Like
Like Love Haha Wow Sad Angry

කයිලි ජෙනර් ලෝකයේ ලාබාලම බිලියනපති ලෙස (self-made) ෆෝබ්ස් බිලියනපති ලැයිස්තුවට අනුව නම් කර තිබෙනවා.

කාර්ඩේෂියන් පවුලේ ලාබාලතම සාමාජිකාව වන ඇය රූපලාවන්‍ය ව්‍යාපාරිකාවක් වන අතර වසර තුනක් ඇතුළක සිය ව්‍යාපාරය තුළින් ලොව පුරා ජනප්‍රිය වූ කයිලිගේ පසුගිය වසරේ අලෙවි ආදායම් ඇස්තමේන්තුව ඩොලර් මිලියන 360 ක් වනවා.

ඇය මේ වන විට 21 වැනි වියේ පසුවන අතර වයස අවුරුදු 23 දී බිලියනපතියකු වූ ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ට පෙර මෙම තත්ත්වයට පැමිණීමට සමත් වී තිබෙනවා.

මේ අතර එම ලැයිස්තුව නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇත්තේ ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස්.

ඩොලර් බිලියන 131ක වත්කමක් සහිත ඔහු 2018 වසරේ දී ඩොලර් බිලියන 19කින් සිය වත්කම ඉහළ නංවා තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here