Like
Like Love Haha Wow Sad Angry
1

ඔයාගේ මුහුණ තෙල් සහිත සමක් නම් make – up දන්නා කලින් ගොඩක් හිතන්න වෙනවා.මොකද තෙල් ගතිය තියෙද්දී මුහුණට makeup දැම්මාම ඉක්මනින්ම දහඩිය දානවා.ඒ නිසා makeup වලින් ඔයාගේ මුහුණ අවලස්සන පෙනුමක් ගන්නවා.මේ වගේ skin එකක් තියෙන ඔයාගේ ලොකුම ගැටලුව තමයි කුණු දුවිලි ඉක්මනින් තැවරීම.ඒ වගේම සමේ ඉක්මනින් pimple මතු වෙනවා.ඔයාට oily skin එකක් ඇති වීමට හෝර්මෝන වල වෙනස්කම්, විවිධ ඖෂධ වර්ග භාවිතය, stress එක, මුහුණ පමණට වඩා scrub කිරීම වගේ විවිධ හේතු බලපාන්න පුළුවන්.ඒ නිසා ඔයාගේ මේ ප්‍රශ්නයට විසඳුමක් මම අද අරගෙන ආවා.

01) Skin එක clean කර ගන්නේ කොහොමද ?

මුහුණ සෝදනකොට ඔයා මඳ රස්නය ඇති වතුරෙන් මුහුණ හොඳට සෝදගන්න.ඊට පස්සේ face wash එක ගලා හොඳට clean කර ගන්න.හැබැයි ඔයාට තියෙන්නේ oily skin එකක් නිසා face wash එකක් use කරනකොට හොඳට හිතලා බලලා ගන්න වෙනවා.

ඊළඟට Face wash එකෙන් clean කරලා මුහුණ සෝදාගෙන cleanser එකක් ගාලා සම පිරිසිදු කරගෙන මුහුණ සෝදගන්න.අන්තිමට හොඳට තෙත මාත්තු කරගන්න ඕනි. මේ විදිහට කලාට පස්සේ සමේ තියන කුණු, දූවිලි සහ අමතර තෙල් අයින් කර ගන්න පුළුවන්.අන්තිමට Alcohol නැති Toner එකක් ආලේප කරලා වේලෙන්න හරින්න.

toner කරලා ඉවර වෙලා Moisturizer ආලේප කරන්නත් ඕනී.ඒකට ඔයාට Oil free moisturizer එකක් ගන්නම වෙනවා.මොකද එහෙම නැත්නම් skin එකේ තියෙන oily ගතිය වැඩි වෙන්න පුළුවන්.Moisturizer ආලේප කරනකොට Moisturizer ස්වල්පයක් අරගෙන මුහුණේ හොඳට පැතිරෙන ලෙස ආලේප කරන්න.

02) Primer කරන්නම ඕනිද?

ගොඩක් අය make up කරන කොට Primer එකක් use කරන්නේ නැතුව concealer එකයි foundation එකයි use කරනවා.හැබැයි oily skin එකක් තියෙන කෙනෙකෙට විශේෂයෙන් Oil free primer එකක් ගන්න එක ගොඩක් හොදයි.ඒකෙන් සමේ තෙල් සහිත ගතිය ඉස්මතු නොවී මේකප් එක වැඩි කාලයක් තියාගන්න පුළුවන් .Primer use කරනකොට ඇහි පිල්ලම් වලත් තවරගන්න අමතක කරන්න එපා.හැබැයි ඒකට ඇහි පිල්ලම් වලටම තියෙන Primerඑකක් use කරනවා නම් තමයි හොඳ.

03) Foundation සහ concealer ආලේප කරන හරිම විදිහ.

ඔයා Foundation එකක් select කර ගන්නකොට හැම වෙලාවේම Matt Finish එකක් තියෙන එකක් ගන්න.ඒ වගේම Concealer එකක් ගන්නකොට Liquid Concealer එකක් ගන්නත් අමතක කරන්න එපා. Foundation එකක් select කර ගන්නකොට oily skin එකට ගැලපෙන foundation එකක් select කර ගන්න.Eyebrows වල Primer ගෑවට පස්සේ concealer තවරන්න එපා. Primer එකෙනුයි eye make – up එකෙනුයි ඇහි පිල්ලම් වල අඳුරු ගතිය කොහොමත් නැතිවෙලා යනවා.

Special tips

Foundation use කරනකොට skin එකේ oily ගතිය මතුවෙන තැන් වලට වඩාත් තුනී foundation තට්ටුවක් ගාන්න.ඒ මත පවුඩර් ගෑවම සමේ තෙල් සහිත ගතිය මතුවෙන එක නැතිවෙලා යනවා.

04) ඊළඟට කරන්න ඕනී මේ විදිහට

Make up කරන හැම වෙලාවේම powder ගාන්න අමතක කරන්න එපා.හැබැයි ඕනවට වඩා powder ගෑවොත් වෙන්නේ සමේ සිදුරු අවහිර වෙලා වැඩිපුර තෙල් මතු වෙන එක.blush ගාද්දී shin එකක් නැති blush වර්ගයක් use කරන්න.Shimmering blush එකකින් skin එකට එන දිලිසෙන ගතිය oily skin එකකට ගැලපෙන්නේ නැහැ.

ඊළඟට කරන්න තියෙන්නේ Waterproof eyeliner එකයි mascara එකයි ගාන එක.වියලි සිසිල් කාළගුණ තත්ත්වයකදී වුනත් Waterproof ඒවා පාවිච්චි කලාම skin එකේ oily ගතිය මතු වෙලා මේකප් එක වැඩි කාලයක් ලස්සනට තියෙනවා.

දැන් ඔයාට පුළුවන් ලස්සනට makeup එක දාගන්න.ඒ විතරක් නෙමෙයි ඔයා makeup වර්ග ගන්නකොට මොනවගේ ඒවාද ගන්නේ කියලාත් මම කියලා දුන්නා.මොකද ඔයාට තියෙන්නේ oily skin එකක නිසා හැමෝම use කරන ඒවා ඔයාට ගැලපෙන්නේ නැහැ.ඒ නිසා මම කියලා දුන්න විදිහටම කරලා බලන්න.wedding එකක්, party එකක් තියෙනකොට ඔයාට තනියම makeup එක දාගෙන බය නැතුව වැඩි වෙලාවක් make up දාගෙන ඉන්නත් පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here