UTI (Urinary tract infections) එහෙමත් නැත්නම් මුත්‍රා අසාදන කියන්නේ ගොඩක් අයට තියෙන වේදනාත්මක ප්‍රශ්නයක්. සමහර අවස්ථා වලදී ඖෂධ මඟින් රෝගය සුව වුණත් ඉක්මනින් සුව නොවන අවස්ථාද නැතුවම නෙමෙයි.මෙතැනදී ගොඩක්ම බලපාන්නේ ඔයා ඔයා ගැන හිතන්නේ නැති එක.ඔව්, මම දන්නවා ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක්.සමහරවිට වතුර බොන්නවත් වෙලාවක් නැහැ.පෝෂණය, විවේකය ගැන හිතන්න කාලයක් ඔයාගේ time table එකෙන් හොයා ගන්නවත් බැරුව ඇති.අන්න ඒ නිසාම ඔයාට ශාරීරික වගේම මානසික අපහසුතවයන්ටද මුහුණ දෙන්න වෙන අවස්ථා තියෙනවා.ඉතින් ගොඩක් අය ශාරීරිකව විඳින අපහසුතාවයක් තමයි urine infection කියන්නේ.ඉතින් ගොඩක් අය පිඩා විඳින මුත්‍රා ආසාදන ගැන මම අද ඔයාට කියන්නම්
Urine infections ඇති වෙන්නේ ඇයි ?
- මුත්‍රා පිට නොවීම
- අධික ලෙස මුත්‍රා පිට වීම
- මුත්‍රා මාර්ගයේ ගෙඩි ඇතිවීම
- මුත්‍රාශ ගල් ඇතිවීම
- Urine සමඟ blood පිටවීම
- Urine පිටකිරීමේදී ඇති වන අධික දැවිල්ල සහ වේදනාව
Urine infections ඇති නොවෙන්න නම්
01) Sex කරන්න කලින් හිතන්න

ඔයා හිතනවා ඇති එහෙනම් sex කරන හැමෝටම urine infection තියෙනවා කියලා.මෙතැනදී වෙන්නේ Urine infections එකක් තියෙන සහකරුවෙක් සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වුවොත් urine infection ඇති වෙන්ක එක.ඒ නිසා ලිංගික සමබන්ධතා පවත්වන කෙනා ඔයාට ගොඩක් trust කෙනෙක් වෙන්න ඕනී.ඒ විතරක් නෙමෙයි ඔයා ලිංගික සම්බන්ධතා පවත්වනකොට එක පුද්ගලයෙක්ට විතරක් සීමා කරන්න
02) Under wear

under wears කියන්නේ කොහොමත් අපිරිසිඳු දෙයක්නේ.ඉතින් ඒ නිසා under wear use කරනකොට ගොඩක් ආරක්ෂා වෙන්න ඕනී.මොකද Urine infections ඇති වෙන්න පුළුවන් ලොකුම හේතුවක් තමයි ඔයාගේ නොවන under wear ඇඳීම.හැබැයි ඔයා ඔයාගෙම under wear use කලත් infections ඇති වෙන්න පුළුවන්.ඒ කොහොමද දන්නවද ?ඔයා use කරන under wear අපිරිසිඳුයි නම් තමයි එහෙම වෙන්නේ.ඒ නිසා ඔය ඔයාගේ under wear daily clean කරන්න අමතක කරන්න එපා.ඒ විතරක් නෙමෙයි සතියකට වතාවක් විෂබීජ නසන liquid වර්ගයක් උණුවතුර බේසමකට දාල mix කරලා ඒවයෙන් ඔයාගේ යට ඇඳුම් සෝදන්න.ඒ under wear හොඳට අව්වේ වේලා ගන්නත් අමතක කරන්න එපා.
03) අපිරිසිඳු වැසිකිලියක්ද තියෙන්නේ

ඔයා use කරන වැසිකිලිය අපිරිසිදු නම් අනිවාර්යයෙන්ම Urine infection එකක් ඇති වෙන අවධානම තියෙනවා.ගෙදර විතරක් නෙමෙයි ඔයාගේ office එකේ use කරන වැසිකිලිය වුනත් ගොඩක් clean වෙන්න ඕනී. ඒ නිසා daily වැසිකිලිය Disinfectant liquid වර්ගයකින් සෝදන්න.ඒ වගේම පොදු වැසිකිලියක් use කරනවා නම් හොඳම දේ වෙන්නේ අවශ්‍ය සනීපාරක්ෂක පියවර අනුගමනය කරන එක.ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ළඟ නිතරම tissue තියා ගන්න.තව දෙයක් තමයි ඔයා use කරන හැම වෙලාවේම යන්න කලින් wash කරලා යන්න පුළුවන් නම් තවත් හොදයි.ඒක පුරුද්දක් කරගන්න.
04) Urine පිට කරන්නේ කම්මැලිද ?

