Like
Like Love Haha Wow Sad Angry

chips කන්න කවුද අකැමති. හැබැයි කඩේ තියෙන chips packet වල නම් රසකාරක සහ හුලං විතරයි තියෙන්නේ. ලොකු ගානක් දීලා වියදම් කරලා ඒවා කාලා අවසානේ ලෙඩ වෙනවා.හැබැයි මේ කියන්නේ යන්නේ කාලා ලෙඩ වෙන්නේ නැතිව ගෙදරදීම හදාගන්න පුළුවන් chips වර්ග 5ක් ගැනයි.

Potato Chips

අවශ්‍ය ද්‍රව්‍ය

  • අල ගෙඩි 2 ක්
  • පොල්තෙල් මේස හැඳි 1 ක්
  • මිරිස් කුඩු මේස හැඳි 1 ක්
  • ගම්මිරිස් කුඩු මේස හැඳි 1 ක්
  • අවශ්‍ය ප්‍රමාණයට ලුණු
  • දුඹුරු සීනි මේස හැඳි 2 ක්

සාදාගන්න ආකාරය

  • අල පොතු ඉවත් කර සෝදා සිහින්ව කපාගන්න
  • පසුව එයට අනෙක් සියලුම දේවල් අල එකට එකතු කර හොඳින් අනාගන්න
  • දැන් එය විනාඩි 15ක් පසෙකින් තබන්න
  • ඉන්පසුව Preheat oven එකෙන් තියන්න. විනාඩි 30ක් පමණ සෙල්සියස් 135ට අවන් එකන් බේක් කරගන්න
  • crispy ගතිය ඇවිත් නැත්නම් අවන් එකෙන් එළියට අරන් ටික වේලාවක් තියලා තියන්න

Radish chips

අවශ්‍ය ද්‍රව්‍ය

  • රාබු අල 2ක්
  • පොල්තෙල් මේස හැඳි 1 ක්
  • අවශ්‍ය ප්‍රමාණයට ලුණු
  • අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස්
  • අවශ්‍ය ප්‍රමාණය මිරිස් කුඩු

සාදාගන්න ආකාරය

  • රාබු කැමති කැමති හැඩයකට, හීනියට කපාගන්න.
  • පසුව ලුණු වතුරේ විනාඩි 15ක් පමණ තියලා ඇල් වතුරින් සෝදන්න
  • රාබු පෙති ටිකට ලුණු, ගම්මිරිස්, මිරිස් සහ තෙල්
  • ඒත් හීනියට කපාගන්න. ලුණු වතුරේ විනාඩි 15ක් පමණ තියලා ඇල් වතුරින් සෝදන්න.
  • රාබු පෙති ටිකට ලුණු, ගම්මිරිස්, මිරිස් සහ තෙල් හැන්ද දමා විනාඩි 10ක් 15ක් පසෙකින් තබන්න.
  • ඊට පස්සේ ප්‍රීහිට් අවන් එකේ සෙල්සියස් 200 උෂ්ණත්වයට විනාඩි 10 බැගින් උඩ කොයිල් එකේ සහ යට කොයිල් එකේ බේක් කරගන්න.

Apple Chips

අවශ්‍ය ද්‍රවය

  • ඇපල් ගෙඩි 2 ක්
  • බටර් මේස හැඳි 1/2 ක්
  • කුරුඳු කුඩු ස්වල්පයක්

සාදාගන්න ආකාරය

  • ඇපල් ගෙඩි සිහින්ව ලියාගන්න.
  • බටර් කාමර උෂ්ණත්වයක් තුළදී දියකර ගන්න.
  • ඇපල් පෙති බටර් එකේ ගිල්වන්න.
  • කුරුඳු කුඩු එකතු කරගන්න.
  • සෙල්සියස් 110 උෂ්ණත්වයේ විනාඩි 10 බැගින් උඩ කොයිල් එකේ සහ යට කොයිල් එකේ බේක් කරගන්න.

Banana Chips

අවශ්‍ය ද්‍රවය

  • තරමක් ඉදුණු කෙසෙල් ගෙඩි 2 ක්
  • ලෙමන් යුෂ

සාදාගන්න ආකාරය

  • කෙසෙල් ගෙඩි 2 ක සිහින්ව කපාගන්න
  • ඒවා වියළි භාජනයක් මත අතුරන්න
  • පසුව ඒ කපාගත් කෙසෙල් මත ලෙමන් යුෂ තවරන්න
  • ඊට පස්සේ ප්‍රීහිට් අවන් එකේ සෙල්සියස් 110ට විනාඩි 90ක් බේක් කරගන්න
  • crispy ගතිය මදි නම් ටික වේලාවක් නිවෙන්න හරින්න.

Cabbage Leaf Chips

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගෝවා කොළ
  • අවශ්‍ය ප්‍රමාණයට ලුණු
  • අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස්
  • අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු
  • ඔලිව් ඔයිල් මේස හැඳි 2 ක්

සාදාගන්න ආකාරය

  • ගෝවා කොළ පහසු හැඩවලට කපාගන්න.
  • ඊට ඔලිව් ඔයිල් එකතු කරගන්න.
  • පසුව එයට අනෙක් ද්රව්ය සියල්ල දමා හොඳින් කලවම් කරන්න
  • දැන් ප්‍රීහිට් අවන් එකේ සෙල්සියස් 180ක උෂ්ණත්වයකින් විනාඩි 30-35ත් අතර වෙලාවක් බේක් කරගන්න.

මේ විදිහට ඔයාට පුළුවන් ගෙදරදීම chips හදලා රස බලන්න. බබාට, ගෙදරට එන අමුත්තන්ට වුණත් සංග්‍රහ කරන්න කදිමයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here