ඔයා කැමතිද හැමදාම ලස්සනට ඉන්න.වයසට යන්නේ නැතුව.skin එකේ wrinkles කිසිම දෙයක් නැතුව young පෙනුමක් තියාගෙන අද ඉන්නවා වගේම හෙටත් ඉන්න.කවුද අකමැති නේද? හැබැයි වයසට යනවා කියන්නේ හැමෝටම පොදු දෙයක්නේ.ඒත් ඉතින් male, female වෙනසක් නැතුව හැමෝම try කරන්නේ වයසට ගියත් මොනවම හරි කරලා තරුණ පෙනුම රැකගන්න.ඒත් අපි වයසට යන්න යන්න අපේ skin එක රැලි වැටෙන්න ගන්නවා.සමහර අයගේ නම් අඩු වයසින්ම skin එක රැලි වැටෙනවා.එතකොට වෙන්නේ ඇත්ත වයසට වඩා වයස පෙන්න ගන්න එක.මේ හේතුව නිසා ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත්වෙන අවස්ථා නැතුවම නෙවෙයි.
ඒත් Actors ලා, models ලා කොච්චර වයසට ගියත් ඒ අයගේ skin එක තරුණ පෙනුමකින් තියෙන්නේ කොහොමද කියලා ඔයා තනියම හිතනවා ඇති.ඔන්න ඉතින් මෙච්චර දවස් අහස පොළව ගැට ගහන්න වගේ තනියම හිතපු ප්‍රශ්නෙට hello ladies වලින් මම අද ඔයාට උත්තරයක් අරගෙන ආවා.
ඔයාට වයස අවුරුදු 40 දී හොඳ පෙනුමක් ලබා ගන්න ඕනේ නම් , ඔයාට වයස අවුරුදු 20 දී ඒ වෙනුවෙන් වැඩ පටන් ගන්න වෙනවා.ඉතින් දැන් අපි බලමු මොනවද ඒ වැඩ කියලා.
Balance diet එකක් ගන්න.

අපි කන කෑම වල result එක අපේ skin එකෙන් බලාගන්න පුළුවන්. Natural glowing skin එකට ගොඩක්ම වැදගත් දෙයක් තමයි balance diet කියන්නේ. කිරි, බිත්තර, මාළු, මස් සහ ධාන්‍ය වර්ග අඩංගු ඉහළ ප්‍රෝටීන සහිත ආහාරයකින් ඔයාගේ skin එකේ තරුණ බව ලේසියෙන්ම ආරක්ෂා කරගන්න පුළුවන්. Protein වලින් ඔයාගේ collagen level එක ශක්තිමත් කරනවා.
ඒ වගේම තමයි පලතුරු, එළවළු සහ ඔමේගා -3 අඩංගු ආහාර ඔයාගේ daily diet එකට එකතු කරගන්න අමතක කරන්න එපා.
හිරු එළියෙන් ආරක්ෂා වෙන්න.

ලංකාව කියන්නේ හිරු එළිය ටිකක් තදට වැටෙන රටක්නේ.ඉතින් හැමදාම හිරු එළියට නිරාවරණය වන අපේ skin එක dry වෙලා කාලයක් යනකොට වයස පෙනුමක් ගෙන එන එක පුදුමයක් නෙවෙයි.හිරු එළියේ පාරජම්බුල කිරණ අඩංගු නිසා උදේ 10 ඉදලා සවස 3 වෙනකන් හිරු එළියට නිරාවරණය වෙන්නේ නැතිව ඉන්න එක තමයි හොදම දේ.ඔයා ගෙදරින් එලියට යනකොටත් ලොකු hat එකක්, Sunglasses, කුඩයක් වගේ දේවල් අරගෙන යන්න නම් අමතක කරන්න එපා.
හැමදාම හරියටම Face එක Clean කරන්න.

