Like
Like Love Haha Wow Sad Angry

ගොඩක් අය සිරුරේ තරබාරුව අඩු කරගන්න කියලා gym යන්න පුරුදුවෙලා ඉන්නවා. තවත් සමහරු ගෙදරට වෙලා exercise කරනවා. gym යද්දී නම් ගොඩක් වෙලාවට කෑම පාලනයක් සිදු වෙනවා. මොකද එයාලාට වෙනම diet plan එකක් නිර්දේශ කරනවා. හැබැයි ගෙදරදී exercise කරනවා නම් කෑම පාලනයක් අවශ්‍යමයි. මොකද සමහරු ගෙදර ඉඳන් exercise කරද්දී කෑම ගැන එතරම් සැළකිල්ලක් දක්වන්නේ නැහැ. හැබැයි exercise කරද්දී ඔයාගේ සිරුරේ පාලනයට එහෙමත් නැත්නම් ශක්තිය නිපදවීමට පෝෂණීය ආහාර වේලක් අත්‍යවශ්‍යයි.ඒ නිසා ගෙදරදී exercise කරන ඔයාට කන්න පුළුවන් කෑම වට්ටෝරු කිහිපයක් ගැන අපි අද කියලා දෙන්නම්.

ජලය

exercise කරද්දී සිරුරෙන් සෑහෙන වතුර ප්‍රමාණයක් ඉවත් වෙනවා. ඒ නිසා පැයක් විතර එක දිගට ඔයා exercise කිරීමෙන් විජලන තත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට වතුර බොන්න ඕනේ.හැබැයි Cool වතුර බොන්නේ නැතුව සාමන්‍ය වතුර විතරක් බොන්න මතක තියාගන්න.

කඩල

කඩල කියන්නේ ප්‍රෝටීන බහුල ආහාරයක්. සෑම කඩල ග්‍රෑම් 20කම ප්‍රෝටීන ග්‍රෑම් 6ක් තියෙනවා. මේ කඩල, දවසේ ඕනෑම වෙලාවකට හොඳ ආහාරයක්. ඒ නිසාමයි exercise වලින් පස්සේ කන්න කඩල නිර්දේශ කරන්නේ.

ඕට්ස්

ඕනෑම සුපිරි වෙළඳසැලකින් ගන්න පුළුවන් වෙන තරමටම ඕට්ස් අපේ රටේ සුලබ දෙයක් වෙලා. ඕට්ස්වලින් විවිධාකාරයේ රසවත් පෝෂ්‍යදායී කෑම හදාගන්නත් පුළුවන් කියලා අපි දන්නවනේ. ඉතින් ව්‍යායාම වලින් පස්සේ ඕට්ස් වැදගත් වෙන්නේ එහි තියන තන්තුමය ස්වාභාවය සිරුරේ මහත අඩු කරන්න උදව් වෙන නිසා.ඒ වගේම කොලෙස්ටරෝල් පාලනයටත් ගුණදායකයි.

රතු බත්, චිකන් සහ හාෆ් බොයිල් එළවළු

සිරුරට අවශ්‍ය කරන ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් පමණක් නෙවෙයි විටමින් B6 පවා ලබා දෙන්න චිකන් වලට පුළුවන්. ඒ වගේම රතු බත් සහ හාෆ් බොයිල් කරපු එළවළු කීපයක් එකතු වුණාම පෝෂ්‍ය පදාර්ථ හරියටම ඔයාට ලබාගන්න පුළුවන්. ඔයාගේ ස්නායු පද්ධතියටත් ගුණදායකයි.

මල්ටිග්‍රේන් පාන් සහ ස්ක්‍රැම්බ්ල්ඩ් බිත්තර

මල්ටිග්‍රේන් පාන් පෙති දෙකකින් වැයවුණු කාබෝහයිඩ්‍රේට් ටික ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි නිකන්ම පිටිගුලියක් කනවා වගේ නෙවෙයි. මේවායේ තියන කෙඳි ගතිය නිසා සිරුරේ තියන සීනි මට්ටමට බලපෑමක් වෙන්නෙත් නැහැ. මල්ටිග්‍රේන් පාන් එක්ක කන්න සම්පූර්ණයෙන්ම ප්‍රෝටීන වලින් අනූන බිත්තර ටිකක් ස්ක්‍රැම්බල් කරගන්න.

සැමන් මාළු සහ බතල

සැමන් කිව්වම අපට මතක් වෙන්නේ ටින් කළ මාළු. හැබැයි ටින් නොකරපු සැමන් මාළුත් තිබෙනවා. එලෙස ලබාගත් සැමන් පෙති දෙකක් exercise වලින් පසුව ලබාගන්න. එමඟින් ඔමෙගා 3 සහ අත්‍යවශ්‍ය ප්‍රෝටීන ඔයාගේ ගෙවී ගිය ශක්තිය යළි ලබාදෙනවා.හැබැයි සැමන් එක්ක බතලත් ආහාරයට ගන්නවා නම් ඔයාට අවශ්‍ය කරන විටමින් හොඳින් ලැබෙනවා

චොකලට් කිරි

ශක්තිමත් මාංශපේෂි වර්ධනය කරන්න චොකලට් කිරිවලට පුළුවන්. exercise කිරීමෙන් පස්සේ ශීත කළ කිරි තමයි බොන්නේ. චොකලට් කිරිවල මාංශපේෂි වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට්වලට අමතරව 90%ක් විතර තියෙන්නේ ජලය. ඒ නිසා exercise කරද්දි ශරීරයෙන් ඉවතට ගිය ජලය ද ලබාගන්න පුළුවන්.

ඊට අමතරව ඔයාට පුළුවන් Green tea, Green coffe beans සහ ගොරකා අඩංගු Green tea එකක් භාවිතා කරන්න. එමඟින් ඔයාගේ සිරුර මහත් වීමට උදව් කරන මේදය, පිෂ්ඨය සිරුරට උරාගැනීම වළක්වන අතර සිරුරේ තැන්පත් මේදය වේගයෙන් දහනය කරනවා. ඒ වගේම මෙම ශාකසාර 3 මඟින් ආහාර රුචිය ස්භාවිකවම අඩු වන අතර, නිතරම ආහාර ගැනීමෙන් වැළකී බර අඩු කිරීම ස්භාවිකවම සිදු වෙනවා. එමෙන්ම සිරුර අධික ලෙස මහත්වීම නිසා ඇති වන අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව, ආතරයිටිස් වගේ රෝග සෑදීමේ අවධානමද අඩු කරනවා.

ඔන්න දැන් ගෙදර ඉදන් exercise කරන අයටත් ලේසි වෙන්නේ නැහැ. මොකද හිතෙන හිතන විදිහට කන්න බොන්න බැහැනේ. හැබැයි ඉතින් හරියටම exercise කරලා result ගන්න නම් මේ කියපු දේවල් කරන්න වෙනවා. එතකොට ඔයාට වැඩි කාලයක් යන්නත් කළින් හොඳ Result ගන්න පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here