සමහර විට urine පිට කරන්න අවශ්‍ය වුනත් busy නිසා ඒකටවත් වෙලාවක් නැති වෙන අවස්ථාද ඕනී තරම් තියෙනවා. ගොඩක් වෙලාවට office එකේ වැඩ නිසා busy වෙන අයට එහෙමත් නැත්නම් ඉස්කෝලේ යන කෙනෙක්ට මේ දේ ගොඩක් වෙලාවට වෙනවා.සමහර වෙලාවට ගෙදරට එනකන්ම URINE පිට කරන්නේ නැතුව ඉන්න අයත් ඉන්නවා.එතකොට නම් ඉතින් Urine infections හැදෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩියි.
05) වතුර බොන එක අඩුයි නම් Urine infections වලට මඟක්

හැමෝගෙම ඇඟේ තියෙන විෂ වගේ දේවල් පහසුවෙන් පිට වෙන්නේ urine සහ sweat වලින්.හැබැයි ඉතින් මේ ක්‍රියාවලිය හරියටම වෙන්න නම් ඔයා හොඳට වතුර බොන එක නම් කරන්න ඕනී.හැබැයි ඉතින් තිබිහට විතරක් වතුර බොන එක කරන්න එපා.නිතරම ඔයා ලඟින් වතුර බෝතලයක් තියා ගන්න.පුළුවන් හැමවෙලාවකම වතුර බොන්න.වතුර බොනකොට ඒ වතුර උණුවතුර වෙනවා නම් තමයි health එකට ගොඩක් හොඳ.
මීට අමතරව
01) වතුර සහ සීනි (Water and sugar)

මේ Treatment එකෙන් ඔයාට යම් සහනයක් ලබා ගන්න පුළුවන්.ඒත් අමතක කරන්න එපා මේ treatment එක Urine infection වලට විකල්ප විසඳුමක් විතරයි කියලා.මුත්‍රා දැවිල්ලකදී වතුර වීදුරුවකට සීනි හැන්දක් විතර දාලා බොන්න.ටිකක් වෙලා යනකොට pain එක හරි අඩුවෙලා යන්න පටන් ගන්නවා.ඔයාට මේ drink එක gastritis තියෙනකොට වුණත් බොන්න පුළුවන්. ඉතිං ඔයාටත් මුත්‍රා ආසාදන තත්ත්වයක් ඇති වුණොත් මේ ක්‍රමය අත්හදා බලන්න.
02) පිපිඤ්ඤා සහ කොමඩු (Watermelon and cucumber)

ඔයා දන්නවානේ කොමඩු කියන්නේ හොඳින්ම ජලය තියෙන පළතුරක්.ඉතින් ඔයාට පුළුවන් මුත්‍රා දැවිල්ල තියෙන වෙලාවට Watermelon Juice එකක් හදාගෙන බොන්න.ඒකෙන් ඔයාගේ සිරුරට හොඳින් ජලය ලැබෙනවා.Watermelon වගේම cucumber ඉතාමත් හොඳයි මුත්‍රා අසාදනවලට. පිපිඤ්ඤා සලාද හෝ අමුවෙන් ආහාරයට ගැනීමෙන් urine infection තත්ත්වය මඳක් හෝ අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද Cucumber වලින් විශාල ජලය ප්‍රමාණයක් ඔයාගේ සිරුරට ලබා දෙනවා.
03) වතුර සහ කෝමාරිකා (Water and aloe Vera)

කෝමාරිකා කියන්නේ රෝග රැසකට ගුණ දෙන ඖෂධයක්.කෝමාරිකා gel වලට තියෙනවා සිරුර සිසිල් කිරීමේ හැකියාව. දැන් නම් ඔයාට කෝමාරිකා පානය වෙළෙඳපොළෙන් වුණත් ගන්න පුළුවන්නේ.එහෙම නැත්තම් ඔයාට ගෙදරදීම පහසුවෙන් aloe Vera juice එකක් හදාගන්න පුළුවන්.aloe Vera ජෙල් බ්ලෙන්ඩර් කරගෙන ඊට පස්සේ වතුර mix කරලා පානය කරන්න.ටික වෙලාවක් යනකොට pain එක අඩුවෙලා ඔයාට සුවයක් ලබා ගන්න.
ඉතින් ඔයාගේ Urine Infection එකට treatment කොච්චර කලත් හරි ගියේ නැහැනේ.ඒක නිසාමයි මම අද ඔයාට ඒ ගැන කියන්න හිතුවේ.දැන් ඔයාට තේරෙනවා නේද ඔයාගේ Urine Infection එකට හේතුව මොකක්ද කියලා.ඒ විතරක් නෙමෙයි ඔයාට එකට කරන්න පුළුවන් මොනවද කියලත් මම අද කියලා දුන්නා.මේ විදිහට කරලා බැලුවොත් ඔයාගේ Urine Infection එක ඉක්මනටම සුව කර ගන්න පුළුවන්.