දැන් කාලේ Makeup use කරන්නේ නැති girl කෙනෙක් හොයාගන්නවා කියන්නේ කරන්න අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි දෙයක්නේ.මොකද ඕනම කෙනෙක් එළියට බහින්නේ makeup ටිකක් හරි දාගෙන.හැබැයි daily makeup use කරන අය මුණෙන් හරියට make up අයින් කලේ නැති වුණොත් කාලයක් යද්දී ඒක skin එකට ලොකු damage එකක් වෙන්න පුළුවන්.
Skin එක dry වෙලා, බිබිලි දාලා rash වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්.ඉතින් ඒ නිසා ඔයත් නිතරම makeup use කරන කෙනෙක් නම් ගෙදර ආව ගමන් සම්පුර්ණයෙන්ම makeup wash කරලා අයින් කරන්න ඕනේ.
Skin එක dry වෙන්න දෙන්න එපා.

අපි ගොඩක් දෙනෙක් හැමදාම office යන අය, එහෙමත් නැත්නම් දරුවොත් එක්ක එළිමහනේ කාලය ගත කරන අය.ඉතින් උදේ ඉදන් හවස් වෙනකන් හිරු එළියට, උෂ්ණත්වෙට අපේ skin එක නිරාවරණය වෙන එක අපිට නවත්තන්න බැහැ.ඒ විදිහට skin එක උෂ්ණත්වයට නිරාවරණය වෙන්න ගත්තහම skin එකේ තියෙන තෙතමනය නැති වෙන එක කියන්න දෙයක් නැහැනේ.ඊටපස්සේ skin එක හොඳටම dry වෙලා skin එක නිකන්ම රැලි වැටෙන්න පටන්ගන්නවා. අන්න ඒ නිසා අනිවාර්යයෙන් ඔයාගේ skin එකේ තියෙන තෙතමනය ආරක්ෂා කරගන්න ඕනේ.
ඉතින් ඒකට කෝමාරිකා සහ ආමන්ඩ් Oil අඩංගු body moisturizing lotion එකක් use කරන්න පුළුවන්.ඒ වගේ moisturizing lotion එකක් ඔයාට use කරන්න පුළුවන් නම් සමේ තෙතමනය ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි skin එකේ තියෙන Dry ගතිය නැති කරනවා.ඒ වගේම සම සිනිදු කරලා පැහැපත් බවක් එකතු කරන්නත් මේකට පුළුවන්.ඉතින් හැමදාම එළියට යනකොට moisturizing cream එකක් bag එකේ දාගෙන යන්න අමතක කරන්න එපා.
ඉතින් දැන් ඔයාට පුළුවන් අපේ website එකට ගිහින් ඔයාගේ skin එකේ තෙතමනය ආරක්ෂා කරගන්න පුළුවන් herbal body moisturizing lotion එකක් order කරන්න.
සතුටු වෙන්න
Daily life එකේ අපි ගොඩක් busy නේ.Stress මැද තමයි අපි හැමදාම වැඩකටයුතු කරන්නේ.මේ දේ ඇත්තටම අපේ healthy life style එකට හොඳ නැහැ.ඒ වගේම තමයි මේ විදියට stress එකේ ඉන්න එක අපේ out look එකටත් බලපානවා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන් ද?
ඉතින් ඒක තමා ඇත්ත.ඔයාගේ mentally stress එක skin problems වැඩි කරන්න ලොකුම ලොකු හේතුවක් වෙනවා. ඉතින් මේ නිසා පුළුවන් උපරිමෙන් හිත සතුටින් තියාගෙන life එක enjoy කරන්න.
ඉතින් දැන්ම ඉදලා මේ වගේ පුංචි පුංචි tips follow කරනවා නම් වයස අවුරුදු 40 වෙනකොටත් තරුණ පෙනුම රැකගන්න එක නම් easy.ඉතින් ඔයත් දැම්ම try කරන්න.ඔයාගේ යාළුවොන්ටත් මේ tips කියන්න නම් අමතක කරන්න එපා.



