ඔබ ජීවිතය සාර්ථක කර ගන්න ගොඩක් දේවල් උත්සහ කරනවා.නමුත් සමහර අවස්තාවන් වලදී ඔබ බලාපොරොත්තු නොවන ආකාරයෙන් තම රැකියව සහ ජීවිතය අසාර්ථක තත්වයට පත් වෙන්න පුළුවන්.එවැනි තත්වයක් උදා වෙන්නට හේතු වන්න ඇත්තේ ඔබ තුල ඇති සහ ඔබ අනුගමනය කරන පුරුදු වීමට හැකියාව තියෙනවා.
01) සෑම දෙයක්ම ප්‍රශ්නයකින් අවසන් කිරීම
ඔබ ඔබේ සේවයක් සමඟ රැස්වීම් පවත්වන්නේ යමක් පැවසීමට අවශ්‍ය වූ විටයි.ඔබ එම රැස්විම අවසානයේ ප්‍රශ්නයකින් අවසන් කරන්න.එමඟින් ඔබ පැවසු කාරණා ගැන ඔබේ සේවකයින් කොතරම් දුරට දැනුවත් වී සිටින්නට ඇත්දැයි දැනගැනීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම ඔබ රැස්වීමේදී කතාකරන හඬ විලාශය ඉතාමත් වැදගත් වෙනවා
02) ඔබගේ මතය වෙනුවෙන් සමාව ඉලන්න
ඔබ ඔබගේ ආයතන ඉහල මට්ටමකට ගැනීමට ගොඩක් උත්සහ කරනවා.එහිදී ඔබට ඇති මතය සෘජුව පවසන්න.නමුත් ඔබ එහිදී සමාව ඉල්ලීමට යාමෙන් වලකින්න
03) ඔබේ ඉදිරිපත් කිරීම් සැකයෙන් සහ බයෙන් කරන්න එපා
ඔබගේ ඉදිරිපත් කිරීම ආරම්භයේ දී වගේම එය අවසානයේ දී ඔබගේ දැනුම සම්බන්දයෙන් නරඹන්නන් වෙත මනා අවබෝදයක් ලබා දීම ඉතා වැදගත්. එම නිසා ඔබගේ ඉදිරිපත් කිසිම කුතුහලයකින්, චකිතයකින් තොරව සිදු කල යුතුයි. ඔබ ආරම්භයේදී සිදුකරන හැදින්වීම ඉතාමත් ආකර්ශනීය ලෙස සිදු කිරීම ඉතාමත් වදගත්.ඒ වගේම ඔබේ කාලය කලමනාකරනය කර ගන්න වග බලා ගන්න
04) ඇඳුම් විලාසිතා
ඔබ අඳින ඇඳුම් පැළඳුම් වලින් සමහර අවස්ථාවන් වලදී ඔබේ තත්වය මනිණු ලබනවා.ඔබ විලාසිතා කොපමණ අනුගමනය කලත් තැනට සුදුසු ලෙස ඒවා භාවිතා කරන්න.ඒ වගේම රැකියා ස්ථානය යාමේදී ඒ සඳහා උචිත ඇඳුම් ඇඳීමට උත්සහ කරන්න
05) සේවක අවධානය
ඔබ යමක් කිරීමේදී ඔබ යටතේ සිටින සේවකයින්ගේ අවදානය ලබා ගැනීම කල යුතුයි .එහිදී ඔබ ඔවුන්ගේ දෑස් දෙස බලා කතා කිරීමට පුරුදු වෙන්න.ඒ වගේම ඔබ පවසන දේවල් ඔවුන්ට වැටහෙන්නේ නැත්නම් ඒ පිලිබඳව නැවත පැහැදිලි කර දීම ඔබ සතු වගකීමක්
06) සුබ පැතුම්
ඔබගේ සේවකයින් හට සුබ පැතීම මඟින් ඔබ සමඟ ඇති සම්බන්දතාවය ශක්තිමත් වෙනවා. ඒ වගේම ඔබේ ඉදිරිපත් කිරීම සහ වෙනත් දේ සඳහා සුබ පැතු විට ඒවා පිළිගැනීමට අවශ්‍යයි.නැතිනම් එය ඔබ විසින්ම ඔබගේ ප්‍රතිරූපයට හානි කර ගැනීමක්



