Papaya කියන්නේ පළතුරක් කියලා අපි දන්නවනේ.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මම කිව්වොත් papaya කියන්නේ බෙරි වර්ගයක් කියලා.ඔව් මම දන්නවා කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ කියලා.ඒත් papaya කියන්නේ berry වර්ගයක්.ඒ කොහොම වුණත් අපි හැමෝම කන්න කැමති දෙයක්නේ papaya කියන්නේ.කෑමට විතරක් නෙමෙයි Papaya කියන්නේ අපේ ලස්සන පෙනුම ආරක්ෂා කරන විශ්මිත පළතුරක්.Papaya මේ මොන විදිහට Use කලත් Pudding එකක් විදිහට කාලා නැහැනේ.ඔන්න ඉතින් අපි කියලා දෙනවා Papaya Milk Pudding එකක් හදා ගන්න විදිහ ගැන.
Ingredients

- ගස්ලබු ගෙඩියක්
- Fresh milk cup 1 1/2
- Gelatin මේස හැදි 3 1/2
- සීනි
හදාගන්නේ කොහොමද

- ගස්ලබු ගෙඩිය කපලා මදය සූරා blend කරන්න.
- ගස්ලබු juice ටික භාජනයකට දාලා අඩු ගින්දරේ රත් කරන්න.
- ඒකටම gelatin මේස හැදි 2 දාලා Whisk එකෙන් mix කරන්න.
- මිශ්රණය බුබුළු දාලා එනකොටම ලිප off කරන්න.
ඊට පස්සේ ලස්සන bowl එකකට දාලා නිවෙන්න තියන්න.නිවුණාට පස්සේ frige එකේ ටිකක් set වෙනකම් තියන්න. - දැන් fresh milk ටික අරන් භාජනයකට දාලා රස අනුව සීනි දාගන්න.
- ඊළඟට අඩු ගින්දරේ ලිපේ තියලා රත් කරන්න.
- ඉතුරු වුණ gelatin මේස හැදි 1 1/2 ත් භාජනයට දාලා whisk එකකින් දිගටම හැදි ගාන්න.
- බුබුළු දාලා එනකොට ලිප off කරන්න.
මතක තියාගන්නම ඕනේ දෙයක් තමයි මේක උතුරවන්න නම් එපා.නිවෙන්න තියන්න.නිවුනාට පස්සේ, set වෙන්න තිබ්බ ගස්ලබු ටිකට උඩින් fresh milk මිශ්‍රණය පරිස්සමෙන් දාන්න.
ඔන්න ඉතින් අපි Papaya Milk Pudding එක නම් හදලා ඉවරයි.මේක ආයෙත් set වෙන්න පැය 2ක් විතර frige එකේ තියන්න වෙනවා.හරියටම set වුණාට පස්සේ පරිස්සමෙන් Plate එකක තියලා අනිත් පැත්ත හරවන්න.දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ රස බලන්න විතරයි.
ගස්ලබු කන්න කැමති නැති පොඩ්ඩන්ට ගස්ලබු කවන්න හොදම විදියක් තමයි මේ Papaya Milk Pudding කියන්නේ.ඉතින් නිවාඩු දවසක try කරලා බලලා අපිටත් රස ගැන කියන්න අමතක කරන්න එපා.



