Like
Like Love Haha Wow Sad Angry

නියපොතු කන එක නම් හොඳ පුරුද්දක් නෙමෙයි.සමහර අයට නම් මේක නවත්ත ගන්න බැරි පුරුද්දක් වෙලා.මේ විදිහට කන එකට හේතු නම් ගොඩක් තියෙනවා.Stress එක,එහෙමත් නැත්නම් කල්පනා කරනකොට ,තවත් වෙලාවට සංකාව වගේ තත්ත්ව වලදී නියපොතු කන එක ගොඩක් වෙලාවට සිද්ද වෙන දෙයක්.ඔයාට මේ පුරුද්ද නතර කර ගන්න ඕනී වුනත් ඒක කරන්නේ කොහොමද කියලා තාම හොයනවා වෙන්න පුළුවන්.ඉතින් අද මම කියලා දෙන්නම් මේ නරක පුරුද්දට තිත තියන්නේ කොහොමද කියලා.

01) ඔයා ඔයාටම තමයි පොරොන්දු වෙන්න

ඔයා මුලින්ම හිතන්න ඕනී මම නියපොතු කන්නේ නැහැ කියලා.මෙහෙමයි ඉතින්, එහෙම හිතපු අවස්ථා නම් ඕනී තරම් ඇති.එහෙම හිතලා නියපොතු සපපු අවස්ථාත් ඇති.හැබැයි ඔයාට ටිකක් හරි පහුවෙලා මතක් වෙයි මම නියපොතු කන එක නතර කරගෙන ඉන්නේ කියලා.මේ ගැන ඔයා ලඟින්ම ඉන්න යාලුවෙක්ට කියලා තියන්න.එතකොට ඔයාට අමතක වෙලා කෑවොත් එයා ඔයාට මතක් කරලා දෙයි

02) නියපොතු සපන වේලාවත් වැදගත්

මෙන්න මේ කාරණාව ගැන නම් හිතන්න ඕනී.මොකද ඔයාට වැඩිපුරම නියපොතු සැපෙන්නේ මෙන්න මේ වෙලාවල් වලදී

  • කම්මැලිකම (Laziness)
  • කාංසාව (Anxiety)
  • තනිකම (Loneliness)
  • ආතතිය (stress)
  • ගොඩක් කලබල වෙලා ඉන්න අවස්ථාවල
  • තද කලපානාවක ඉන්නවා නම්
  • අධික පීඩනය (High pressure)
  • කුසගින්න (Hunger)

මේ වගේ දේවල් ඔයාට නියපොතු සපන්න පොළඹවනවා.ඒ අතරින් ඔයාට අදාළ තත්වය මොකක්ද කියලා understand කර ගන්න ඕනී.ඊට පස්සේ ඔයාට පුළුවන් මේ තත්වයක් ඇති වුණහම නියපොතු සැපුවොත් මතක් කරලා නවත්ත ගන්න.

03) නියපොතු කොටට කපන්න

නියපොතු සපන එක නතර කර ගන්න තියෙන හොඳම විසඳුම තමයි නියපොතු කොටට කපන එක.මොකද නියපොතු දිඟට තියෙනකොටනේ හපන්නේ.මේ විදිහට නියපොතු කොටට කැපුවහම ඔයාට නියපොතු සපන එක අඩු කර ගන්න පුළුවන්.ඒකට ඔයාට තව දෙයක් කරන්න පුළුවන්.ලස්සන nail art එකක් නියපොතු වලට දාන්න.මේක කරන්න නම් ඔයා අකැමති වෙන්නේ නැහැනේ.එකෙන් ලස්සන පෙනුමකුත් ලැබෙනවා.ඔයාට salon එකකින් හරි ,එහෙමත් නැත්නම් ඔයාටම හරි මේ දේ කර ගන්න පුළුවන්.saloon එකකින් කර ගන්නවා නම් ඒකට ගිය වියදම ගැන හිතලා හරි නියපොතු සපලා විනාශ කර ගන්න එක නතර කරගනී.ඉතින් ඔයා දිගටම මේ වගේ nail art එකක් කලොත් නරක පුරුද්ද නැති වෙලා යයි

04) Busy වෙන්න

ඔයා busy වෙනවා නම් නියපොතු සපන්න වෙලාවක් නැති වෙනවනේ.ඒකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඔයාගේ අතයි ,කටයි busy කරන එක.ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.කට busy කර ගන්න ඔයාට කරන්න තියෙන්නේ toffee ,chocolate,peppermint වගේ දෙයක් කටේ දා ගෙන වැඩ කරන්න.හැබැයි ඉතින් ඕනවට වඩා ඒවා කන්න යන්න එපා.එහෙම වුනොත් ඔයාගේ health එකට ලොකු බලපෑමක් වෙනවා.ඒ ගැන හිතලා පරිස්සම් වෙන්නත් ඕනී නිසා රටකජු,ආමන්ඩ්ස් වගේ දේවල් ඔයාට කන්න පුළුවන්.

05) නියපොතු කෑවොත් මොකද වෙන්නේ

HPV (Human Papilloma Virus)

ඔයා සපන ඇඟිල්ලක ඉන්නෙක් සිටියොත්, එම ඉන්නන් සහිත ඇඟිල්ලේ නියපොත්තත් සපන්න කලින් සිතන්න වෙනවා.එකට හේතුව තමයි ඇඟිල්ලක ඉන්නෙක් සිටීම නිසා HPV හෙවත් මානව පැපිලෝම වෛරසය ඔබේ ශරීරයේ තිබෙන්නට වැඩි ඉඩක් තිබීම.ඉතින් ඔයා ඒ ඇඟිල්ලේ නියපොතු සැපීම කලොත් ඔයාගේ මුව, මුව අභ්‍යන්තරය තුලත් ඉන්නන් ඇති වෙන්න පුලුවන්. සමහර අවස්ථාවලදී මෙය Cancer තත්ත්වයක් දක්වාම වර්ධනය වෙන්න ඉඩ තියෙනවා.

බැක්ටීරියා ආසාදන

නියපොතු සැපීම නිසා බැක්ටීරියා ආසාදන ඇතිවන්නට පුළුවන්.යම් හෙයකින් එය නියපොතු වලට අහිතකර ලෙසින් බලපෑමකට ලක් වුනොත් නියපොතු විරූපී වන්නට හැකියාව තියෙනවා.nail මත ඇතිවන බැක්ටීරියා,සහ වෙනත් ක්‍ෂුද්‍ර ජීවින් හේතුවෙන් නියමල මත ආසාදනය වෙලා රතු ගතිය, නියමල වටා ඉදිමීම වගේ රෝග ලක්ෂණ ඇතිවෙනවා.ඒ වගේම නියපොතු සැපීම මඟින් නියපොතු වල ඇති විෂ බැක්ටීරියා ශරීරගත වෙන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි උදරයේ ආබාධ ඇති වෙන්න හේතුවන් තමයි මේ නියපොතු සැපීම කියන්නේ.

දැන් ඉතින් නියපොතු සපන එකේ side effect මොනවද කියලා ඔයා දන්නවනේ.බයත් හිතුනා නේද disease ගැන කිව්වහම.දැන් බයවෙන්න දෙයක් නැහැ.ඔයා මම කියපු tips ටික හරියටම කරලා බැලුවොත් ඔයාට පුළුවන් ඉක්මනින් නියපොතු සපන එක නතර කර ගන්න.එතකොට නියපොතු ලස්සනට තියා ගන්න ඔයාට බැරි වෙන්නේ නැහැ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here