Like
Like Love Haha Wow Sad Angry
541

අලිගැටපේර කිව්වහම කටට කෙලත් ආවා නේද.ඔව් ඉතින් අලිගැට පේර කියන්නේ රස කෑමක්නෙ.ඒ වගේම ලෝකයේ ගොඩක්ම famous කෑමක් තමයි මේ පලතුර.මේ avocado වල විශේෂ ගුණ එකක් දෙකක් නෙමෙයි ගොඩක් තියෙනවා.විටමින් A,B,C,E විතරක් නෙමෙයි පොටෑසියම්,කැල්සියම් ,ඛනිජ ලවන වගේ ගොඩක් පෝෂණ සංඝඨක මේ අලිගැටපේර වල තියෙනවා.ඉතින් මම අද ඔයාට කියන්න හදන්නේ මේ අලිගැට පේර වල තියෙන ගුණ මොනවද කියලා.

01) Avocado සහ glutathione

ඔයාගේ සුන්දරත්වය ආරක්ෂා කරන ප්‍රධානම දෙයක් තමයි glutathione කියන්නේ.විද්යාත්මක පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා glutathione වලින් සිරුර වයසට යාම වගේම skin එකේ කළු ලප ඇති කරන තයිරෝසිනේස් එන්සයිමය අක්‍රිය කරන්න පුළුවන් හැකියාවද තියෙනවා.ඔයා ගොඩක් වෙලාවට glutathione ලබා ගන්නේ tablet ,capsule මඟින්.ඔයා මීට කලින් අහලා තිබුණේ නැහැනේ avocado වල glutathione තියෙනවා කියලා.ඉතින් දැන් ඔයාට glutathione වෙනුවට avocado ලබා ගන්න පුළුවන්

ඊට අමතරව සිරුරේ තියෙන glutathione මට්ටම වැඩි කර ගන්න නම් ,

ගෝවා ,මුරුංගා ,මස් ,මාළු ,නිවිති ,කැරට් ,කොමඩු ,බතල ,බිත්තර ,නිවුඩු හාල් ,චීස් ,දොඩම් ,පේර,ගස්ලබු සහ අඹ කියන දේවල් ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න.ඒකෙන් ඔයාගේ සිරුරේ තියෙන glutathione මට්ටම වැඩි කර ගන්න පුළුවන්

ආහාර වලට අමතරව මේ දේවල් කරනවා නම් ගොඩක් හොඳයි

  • සුවදායක නින්දක් ලබා ගැනීම
  • දිනපතා exercise කිරීම
  • මානසික සහ කායික නිරෝගී බව

glutathione අඩු වීම මඟින්

  • පිළිකා
  • හෘද රෝග
  • වඳ භාවය
  • ඇසේ සුද
  • තයිරොයිඩ් ආශ්‍රිත රෝග,ඇති වීමේ අවධානම වැඩි කරනවා වගේම මේ රෝග සුව කරන්නත් glutathione උපකාරී වෙනවා.

02) Pressure තියෙද්දී අලිගැටපේර කෑවොත් මොකද වෙන්නේ

මම ඔයාට කලින් කිව්වනේ අලිගැට පේර වල කැල්සියම් තියෙනවා කියලා.මේ කැල්සියම් කියන්නේ සිරුරට අත්‍යවශ්‍යම පෝෂකයක්.ඉතින් blood pressure එක balance කරන්න avocado වලට පුළුවන්.අලිගැට පේර වලින් මොකද දන්නවද වෙන්නේ.ඔයාගේ ඇඟේ තියෙන අතිරික්ත සෝඩියම් අයින් කරනවා.ඒත් එක්කම ඔයාගේ රුධිර නාල පිරිසිඳු කරලා රුධිර පීඩනය සමතුලිත කරනවා.

03) Cholesterol වලට හොඳද ?

