එඬරු තෙල් ඖෂධීය ගුණයෙන් ඉතාමත් ඉහල ඖෂධයක්,එමඟින් හිසකෙස් වර්ධනය කිරීම, සම පැහැපත් කිරීම සිදු කරනවා.සෞඛ්‍ය තත්වයෙන් වගේම ඖෂධීය ගුණයෙනුත් අනුන එඬරු ඉතාමත්ම වටිනා තෙල් වර්ගයක්.ඉතින් මුහුණේ ඇති ලප කැළැල් ඉවත් කර සම පැහැපත් කර ගැනීමට මේ සත්කාරය මඟින් හැකියාව ලැබෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
– බ්ලෙන්ඩර් කරගත් දෙළුම් ඇට මේස හැඳි 1
– බ්ලෙන්ඩර් කරගත් මිදී ගෙඩි 4
– බ්ලෙන්ඩර් කරගත් බීට් ගෙඩි බාගයක්
– ඇපල් ගෙඩි බාගයක්
– යෝගට් මේස හැඳි 2
– එඬරු තෙල් මේස හැඳි 2
සදා ගන්නා ආකාරය
– මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර පල්පයක් ලෙස සකස් කර මුහුණේ ආලේප කරන්න.
– විනාඩි 20කින් පමණ සෝදා ඉවත් කරන්න.
– සතියකට වරක්වත් මේ සත්කාරයන් සිදු කරන්න.



