අත් යට කළු වෙලා නම් අත් කපපු ඇඳුමක්වත් අඳින්න බැරි වෙනවා.ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් කියලා මම දන්නවා.ඒත් ඔයා අත් යට කළු වෙන එකට cream එකක් හරි diodrone එකක් use කරනවා නම් සමහරවිට එකෙනුත් අත් යට කළු වෙන එක වෙන්න පුළුවන්.ඒ නිසා මේ වෙනකන් ඔයාට ඔය ප්‍රශ්නෙට විසඳුම මොකක්ද කියලා හිතා ගන්නවත් හොයා ගන්නවත් බැරි වුණා.ඒ නිසා මම හිතුවා ගොඩක් අයට මේ ප්රශ්නේ තියෙන නිසා හරියටම හරියන විසඳුමක් ඔයාට කියලා දෙන්න.
අත් යට කළු වෙන්නේ ඇයි
- දියවැඩියාව
- ජානමය ගැටළු
- රෝම ඉවත් කිරීම සඳහා ආලේපන යොදා ගැනීම
- Raser වලින් රෝම ඉවත් කිරීම නිසා ඇති වන සියුම් සීරීම් නිසා අවපැහැ වීම සිදු වෙනවා
- අධික ලෙස දහඩිය දැමීම වගේම හොඳ වාතාශ්‍රයක් නොලැබීම
- අධික තරබාරුව
- දහදිය දැමු විට අත් යට හොඳින් පිරිසිඳු නොකිරීම
- මධ්‍යසාර අඩංගු deodorant වර්ග පාවිච්චිය.
දැන් ඔයා දන්නවනේ ඇයි අත් යට කළු වුණේ කියලා.දැන් මම කියන්නම් ඒකට මොකක්ද කරන්න පුළුවන් හොඳම දේවල් ගැන. දැන් මම කියලා දෙන treatment ටික ගෙදරදීම කරන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි ඔයාට ලොකු වියදමක් යන්නෙත් නැහැ.
Homemade treatment
01) අර්තාපල් (potato)

- අර්තාපල් සිහින්ව පෙති කපාගන්න.
- ඊට පස්සේ අත් යට කළු වුණ තැන්වල අර්තාපල් පෙති ගාන්න
- එහෙම නැත්තන් අර්තාපල් පෙති විනාඩි 15 ක් හෝ 20 ක් අත යටින් තියාගෙන ඉදලා සෝදන්න.
- මේ සත්කාරය දිනපතා කරනවානම් ඉක්මනින් හොඳ result එකක් ගන්න පුළුවන්
02) පිපිඤ්ඤා (Cucumber)

- පිපිඤ්ඤා සිහින් පෙති හෝ යුෂ ලබා ගන්න
- ඊට පස්සේ කරන්න තියෙන්නේ අත් යට ප්‍රදේශයේ ආලේප කරන එක.
- දිනකට දෙවතාවක් මේක ඔයාට කරන්න පුළුවන් නම් result ගන්න එකත් simple.
ඊට අමතරව
- පිපිඤ්ඤා යුෂ වලට කහ කුඩු දාලා මිශ්‍රණය හදා ගන්න.
- මිශ්‍රණය කළු වුණ තැන්වල ගාලා විනාඩි තිහකින් පස්සේ සෝදන්න.
- Daily හරි එහෙමත් නැත්නම් Day after day හරි මේ විදියට කළොත් එකෙන් කළු වෙලා තියෙන සමට පැහැපත් බවක් ලබා ගන්න පුළුවන්.
03) ලෙමන් (Lemon)