ඔව්.මම දන්නවා ඔයා සමහර වෙලාවට foods වර්ග කන්නේ ගොඩක් බයෙන්.මොකද මේ වෙනකොට ලෝකයේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් තමයි cholesterol කියන්නේ.සමහර අයගේ මතයක් තමයි cholesterol තියෙන අය avocado කන්න හොඳ නැහැ කියන එක.ඒකට හේතුව තමයි avocado වල තියෙන තෙල්.ඒත් ඇත්ත නම් ඒක නෙමෙයි.මේවයේ තියෙන තෙල් ඔයාගේ ඇඟට ගොඩක් හොඳයි.මොකද ඒකෙන් ඔයාගේ ඇඟේ තියෙන සිරුරට අහිතකර තෙල් ඉවත් කරලා දානවා.

04) Slim වෙලා ලස්සන වෙන්නත් පුළුවන්

Avocado කියන්නේ තන්තු බහුල පළතුරක්.ඒ නිසා තමයි අලිගැට පේර කෑවහම ඉක්මනින් බඩ පිරෙන්නේ.මේ විදිහට බඩ පිරුනහම තව කෑම ගන්න බැරි වෙනවා.ඒත් එක්කම avocado වල තියෙන සංතෘප්ත මේදය නිසා ඔයාගේ ඉණ ප්‍රදේශයේ සිහිනව තියා ගන්න උපකාර කරනවා.ඉතින් ඔයාට අලිගැට පේර හොයා ගන්න තියෙනවා නම් මේ සලාදයක් විදිහට ,එහෙමත් නැත්නම් sugar වැඩිපුර දන්නේ නැතුව ආහාරයට ගන්නවා නම් තවත් හොඳයි.

අහ්.තව දෙයක් තියෙනවා.ඒ තමයි ඔයාගේ සම පැහැපත් කරන්න වගේම ලස්සන කරන්නත් මේ අලිගැට පේර වලට පුළුවන්.avocado වල තියෙන විටමින් c නිසා සම රැළි වැටීමත් නැති කරලා දානවා.අහිතකර UV කිරණ හානි වලින් ආරක්ෂා කරන්න වගේම ඔයාගේ eye protection එකටත් මේ avocado ගොඩක් හොඳයි.ඔයගේ මුහුණේ injuries මොනවා හරි තියෙනවා නම් avocado paste එකක් හදලා ගාන්න පුලුවන්නම් නම් ඒවා සනීප කර ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි

05) පිළිකා නසන avocado

පිළිකා කියන්නේ අපි විසින්ම ගොඩ නගා ගත්ත ලෙඩක් වෙන්නත් පුළුවන් නැත්නම් ආරෙට එන රෝගයක් වෙන්නත් පුළුවන්.මේ කොහොම වුණත් avocado වල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා නැති කරන්න පුළුවන් කියලා research වලින් සොයාගෙන තියෙනවා.මේ avocado වලින් සිරුරට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දීම වගේම පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවත් තියෙනවා.

පිළිකා විතරක්ම නෙමෙයි ආතරයිටිස් වගේම වකුගඩු රෝග වලටත් හොඳ ප්‍රතිකර්මයක් තමයි avocado කියන්නේ.avocado වල තියෙන සංයෝග නිසා ආතරයිටිස් වලදී හට ගන්නා වේදනාව වගේම අස්ථි ඝන තද වීම නිසා ඇති වන වේදනා නැති කරනවා.ඒත් එක්කම එහි අඩංගු වෙලා තියෙන අම්ලය හා ප්‍රතිඔක්සිකාරක නිසා kidney disease ඇති වීම ,diabetics සහ liver disease ඇති වීම වැළකෙනවා

ඔයා මෙච්චර කාලයක් අලිගැට පේර කෑවේ රස නිසානේ.ඒත් මෙච්චර Benefits තියෙනවා කියලා කවදද හිතුවේ නේද?එහෙමයි කියලා අලිගැට පේර හැමදාම කන්නත් බැහැනේ.මොකද avocado හැදෙන්නේ එක කාලයකට විතරක් නිසා.හැබැයි මම දන්නවා දැන් නම් ඔයා avocado දකින දකින වාරයක් පාසා කනවා කියලා.එහෙමත් නැත්නම් juice හරි බොනවා.avocado කියන්නේ පළතුරක් විතරක්ම නෙමෙයි කියලා දැන් ඔයාට තේරෙනවනේ

Like
Like Love Haha Wow Sad Angry
541

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here