මේ දවස් වල ගෙදරට වෙලා ඉන්න ඔයාල හැමෝම කැමති ඇතිනේ Crispy Chicken කෑල්ලක් කන්න තියෙනවා නම්. ඔයා බලනවා ඇති රටේ මෙච්චර ප්‍රශ්න වෙලා තියෙද්දී , අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් එළියට යන්න කියද්දී Crispy Chicken කන්නේ කොහොමද කියලා. වෙන දවස් වලට නම් ඔයාලට restaurant එකකින් Oder කරලා කන්න පුලුවන්. ඒත් දැන් රටේ තියෙන තත්ත්වය එක්ක එහෙම කරන්න බෑනේ. ඉතින් අද Hello Ladies තුළින් අරගෙන ආවේ ගෙදරදීම කටට රසට ක්‍රිස්පී චිකන් හදාගන්න පුලුවන් recipe එකක් .
අවශ්‍ය ද්‍රව්‍ය

- චිකන් Legs 500g
- ලුණු කුඩු
- කොත්තමල්ලි කුඩු මේස හැදි 1
- මිරිස් කුඩු
- තලාගත් ඉඟුරු
- තලාගත් සුදුළුණු
- මුදවපු කිරි මේස හැදි 5
- බිත්තර 1
- දෙහි යුෂ තේ හැන්දක්
- අයිස් වතුර
පාන් පිටි මිශ්‍රණය
- පාන් පිටි කෝප්ප භාගයක්
- Corn flour තේ හැදි 3
- ඉඟුරු කුඩු තේ හැදි 2
- සුදුළුණු කුඩු තේ හැදි 2
- ලුණු
කොහොමද හදාගන්නේ

- මුලින්ම චිකන් legs වල හම ඉවත් කරලා හොදට සෝදාගන්න ඕනේ .
- ඊට පස්සේ චිකන් වලට ලුණු කුඩු, ගම්මිරිස්, කොත්තමල්ලි, තලා ගත් ඉඟුරු, සුදුළුණු, මුදවපු කිරි, බිත්තරය, දෙහි යුෂ, මිරිස් කුඩු දාල හොදට මිශ්‍ර කරගන්න.
- කුළුබඩු වල දවටගත්ත chicken legs Fridge එකේ දාල පැය දෙකක් පමණ තියා ගන්න .
- chicken legs Fridge එකේ තියෙන අතරේ ඔයා පාන් පිටි මිශ්‍රණය හදාගන්න
- භාජනයක් අරගෙන ඒකට පාන් පිටි, Corn flour, ඉඟුරු සුදුළුණු කුඩු, ලුණු දාල හොදට මිශ්‍ර කරන්න .
- පැය 2ක් ගියාට පස්සේ Fridge එකේ දැම්ම චිකන් legs එළියට අරගන lunch sheet එකක් මැද තියල පිහියේ මිටෙන් චුට්ටක් තලා ගන්න. චිකන් ටික එතකොට හොදට ක්‍රිස්පි වෙලා බැඳෙනවා.
- දැන් Chicken legs පිටි එකේ හොදට තවරන්න.
- ඊටපස්සේ පිටි තවරගත්ත චිකන් කැබැල්ල ice වතුරට දමා නැවත වරක් පිටි වල තවර ගන්න .
- අන්තිමට චිකන් කැබලි ටික ගැඹුරු තෙලේ මද ගින්නෙ විනාඩි 15ක් වගේ බැද ගන්න.
ඉතින් මේ විදියට තමයි restaurant රසට ගෙදර දීම ක්‍රිස්පී චිකන් හදාගන්නේ. ඉතින් ගෙදරට කොටු වෙලා ඉන්න ඔයත් පුංචි වෙලාවක් අරගෙන මේ විදියට ක්‍රිස්පී චිකන් හදලා බලන්නකෝ. මේ වෙනසට නම් පොඩ්ඩෝ විතරක් නෙමෙයි ලොක්කොත් අනිවාර්යයෙන්ම කැමති වෙනවා .
අපේ YouTube Channel එක Subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.
https://www.youtube.com/channel/UCWPU_u76FbVgfqaANTsBV0g



