ගොඩක් දෙනෙක් හිතන්නේ සමට හානි වෙන්නේ හිරු එළියෙන් සහ උෂ්ණ කාලවලදී විතරයි කියලා. ඒත් සුළං වල බලපෑමෙන් වගේම ශීත කාලවලදී සමට හානි වෙන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ සමට ඇති වන අහිතකර තත්වයන් සහ ඒවායෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා අපි බලමු.
උෂ්ණත්වය, සුළං සහ සීතල මඟින් සමට හානි වන හැටි

උෂ්ණත්වයේ බලපෑමෙන් ඔයාගේ සමේ පැහැය වෙනස් වෙන්න පුළුවන්. එමෙන්ම පුල්ලි හෝ ලප මතු වීම, සම මතුපිට සාමාන්‍යයෙන් පැවති තෙත ගතිය වෙනුවට දැඩි වියලි ගොරෝසු බවක් ඇතිවීම වගේ දේවල් සිදු වෙනවා.
ඒ වගේම ශීත කාලයේදී ඔයාගේ සමට බලපාන සාධක ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ශීතල දේශගුණික තත්වයන් සම මතුපිට වියළි බවක් ඇති කරනවා. සුළඟින් උණුසුම් වන වායුගෝලය නිසා සමේ දීප්තිමත් බවට හානි වෙනවා. ඒ වගේම සමේ ඉරිතැලීම්, කොරළ ඇති වීම් එහෙමත් සිදු වෙනවා. මෙවැනි තත්වයන්ගෙන් ඔයාගේ සම ආරක්ෂා කර ගන්න නම් කපු වැනි මෘදු හා ස්වාභාවික රෙදිවලින් සැකසු ඇඳුම් අඳින්න, ස්කාෆ් සහ අත්වැසුම් වැනි බාහිර ඇඳුම් අඳින්න. ඊට අමතරව ඔයාගේ සමේ තෙතමනය පවත්වා ගැනීම ගොඩක් වැදගත්.
සිරුරේ තෙතමනය පවත්වා ගන්නේ කොහොමද?

ඔයාගේ මුහුණට විතරක් නෙවෙයි, හිරු කිරණින් විතරක් නෙවෙයි ශීත කාලයේදීත් ඔයාගේ මුහුණ, අත්, ගෙල, දණ, සහ යෝනි ඇතුළුව මුළු ශරීරයටම අවධානය යොමු කරන්න ඕන. මේ දවස් වල ගොඩක් සීතල වතුර බොන්න එපා. මඳ රස්නයෙන් වතුර නිතරම පානය කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් කෝමාරිකා සහ ආමන්ඩ් අඩංගු moisturizing lotion එකක් භාවිතා කරන්න. එමඟින් ඔයාගේ සමේ තෙතමනය ආරක්ෂා කර වියළි බව අවම කරනවා. ඒ වගේම සම සුසිනිදු කරලා පැහැපත් කිරීමටත් උදව් වෙනවා.
එමෙන්ම හැමදාම උදේට හෝ ගමනක් යද්දී day cream එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. විශේෂයේනම ලෙමන්, කහ, කිරි සහ පොල් සාරය අඩංගු day cream එකක් භාවිතා කරන්න. එමඟින් ඔයාගේ සම පැහැපත් කරන අතර හිරු එළියෙන් ස්ළහ සීතලේ සැමට සිදු වන හානිය වළක්වනවා.
මෙම විවිධ කාලගුණ විපර්යාස වලින් ඔයාගේ සුන්දරත්වයට හානි වෙන්න දෙන්න එපා. මොකද සමේ සිදු වන ඉරිතැලීම්, කාලයක් පුරාවට ඔයාගේ සමේ තියෙන්න පුළුවන් ඒ නිසා ස්භාවික ශාක සාර අඩංගු අඩංගු moisturizing හෝ jel වර්ග භාවිතා කරමින් නිතරම සමට සිදු වන හානි වළක්වා ගන්න.



