Like
Like Love Haha Wow Sad Angry

cancer කියන නම ඇහුවත් බය හිතෙනවානේ.ඔව් cancer, එකක් කියන්නේ ජීවිතයත් මරණයත් අතර එකතරා සටනක්.හැබැයි මම අද කියන්නේ යන්නේ ගොඩක් කාන්තාවන්ට මේ වන විට වැළඳිලා තියෙන Breast Cancerගැන.හැබැයි Breast Cancer එක කාන්තා පාර්ශවයටම විතරක් නෙමෙයි පිරිමි පාර්ශවයේ අයටත් වැළදෙනවා.ඔක්තෝම්බර් කියන්නේ Breast Cancer ගැන දැනුවත් කිරීමේ මාසය නිසා මම හිතුවා අද Breast Cancer ගැන කියලා දෙන්න.

Breast Cancer ගැන

Breast Cancer එකක් ඇතිවන්නේ Breast එකේ තියෙන සෛලවල.cancer නිසා සිදුවන මරණ අතරින් පස්වන ස්ථානය ගන්නේත් මේ Breast Cancer එක.

වයස අවුරුදු 40ට වැඩි සෑම කාන්තාවකටම පියයුරු පිළිකා අවදානම ඇති බව ඔබ දන්නවා ද?

Breast Cancer ඇතිවෙන්නේ ඇයි ?

  • තරබාරුකම
  • exercise නොකිරීම
  • මත්පැන් පානය කිරීම
  • දුම් පානය කිරීම
  • දරුවන් ඇති වීම ප්‍රමාද වීම හෝ දරුවන් නැති වීම
  • දරුවන්ට මවුකිරි ලබා නොදීම සහ කිරි දීම අඩු වීම
  • අඩු වයසින් වැඩිවියට පත් වීම
  • උපත් පාලන ක්‍රම වැඩි කාලයක් භාවිතා කිරීම
  • හෝමෝන ප්‍රතිකාර ගැනීම
  • ආරය හා එක් වරක් පිළිකා වැළඳී තිබීම
  • වයස අවුරුදු 40 ඉක්ම වීම
  • මඳ සරු බව

රෝග ලක්ෂණ

  • සැරව සහිත තුවාල ඇතිවීම
  • පියයුරු ආශ්‍රිත සම ඝන වීම
  • තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
  • තන පුඩුව ඇතුළට ගිලී යාම
  • නහර මතු වීම
  • ඉදිමීම
  • සැරව සහිත තුවාල ඇතිවීම
  • සම දොඩම් ලෙල්ලක පෙනුමක් ගැනීම
  • පියයුරු වල ප්රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
  • පියයුරු වල තද ගැටිති
  • සම මතුපිට වළ ගැසීම
  • අසීරුවක් හෝ වේදනාවක් දැනීම
  • තන පුඩුවෙන් දියරයක් ගැලීම

මේ විදිහට Breast Cancer හඳුනාගමු

මේක හඳුනා ගන්න ඔයා මුලින්ම කරන්න ඕනී ස්වයං පියයුරු පරීක්ෂාවක් සිඳු කරගන්න එක.

ස්වයං පියයුරු පරික්ෂාව සිදු කරන්නේ මෙහෙමයි

  • mirror එකක් ඉදිරියට ගොස් පියයුරු වල හැඩය, පියයුර ගිලී තිබෙනවා ද, නෙරා තිබෙනවා ද, තන පුඩුවේ හැඩයේ වෙනසක් හෝ ශ්රාවයක් තිබෙනවාද යන්න ආදී ලක්ෂණ පරීක්ෂා කරන්න.
  • පසුව ඇඳේ උඩුබැලි අතට හාන්සි වී එක් අතක් ඔලුවට යටින් තබාගෙන එම පැත්තේ පියයුර අනිත් අතින් අල්ලා බලා පරීක්ෂා කිරීම සිදු කරන්න.
  • සති දෙකකට වරක්වත් මේ ආකාරයට පරීක්ෂා කර ගන්න.
  • එහි දී පියයුරු උඩු පැත්ත, පියයුරු යටි පැත්ත, කිහිළි ආශ්රිත පියයුරු පැත්ත හා කිහිල්ල හොඳින් ස්පර්ශ කර පරීක්ෂා කල යුතුයි.
    මේ විදිහට පරික්ෂා කරනකොට ගැටිත්තක් වගේ දෙයක් හඳුනා තියෙනවා නම් වෛදවරයෙක් ලඟට ගිහින් පෙන්වන්න.එතකොට වෛද්‍යවරයා විසින් ඇති වී තිබෙන්නේ පිළිකාමය තත්වයක්ද කියන එක පැහැදිලි කරලා දෙයි.

ඊට පස්සේ ඔයාට කරන්න පුළුවන් රෝගය හරියටම හඳුනා ගන්න

  • මැමෝ ග්‍රෑම් (Mammograms)
  • අල්ට්‍රා සවුන්ඩ් (Ultrasound)
  • එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂා (MRI Scan)

සාමාන්‍ය test එකකින් හොයා ගන්න බැරි තත්වයක් ඇති වුනොත් එය Mammograms test එකෙන් හඳුනා ගන්න පුළුවන්.ඊට පස්සේ කරන්නේ පටක පරීක්ෂාවයි.

ඕනෑම පිලිකාවක්හඳුනා ගන්න තියෙන හොඳම සහ සාර්ථකම ක්‍රමවේදය වෙන්නේ පටක පරික්ෂා කිරීමයි.

පියයුරු පිළිකාව වලක්වා ගන්න නම්

  • මත්පැන් /මත්ද්‍රව්‍ය හාවිතයෙන් ඉවත් වෙන්න
  • සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරන්න
  • දිනපතා ව්‍යායාම සිදු කරන්න
  • අවුරුදු 26 – 27 පමණ වන විට දරුවන් ලබා සිටිය යුතුයි
  • කෘතිම හෝර්මෝන ඖෂධ වර්ග භාවිතය අවම කරන්න
  • උපත් පාලන පෙති ගැනීම අවම කරන්න

ප්‍රතිකාර මොනවද ?

  • Brest cancer එකක් මුල් අවධියේ හඳුනා ගැනීමෙන් පසු සුව කිරීමේ හැකියාව තියෙනවා
  • විකිරණ ප්‍රතිකාර
  • ඖෂධ එන්නත් කිරීමෙන්
  • හෝර්මෝන පෙති භාවිතයෙන්
  • Surgery එකකින් cancer එක ඇති Brest එක ඉවත් කිරීම

Surgery එකකින් Breast එක ඉවත් කලත් technical වල දියුණුවත් එක්ක Breast එකේ කොටසක් ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා.හැබැයි ඒ ආකාරයට සිදු කල හැක්කේ cancer එක හරියටම හඳුනා ගත්තොත් විතරයි.

ඒ කොහොම වුණත් සම්පුර්ණ Brest එක ඉවත් කලත් plastic surgery මඟින් පියයුර නැවත සකස් කිරීමට හැකියාව තියෙනවා

ඉතින් මම අද ඔයාට කියලා දුන්නේ Breast Cancer එක ගැන.ඇත්තටම Breast Cancer ගැන හැමෝම දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් හොඳයි.මොකද කොයි මොහොතේ කොයි වෙලාවේ මේ රෝගය ඇති වෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ.හැබැයි කොහොම වුනත් මේකෙන් වැළකිලා ඉන්න නම් මම කියපු දේවල් කරන්න වෙනවා.ඒ වගේම අඩුමතරමේ මාසයකට සැරයක්වත් පියයුරු පරීක්ෂාවක් සිදු කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here