Like
Like Love Haha Wow Sad Angry
1

ඔබ අප හැමදෙනාම වගේ  සතුන්ට ආදරෙයි.ඒ නිසාම නිවසෙහි සුරතලයට කවුරුන් හෝ සත්වයෙක් ඇති කරන්න බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා.බොහෝ විට නිවසෙහි ඇති කරන්නේ වැඩිපුරම බල්ලන් සහ පුසන්.ඒ වගේම සුරතල් සතුන් ඇති කිරීම මඟින් මානසික සෞඛ්‍ය ඉතාමත් හොඳ තත්වයකට පත් කරනවා.ඉතින් මේ කියන්නේ සුරතල් සත්වයෙකු ඇති කිරීම මඟින් ඔබට ලබා ගත හැකි වාසි මොනවාද කියලයි

01) තනිකම

ඔබ කාලයත් සමඟ තනිව සිටින විට ඇල්මයිසර් රෝගය, හදවත් රෝග සහ මානසික ගැටළු ඇති වීමේ හැකියාව ඇති වෙනවා.ඒ වගේම දැඬි මානසික පිඩනය ඇති වෙනවා.නමුත් නිවසෙහි සුරතලෙකුගේ ආශ්‍රයට වැටුනොත් ඔබ තුල පවතින තනිකම නැති වී යනවා

02) හදවත් රෝගයන් අඩු කිරීම

ඔබ හදවත් රෝගවලින්  මිය යාම සුරතලෙකු ඇති කිරීමෙන් අඩු කරනවා.ඒ වගේම පුසෙකු ඇති කරනවා නම් මානසික ආතතිය නැති කර මනස සැහැල්ලු කිරීමට හැකියව තිබෙනවා

03) මතක ශක්තිය

මනස දුර්වල වීමට වයස ,මානසික ආතතිය ආධිය වැනි හේතු නිසා ඇති වෙනවා.නමුත් සුරතලෙකු නිවසෙහි සිටීමෙන්  මතක ශක්තිය ආරක්ෂා වෙනවා
 
04) ශාරීරික වේදනාව

ඔබ අසනීපයෙන් සිටින විට, ශාරීරික අපහසුතා වලින් පෙලෙන විට සුරතලෙකු සමඟ කාලය ගත කරන්නේ නම් ඔබේ අපහසුතා තුරන් වී යනවා.
 
05) බබාට අසාත්මිකතා අවධානම අඩු කරයි

කුඩා කාලයේ සුරතල් සතුන් ඇති කරන දරුවන්ට අනාගතයේදී අසාත්මිකතා ඇති වීම වලක්වනවා

06) ළමා විය දියවැඩියාව

දරුවන් සුරතලුන් රැක ගැනීම සඳහා ක්‍රියාකාරී වන විට, වගකීම් සහගත හැඟීම් ඇති වූ විට පලවෙනි මට්ටමේ දියවැඩියා රෝගය ඇති වීමේ අවදානම අඩු කරන බව පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here