ලංකාවේ බොහෝ දෙනෙක් මුහුණ ලස්සන කරගන්න නොකරන දෙයක් නෑ .එත් කෙනෙගේ ලස්සන පෙනෙන්නේ මුහුණෙන් විතරක් නෙමේ . අත් දෙක කියන්නේ කෙනෙක් ලස්සනට පෙනෙන්නට බලපාන ප්‍රධාන සාධකයක්. මේ ලිපියෙන් අපි කතා කරන්නේ ඔබේ අත් දෙක ලස්සනට තියාගන්න ඕනේ කරන tips ටිකක්.
මුලින්ම අපි බලමු ඔබේ දෙඅත් අවලස්සන කරන පුරුදු මොනවාද කියල
- සැර සබන් වර්ග භාවිතය
බොහෝ විට කාන්තාවකට පිරිසිදු කිරිම් සිදු කරන්න සිද්ද වෙනවා. තෙල් ඉඳුල් ඉවත් කරන්න තියන සබන් සමේ නිතරම ගැටෙන්න පටන් ගත්තම වෙන දේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මේ සබන් වර්ග ඔබේ සමේ ස්භාවික තෙල් සහ තෙතමනය ඉවත් කරන නිසා ඔබේ සමේ ඇතිවන රළු ගතිය ඔබම අත් දැකල ඇති.
2. Sun Screen ආලේප කිරීමට අමතක කිරීම
සෑම දිනකම ඔබේ මුහුණේ Sun Screen ආලේප කල යුතු බව යුතු බව ඔබ දන්නවා. නමුත් ඔබ ඔබේ අත් ඔබට අමතක වෙනවා නේද ?’අපගේ මුහුණට සහ අත්වලට අපගේ සිරුරේ අනෙකුත් සියලුම කොටස්වලට වඩා හිරු එළියට නිරාවරණය වෙනවා . ඒ නිසා ඔබේ ඇත වලට වෙන්න පුළුවන් damage එක වැඩියි.
- Hand Sanitizer භාවිතය
Covid -19 ව්‍යාප්තියත් එක්ක ඔබට Hand Sanitizer නිතර නිතර පාවිච්චි කරන්න සිද්ධ වෙනවා . මේ කාලයේ හැටියට sanities නොකරත් බැහැනේ . හැබැයි ඔබේ අත් වියලීමට ලක් වෙන ප්‍රධාන හේතුවත් මේකමයි .
අපි බලමු Sanitizer Use කරන ගමන්ම කොහොමද අත් දෙක ලස්සනට තියාගන්නේ කියලා . ලිපිය ඉදිරියටම කියවන්නකෝ.
අපි දැන් බලමු අත් දෙක ලස්සනට තියාගන්න මොනවාද කරන්න ඕනේ කියලා:
- Moisturize, Moisturize
අත් දෙක ලස්සනට තියාගන්න වැදගත්ම දේ තමයි අත් දෙකේ Moisture ගතිය පවත්වා ගැනීම. Moisturize කරන්න hand cream එකක් නැත්නම් Body cream එකක් උනත් Use කරන්න පුළුවන්. අත් කියන්නේ බොහෝ විට පරිසරයත් එක්ක තියන ගැටීම වැඩි නිසා Body Lotion එකකින් ගොඩක් වෙලා මේ තෙතමනය පවත්වා ගන්න අමාරුයි. එත් අපිට ගොඩක් අත් සෝදන්න වෙන නිසා ,Sanitize පාවිච්චි කරන්න වෙන නිසා body lotion එකකින් අත් moisture කර ගැනීම ප්‍රමාණවත් .
Moisturize කරනකොට තවත් වැදගත් දෙයක් තමයි හරි වෙලාවලදී Moisturize කිරීම .උදේම moisturize කරගෙන ගියාට පස්සේ ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නෙත් නැහැනේ . නමුත් උදේට වගේම නින්දට පෙරත්, නෑමෙන් පසුවත් Moisturizer එකක් පාවිච්චි කරන එක අනිවාර්යයි .මේක පුරුද්දක් කරගත්තොත් ඔයාට ලස්සන අත් දෙකක් නුදුරේදීම හිමි වේවි
ඊට අමතරව පොඩි Body cream එකක් Body Lotion එකක් ඔයාගේ bag එකේ තියාගෙන Sanitize කලාට පස්සේ හරි අත් සේදුවට පස්සේ හරි අත් දෙකේ ගාගන්න අමතක කරන්නත් එපා.
Order online 👇
2) Hand Gloves ඔබේ මිතුරියක් කරගන්න –

නිවස පිරිසිදු කිරීම් කරන වෙලාවල් වලදී අනිවාරියෙන් Hand Gloves දෙකක් පළඳින්න .අපි මේ පොඩි වෙනස කලොත් ඔයාගේ අත් දෙක සැර Chemicals වලින් ඔයාගේ අත් දෙකට වෙන හානිය ගොඩක් අඩු කරගන්න පුළුවන් . අත් දෙකට විතරක් නෙමේ ඔයාගේ නියපොතුත් ආරක්ෂා කරගන්න මේක උදව්වක් වෙයි
3)සතියකට වරක් Manicure එකක් කරන්න –
Manicure එකක් කරන්න ඔයාට Saloon එකකට යන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔබට ගෙදරදීම ඔබට ඔබේ අත් දෙකට මේ සත්කාරය කරන්න පුළුවන් . අපි වෙනම ලිපියකින් ගෙදරදීම manicure එකක් කරගන්නේ කොහොමද කියල ඉදිරියේදී කියල දෙන්නම් . Manicure එකකින් අපේ මුනට clean up එකක් කළා වගේ අත් දෙකේ මැරුණ සම අයින් කරලා ඔබට සුමුදු වගේම පැහැපත් දෙඅතක් ඔබට හිමි කරලා දෙනවා.

4) නියපොතු හරිම වැදගත් –
දෙඅතක සුන්දරත්වයට නියපොතු ලොකු බලපෑමක් කරනවා කියල අපි හැමෝම දන්නවා .නියපොතු පිලිවලට කපල පිරිසිදු කරලා තියාගන්න බැරි උනොත් ඔයාගේ අත් දෙක කොච්චර ලස්සම උනත් එකට කලින් නියපොතු කැතට පෙනෙන්න ගනීවි. ඒ නිසා නියපොතු පිරිසිදු කරලා ලස්සනට කපලා තියාගන්න . නියපොතු කැඩෙනවා නම් විටමින් උනතාවයක් වෙන්නත් පුලුවන් . දිගටම එහෙම තත්වයක් තියනවා නම් විටමින් D අඩංගු පෝෂණ අතිරේකයක් ගත්තට කමක් නෑ
උඩින් සඳහන් කරපු ටිප්ස් වල උදව්වෙන් අත් දෙක වෙනදට වඩා ලස්සන කරගන්නකො .අපි අත් දෙක ලස්සන කරගන්න treatment එකක් අරන් ආයිත් ඉක්මනින් එන්නම්





