කැරට් කියන්නේ රසවත් කෑමක්නේ.ගොඩක් වෙලාවට කැරට් කන්නේ curry, juice එහෙමත් නැත්නම් අමුවෙන්මනේ.හැබැයි මම අද ඔයාට කියලා දෙන්න යන්නේ කැරට් වලින් පුඩිමක් හදන විදිහ ගැන.ඉක්මනින්ම ලේසියෙන්ම ඔයාට මේ කැරට් පුඩිම හදාගන්නත් පුළුවන්.Time එකත් ඉතුරුයි taste එකත් වෙනස්.
මොනවද ඕනි වෙන්නේ ?
- Bread crumbs කෝප්ප 1 1/2
- Baking powder තේ හැඳි 01
- බටර් මේස හැඳි 01
- සීනි අඩු කෝප්ප 3/4
- Great කරගත් කැරට් කෝප්ප 01
- Great කරගත් දෙහි ගෙඩියක ලෙල්ල
- පොඩි කරගත් රට ඉඳි කෝප්ප 1/2
- වියළි මිදි අඬු කෝප්ප1/2
- පොඩි කරගත් කජු අඬුකෝප්ප 1/4
- එළකිරි හෝ පිටිකිරි අඬු කෝප්ප 01
- දෙහි යුෂ මේස හැඳී 02
- ලුණු ටිකක්

කොහොමද හදන්නේ බලමු
- මුලින්ම භාජනයකට bread crumbs ,Baking powder සහ ලුණු දමා මිශ්‍ර කර ගන්න.
- ඊළගට අනිත් ingredients සියල්ලම භාජනයකට දාලා Mix කරන්න.
- පසුව ඒ මිශ්‍රණය මදගින්නේ ටික වෙලාවක් Boiled කර ගන්න
- Boiled කර ගත්තට පස්සේ bread crumbs ,Baking powder සහ ලුණු දමා සකස් කර ගත් මිශ්‍රණය ඒකට එකතු කරන්න.
- දැන් බටර් ගාගත්ත cup අරගෙන ඒවාට මිශ්‍රණය දාලා සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 180 කට oven එකේ විනාඩි 25 ක් – 35 ක් Bake කරගන්න
- ඊට පස්සේ නිවෙන්න තියලා fridge එකේ තියන්න .
- දැන් ඔන්න පුඩින් එක හදල ඉවරයි.
ඔන්න දැන් මම ඔයාට කියලා දුන්නා රසම රස කැරට් පුඩිමක් හදා ගන්නේ කොහොමද කියලා.ගෙදරට guest කෙනෙක් ආවහම වුනත් එයාලට පිළිගන්වන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි.ඔයාට මේක ඔයාගේ යාලුවන්ටත් introduce කරලා දීලා එයාලගේ comments මොනවද කියලත් අහලා බලන්න.



