෝරාගන්න.ඒ වගේම අනවශ්‍ය විදියට අධික මුදලක් වියදම් කරන්න එපා.ඔයාට bag කිහිපයක් සඳහා වියදම් කරන්න පුළුවන් නන් කළු සුදු පාට දෙකෙන් දෙකක් ගන්න, ඕන ඇදුමකට දාන්න පුළුවන් විදියට.

මෙච්චර දවස් Hand Bag ගන්නකොට ඔයා මං කියනකන් මේවා ගැන හිතුවෙ නැහැ නේද?දැන් ඔන්න Hand Bag ගන්න කලින් මේ දේවල් ගැන හිතලා ඔයාට match වෙන Hand Bag එකක් ගන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි ගැලපෙන hand bag එකකින් ඔයාගේ පෙනුම වගේම පෞර්ෂය තවත් වැඩියෙන් කැපී පේනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here