Like
Like Love Haha Wow Sad Angry
5

ඔයා වැඩියෙන්ම Worry වෙන දෙයක් කියන්න බලන්න.මම හිතන්නේ අපි වැඩියෙන්ම Worry වෙන්නේ අපේ body shape එක ගැන.එහෙම නැත්නම් අපේ මුණේ පෙනුම ගැන.මොකද අපේ පෙනුමට පුළුවන් හැමෝගෙම අවදානය ඉක්මණටම ගන්න.ඒ නිසා ඔයා මම හැමෝම Try කරන්නේ අපේ Body shape එක Maintain කරන්න.හැබැයි හොඳට කාලා, බීලා, කම්මැලිකමට නිදාගෙන ඉදලා නම් කවදාවත් ලස්සනට Body Shape එක maintain කරන්න නම් බැහැ.ඒකට අපිට පුළුවන් හරි විදිහට Exercise කරලා Body Shape එක හරි විදිහට Maintain කරගන්න ඕනේ.ඉතින් අද මම ඔයාට කියන්න යන්නේ අන්න ඒ රහස ගැන

සිරුරේ හැඩයට වැඩියෙන්ම බලපාන්නේ ඉන පෙදෙස බව ඔබ දන්නවාද?

අපි හැමෝගෙම Body shape එකට වැඩියෙන්ම බලපාන්නේ ඉණෙහි හැඩය.අපිට මොන Shape එකේ Body එකක් තිබුණත් waist එක සිහින් එකක් නම් ඕනෙම ඇඳුමක් කිසිම බයක් සැකක් නැතුව අඳින්න පුළුවන්.ආ.. තව දෙයක් තියෙනවා.ඉණේ හැඩය හරි විදිහට නොතිබෙන්න හේතු තියෙනවා.ඒ තමයි අපේ තියෙන වැරදි ඉරියව් සහ අධික ලෙස උදරය ඉදිරියට නෙරා ඒම.

හිත ඇත්නම් පත කුඩාද කියලා කියනවනේ.අන්න ඒ වගේ අපි හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ.මම අද ඔයාට ඒකට හොඳ exercise කිහිපයක් කියලා දෙනවා.මේ Exercise 04හොද result ලැබුණ exercise හතරක්.මම දැන් කියලා දෙන exercise හරි විදිහට සතියට දින තුනක් කරන එක ප්‍රමාණවත්.

Vacuum

  • සමතලා මතුපිටක් මත වැතිරෙන්න.
  • දනහිස් දෙක නවා පතුල් පොළවේ තබා ගන්න.
  • ලොකු හුස්මක් එක්ක උදරය හකුලුවා ගෙන තත්පර 15ක් ඉන්න.
  • තත්පර 15කින් පස්සේ ආයෙමත් ළිහිල් කරන්න.
  • ටිකෙන් ටික හුස්ම රඳවා ගැනීමේ කාලය විනාඩිය දක්වා වැඩි කරන්න.
  • මේ Exercise එක වාර 05ක් සිදු කරන්න.

කියන්න විශේෂ දෙයක් තියෙනවා.ඔයාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හරි එවැනි රෝගයක් හරි තියෙනවා නම් මේ Exercise එක කරන්න එපා.

Bending Forward

  • කකුල් දෙක අඩි දෙකක විතර පරතරයක තබාගෙන සිටගන්න.
  • අත් දෙක බිම මත තබා සිරුර ඇදෙන සේ සිටින්න.
  • තප්පර 15කින් නැවත කෙළින් වෙන්න.
  • මේ Exercise එක 15 වරක් සිදු කරන්න

Boxing Twist

  • සමතලා මතුපිටක් මත වැතිරෙන්න.
  • දණහිස් දෙක නවා පතුල් පොළවේ තබා ගන්න.
  • අත් දෙක හිස පිටුපසින් තබා ගෙන ඉනෙන් මදක් ඉහළට එසවෙන්න.
  • නැවත එසැනින් පහත් වෙන්න.
    (මෙහිදී උදර මාංශපේශී ලිහිල් නොකර තබා ගැනීමට උත්සාහ කරන්න.)
  • මේ Exercise එකත් 15 වරක් සිදු කරන්න

Plank

  • යටි පතුලට සහ වැලමිටට බර දී මුණින් අතට වැතිරෙන්න.
  • කොන්ද සහ පසුපස නොසෙල්වී නොඑල්ලී තබා ගන්න.
  • මේ විදිහට තප්පර 30ක් ඉදලා ළිහිල් වෙන්න.
  • මේ Exercise එක තුන් වරක් සිදු කරන්න.

මේ Exercise කරද්දී හිතන්න දේවල් කිහිපයක් තියෙනවා.ඒ තමයි ඔයා cesarean සැත්කමකට හරි එහෙම නැත්නම් abdominal surgery එකක් ළඟදී කළා නම් මේ Exercise කරන්න කළින් වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ.

ඉතින් ඔයා මේ exercise කරනකොට healthy diet එකක් දිනපතා ලබාගන්න ඕනේ.ඒ විතරක් නෙමෙයි හොඳ Green tea එකකුත් ගන්න ඕනේ.අපේ උදරය ඉදිරියට එන එක වලක්වන්න සුදුරු, ගොරකා, සුදු ළුණු සහ Green Tea වලට පුළුවන්.ඒ නිසා මේ දේවල් අඩංගු වෙලා තියෙන Green Tea එකක් ඔයා අනිවාර්යයෙන්ම Try කරන්න ඕනේ.

ඔයාට පුළුවන් මේ දේවල් අඩංගු වෙලා තියෙන හොඳ Green Tea එකක් අපේ Hello Ladies website එකෙන් order කරගන්න

එතකොට ඔයාට කිසිම බයක් සැකක් නැතුව Slim and shape body එකක් පහසුවෙන්ම ළඟා කරගන්නට පුලුවන්.ඉතින් හිත හිත ඉන්නේ නැතුව දැන්ම පටන් ගන්න.

Like
Like Love Haha Wow Sad Angry
5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here