- ලෙමන් ගෙඩියක යුෂ ගන්න
- ඊට පස්සේ අත්යට ආලේප කරන්න
- විනාඩි දහයකට වගේ පස්සේ පමණ සෝදන්න .
- ලෙමන් යුෂ එක්ක සීනි mix කරගන්න
ලෙමන් වල citric acid අඩංගු වෙලා තියෙන නිසා දීප්තිමත් සමක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.ඒ නිසා අනිත් treatment වලට වඩා fast result එකක් orange වලින් ලබා ගන්න පුළුවන්.
මීට අමතරව
- ලෙමන් යුෂ එක්ක සීනි mix කරගන්න
- අවපැහැ වෙලා තියෙන අත් යට මිශ්‍රණය අලේප කරලා විනාඩි 30කින් සෝදන්න
- මේ treatment එක සතියකට දින 4 – 5 කරන්න
තවත් ක්‍රමයක්
- ලෙමන් යුෂ එක්ක යෝගට් /පැණි /කහ එකතු කරලා මිශ්‍රණයක් හදා ගන්න
- ආලේප කරලා විනාඩි 10 ක් වගේ තියලා සෝදා හරින්න
- දිනපතා මේ treatment එක කරනවා නම් ගොඩක් හොඳයි
05) කෝමාරිකා – aloe Vera

- කෝමාරිකා ජෙල් අරගෙන අත් යට ආලේප කරන්න
- වේලෙන්නට හැර පැයකට පසු ඇල් ජලයෙන් සෝදා හරින්න
- මේ treatment එක දිනපතා සිදු කිරීමෙන් හොඳ result එකක් ලබා ගන්න පුළුවන්.
කෝමාරිකා කියන්නේ ඉතාමත් වටිනා ගුණ තියෙන ඖෂධයක්.විෂබීජ නාශක ගුණය ,දිලීර වෛරස් සහ ප්‍රතිබැක්ටීරියා නාශක ගුණය නිසා අත් යට කළු වීම නැති කරනවට අමතරව germs වලට එරෙහිව ක්‍රියා කරනවා.
මේ Treatment කරන අතරතුර ඔයාට පුළුවන් හොඳ diodrone එකක use කරන්න.
මේ වෙනකොට ලංකාවේ deodorant වර්ග ගොඩක් තියෙනවා.ඒ කොහොම වුනත් හැම deodorant එකකින්ම ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න බැහැ.මොකද ගොඩක් deodorant වලින් වෙන්නේ සුවඳ ලබා දෙන එක විතරයි.ඒ වගේම අත් යට කළු වෙන එක වැඩි කරනවා.එකට හේතුව තමයි ඒ deodorant වල අඩංගු වෙලා තියෙන chemical වර්ග.ඉතින් මේ chemical වලින් වෙන්නේ ඔයාගේ අත් යට කළු වෙන එක වැඩි කරන එක.
ඉතින් ඔයාට deodorant එකක් ගන්න කලින් හොඳට හිතන්න වෙනවා.මොකද හැම deodorant එකකින්ම හොඳ result ලබා දෙන්නේ නැති නිසා.ඔයාට පුළුවන් lia whitening deo එක ගන්න.ඒ නිෂ්පාදනයේ අඩංගු ස්වභාවික ද්‍රව්‍ය නිසා සම පැහැපත් කරනවා විතරක් නෙමෙයි දවස පුරා නැවුම් සුවඳක් ලබා දෙනවා.
මේ lia whitening deo විටමින් c ,මල් බෙරි සාරය ,කිරි සාරය ,කෝමාරිකා සහ තිරිඟු තෙල් නිසා අවපැහැ ගැන්වීම සඳහා බලපාන tyrosinase එනසයිමය පාලනය කරනවා.එමඟින් අලුතින් නිෂ්පාදනය වෙන සම වඩාත් පැහැපත් වෙනවා.ඒ වගේම skin එකට උරා ගන්න නිසා තෙල් ගතියක් දැනෙන්නේ නැහැ.ඉතින් ඔයාට පුළුවන් treatment කරන අතරතුර මේ deodorant එක use කරන්න.
දැන් ඔයාට තිබුන ලොකුම ප්‍රශ්නයක් විසඳා ගන්නේ කොහොමද කියලා මම කියලා දුන්නා.දැන් ඔයාට බය නැතුව ඔයා කැමතිම ඇඳුම් අඳින්න පුළුවන්.හැබැයි ඊට කලින් මේ treatment ටික කරන්න වෙනවා.මම කියලා දුන්න process එකටම කලොත් ඔයාට ගොඩක් හොඳ result ලබා ගන්න පුළුවන්.ඔයාගේ result ගැන helloladies අපටත් කියන්න අමතක කරන්න එපා.



