Like
Like Love Haha Wow Sad Angry

හිසකෙස් කියන්න අපි නිරන්තරයෙන් ආරක්ෂා කරගන්න ඕනේ දෙයක්.අපි ඉතින් කොන්ඩෙත් එක එක fashion වලට හදනවනේ.එහෙම එක එක දේවල් කරනකොට වෙන්නේ කොණ්ඩෙට හානියක්.ඉතින් මම කියන්නද මේකට හොඳ treatment එකක්.හැබැයි මේක හදන්නේ නම් සීනි වලින්,නිකන් සීනි නෙමෙයි ,දුඹුරු සීනි වලින්.මේ treatment වලින් හිසකෙස් ශක්තිමත් කරනවා.හිසකෙස් පෝෂණය කරනවා.ඉතින් ඔය දේවල් ලබා ගන්න නම් මේ treatment කරන්නම් වෙනවා.

ලෙමන් යුෂ සහ දුඹුරු සීනි

අවශ්‍ය ද්‍රව්‍ය

  • දුඹුරු සීනි තේ හැඳි 2 ක්
  • ලෙමන් යුෂ තේ හැදි 2 ක්
  • ඔලිව් තෙල් තේ හැඳි 2 ක්
  • ලුණු තේ හැන්දක්

සාදාගන්නා ආකාරය

  • දුඹුරු සීනි සහ මුහුදු ලුණු එකට මිශ්‍ර කරන්න.
  • එයටම ඔලිව් තෙල් සහ නැවුම් ලෙමන් යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
  • මිශ්‍රණය හිසේ ගල්වා සම්බාහනය කරන්න.
  • ඉන්පසු හිසකෙස් සෝදා හරින්න

මේ treatment එකෙන් ඔබේ හිසෙහි ඇති ඉස්සොරි ඉවත් කිරීම , හිරුගේ හානිකර කිරණ වලින් ඔබේ හිස ආරක්ෂා කරයි.

ඕට්ස් සහ දුඹුරු සීනි

අවශ්‍ය ද්‍රව්‍ය

  • දුඹුරු සීනි තේ හැඳි 2ක්
  • ඕට්ස් තේ හැඳි 2ක්
  • කුඩා බඳුනක්
  • කන්ඩිෂනර් තේ හැඳි 2ක්
  • ඔලිව් තෙල් තේ හැඳි 2ක් ක්

සාදාගන්නා ආකාරය

  • බඳුනට දුඹුරු සීනි සහ ඕට්ස් දමා මිශ්‍ර කරන්න.
  • මෙම මිශ්‍රණයටම කන්ඩිෂනර් එකතු කර සියල්ල එකට මිශ්‍ර කර ගන්න.
  • මීළඟට ඔලිව් තෙල් එකතු කර මිශ්‍ර කරන්න.
  • මිශ්‍රණය හිසේ ගල්වා සම්බාහනය කරන්න.
  • ඉන්පසු හිසකෙස් සෝදා හරින්න

හිස් කබලේ වියලි ඇති ඝන අපද්‍රව්‍ය ඉවත් කර, රුධිර සංසරණය වැඩි කරනවා .

ඉතින් මෙන්න මේ treatment ටික හරියම කරන්න පුළුවන් නම් කොන්ඩෙට ඕනේ ඕනේ විදිහට fashion කරන්න ඕනේ නැහැ ,අපිට ඕනේ විදිහට ඊටපස්සේ කොණ්ඩෙට Fashion කරන්න පුළුවන්.හැබැයි මේ treatment හැමදාම කරන්න නම් යන්න එපා,මේක සාමාන්‍යයෙන් සතියට දවස් 03ක් විතර කරලා බලන්න.එතකොට හොඳ result එකක් ගන්න පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here