Like
Like Love Haha Wow Sad Angry
3

පොඩ්ඩක් කන්නාඩිය ඉස්සරහට ගිහින් මුහුණ දිහා බලන්න.මොකද මුහුණට වෙලා තියෙන්නේ.පොඩ්ඩක් රැළි වැටිලා වගේ නේද.හරියට මුහුණ ගැන බලන්නවත් ඔයාට වෙලාවක් නැහැ කියලා මම දන්නවා.මොකද ඉතින් ඔයා මාර busyනේ.busy වුනත් මේ විදිහට wrinkles ඇති වෙන්න ඔයාගේ නරක පුරුදුත් බලපානවා කියලා ඔයා දන්නවද.ඒ නිසාමයි මම අද ඔයාට කියන්න හදන්නේ ඔයා නොදැනුවත්වම මුහුණේ ඇති වෙලා තියෙන wrinkles වලට මොකද කරන්නේ කියලා.

නිදා ගන්නේ කොහොමද ?

ඔව්.wrinkles ඇති වෙන්න ගොඩක් වෙලාවට බලපාන්නේ ඔයා නිදා ගන්න system එක.ඔයා නිදා ගන්නකොට මුහුණ Pillow එකට තද වෙනවා නම් මුහුණ රැළි වැටෙන්න පටන් ගන්නවා.හැමදාම මේ විදිහට වුනොත් මොකද වෙන්නේ කියලා දැන් තේරෙනවනේ.ඒත් එක්කම ඔයා නිදා ගන්න වෙලාවත් මෙතැනදී වැදගත්.busy life එකත් එක්ක ඔයාට නිදා ගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්.කොහොම වුණත් ඔයා නිදා ගන්න වෙලාවත් හරිම important දෙයක්.දවසට පැයක් දෙකක් නම් ඔයා නිදා ගන්නේ ඒක ඔයාගේ මුහුණට විතරක් නෙමෙයි සම්පුර්ණ ඇඟටම බලපානවා.අඩුම තරමේ දවසට පැය 8ක්වත් නිදා ගන්න try කරන්න.

වතුර බොන්න time එකක් ඕනීම නැහැ.

වතුර කියන්නේ medicine එකක් වගේ දෙයක්නේ.ඉතින් මේ වතුර බොනවා කියන එකත් ඔයාට miss වෙනවා.සමහර වෙලාවට තිබහා තිබුනත් බොන්න වෙලාවක් නැති තරමටම වැඩ වලට හිර වෙලා ඉන්නේ අවස්ථා තියෙනවා.මේ නිසාත් ඔයාගේ මුහුණේ wrinkles ඇති වෙනවා.ඔයාගේ මුහුණේ ඇති වෙලා තියෙන wrinkles වලට හොඳම විසඳුමක් තමයි වතුර කියන්නේ.තිබහා එනකන් ඉන්නේ නැතුව නිතරම වතුර බොන්න try කරන්න.ඒකට ඉතින් work කරන වෙලාවට එහෙ මෙහෙ දුවන්න බැරි නිසා water bottle එකක් නිතරම ළඟ තියා ගන්න.එතකොට වැඩ දෙකම වෙනවනේ.

ඔයාගේ ලොකුම හතුරා සබන් .

ඔයා විතරක් නෙමෙයි හැමෝම වගේ soap වර්ග use කරනවා.සාමාන්‍යයෙන් skin එකේ ph අගය 4.0 – 6.5 අතර වෙනවා.ඒත් soap වල ඊට වඩා වැඩි අගයක් තියෙනවා.soap වලින් කරන්නේ ඔයාගේ skin එකේ තියෙන natural oily ගතිය නැති කරන එක.එතකොට වෙන්නේ ඔයාගේ face එකේ දන්නෙම නැතුව wrinkles ඇති වෙන එක.ඒ නිසා මුහුණ wash කරන්න ph අගය අඩු face wash එකක් use කරන්න.

කන කෑම

Protein කියන්නේ සම නිරෝගී කරන්න help කරන පෝෂ්‍ය පදාර්ථයක්.වයසත් එක්ක සිරුරේ තියෙන Protein ප්‍රමාණය අඩු වෙලා skin එකේ wrinkles ඇති වෙනවා.මේ තත්වය වලක්වා ගන්න නම් ඔයා අනිවාර්යයෙන් Protein අඩංගු food වර්ග ලබා ගන්න ඕනී.ඒකට ඔයාට කරන්න තියෙන්නේ Protein බහුලවම තියෙන බිත්තර, කුකුල් මස්, සැමන්, ඇට වර්ග වගේ දේවල් ඔයාගේ ආහාර වලට එකතු කර ගන්න එක.ඒ වගේම vitamin c කියන්නෙත් wrinkles වලට හොඳම විසඳුමක්.එයින් සම රැළි වැටීම වගේම සම එල්ල වැටීමත් නැති කරනවා

ඔබ දන්නවාද ?

කාන්තාවන්ට දිනකට vitamin c 75 mg අවශ්‍ය බව

මේ විදිහට treatment කරන්න

01) බිත්තර සත්කාරය

මේක හදා ගන්නේ බිත්තර සුදු මදයට දෙහි බින්දු දෙකක් දාලා mix කරලා.ඊට පස්සේ මේ මිශ්‍රණය මුහුණේ උඩු අතට ගාලා විනාඩි 20කින් විතර සෝදන්න.

02) ඔලිව් තෙල් සත්කාරය

ඔලිව් තෙල් ටිකක් අරගෙන මුහුණ හොඳට Massage කරන්න.මේ සත්කාරය day to day කරන්න පුළුවන්.

03) කැරට් සත්කාරය

කැරට් ගෙඩි දෙකක් අරගෙන හොඳට තම්බ ගන්න.ඊට පස්සේ මී පැණි දාලා බ්ලෙන්ඩර් කරගෙන මිශ්‍රණය මුහුණේ ගාලා විනාඩි 30කින් විතර සෝදන්න

04) කෝමාරිකා සත්කාරය

කෝමාරිකා ජෙල් අරගෙන skin එකේ ආලේප කරන්න.විනාඩි 20ක් විතර තියලා සෝදන්න.මේ සත්කාරය day to day කරන්න පුලුවන්නම් හොඳ result එකක් ගන්න පුළුවන්

මේ විදිහට කරන්න කාලයක් නැත්නම් ඔයාට පුළුවන් Cream එකක් Use කරන්න.

හැබැයි නිකන්ම wrinkles වලට තියෙන cream ගන්න නම් එපා.ඒ වෙනුවට ඔයා

  • කොහොඹ
  • සැවැන්දරා
  • වැල්මී
  • කහ
  • කළුදුරු
  • සෝයා ප්‍රෝටීන්
  • දාරුහරිද්‍ර

කියන ඖෂධ වර්ග අඩංගු වෙලා තියෙන cream එකක් use කරන්න.මේ දේවල් වලින් wrinkles විතරක් නෙමෙයි,ඔයාගේ මුහුණේ තියෙන කැළැල් නැති කරලා සම සුසිනිඳු කරනවා.

ඉතින් දැන් ඔයාට wrinkles ගැන බය වෙන්න දෙයක් නැහැ.මොකද මම ඔයාට කිව්වා කොහොමද wrinkles නැති කර ගන්නේ කියලා.හැබැයි ඉතින් treatment කරන අතරතුර ඔයාගේ දින චර්යාවත් චුට්ටක් වෙනස් කර ගන්න වෙනවා.මොකද මේ දින චර්යාව wrinkles වලට විතරක්ම නෙමෙයි ඔයාව ,මම ලෙඩ කරන්නත් හේතු වෙනවා.ඒ කොහොම වුනත් මේ treatment වලින් ඔයාගේ wrinkles නැති වෙනවා කියන එක නම් sure.

Like
Like Love Haha Wow Sad Angry
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here