Like
Like Love Haha Wow Sad Angry
8

පච්ච, හැමෝම දන්නා විදිහට කිව්වොත් tattoo කියන්නේ සෑහෙන්න හිතන්න ඕන topic එකක් . මොකද සමහර අය tattoo වලට විරුද්ධයි. තවත් සමහර අය ආසයි බයයි. ඒ අතරේ ඉන්න නියම tattoo ලෝලියන්ගේ ආසාව තමයි කවදාහරි tattoo එකක් කරන එක.Tattoo කියන්නේ ඇත්තටම කලාවක්.ඉස්සර නම් ගොඩක් අය tattoo දිහා බැලුවේ රස්තයාදුකාර විදියට වුණත් දැන් නම් tattoo කියන දේ fashion එකක් වෙලා ඉවරයි.

Tattoo වලට තියෙන famous කම නිසාම ගොඩක් අය හිතනවා tattoo එකක් කරන එකේ කිසිම risk එකක් නෑ කියලා.ඒත් ඇත්තටම tattoo එකක් කරනවා කියන්නේ ලොකුම ලොකු risk එකක් කියලා ඔයා දැනගෙන හිටියද? දැන් ඔයා Tattoo එකක් කරන්න ආසාවෙන් ඉන්නවනම් හරි දැනටමත් tattoo එකක් කරලා තියෙනව නම් හරි අනිවාර්යයෙන්ම මේක කියවන්නම වෙනවා.

Tattoo එකක් කරනවා කියන්නේ තීන්ත වලින් cover කරපු needle එකක් ඔයාගේ skin එකට ඇතුල් කරන එක.එතකොට foreign matter එකක් skin එකට ඇතුල් වීම නිසා විවිධ infections ඇති වෙන්න පුළුවන්.ඉතින් ඒ නිසා infected tattoo එකක් අඳුරගන්නේ කොහොමද ,infection එකකට treatments කරන්නේ කොහොමද වගේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා.

Infected tattoo එකක් අදුරගන්නේ කොහොමද?

Tattoo infections වල ප්රධානම ලක්ෂණය තමයි tattoo එක තියෙන ප්රදේශය රතු වීම සහ ඉදිමීම.ඔයාට තියෙන්නේ sensitive skin එකක් නම් needle එක නිසා මේ ලක්ෂණ එන එක normal දෙයක්.එතකොට දවස් 2,3 ක් යද්දී මේ ලක්ෂණ නැති වෙලා යනවා.ඒත් මේ රෝග ලක්ෂණ සතියක් හෝ ඊට වැඩි කාලයක් තියෙනවා නම් ඔයාගේ tattoo artistව හෝ dermatologist කෙනෙක්ව අනිවාර්යයෙන්ම හමුවෙන්න වෙනවා.

Infected tattoo එකක ලක්ෂණ

  • උණ
  • Tattoo එක අවට උණුසුමක් දැනීම
  • අසාමාන්ය ලෙස වෙව්ලීම
  • Tattoo එක ඇති ප්රදේශය ඉදිමීම සහ සැරව ගැලීම
  • රතු වීම හෝ තුවාල ඇති වීම

Infected tattoo එකකට treatment කරන්නේ කොහොමද?

Tattoo එක අවට රතු වීමක් වගේ දෙයක් තියෙනවා නම් ඔයාට ගෙදරදීම antibacterial ointment එකින් clean කරගන්න පුළුවන්.ඒත් උඩ කිව්ව අනිත් ලක්ෂණ වල infections ආව ගමන්ම doctor කෙනෙක්ව හම්බවෙන එක තමයි හොදම.ඔයාගේ Infection එකේ ප්‍රමාණය අනුව වෛද්‍ය ප්‍රතිකාර වෙනස් වෙන්න පුළුවන්.සති කීපයක්,මාසයක් antibiotic treatment වලින් සමහර tattoo infection සුව කරන්න පුළුවන්.ඒ වගේම තමා tattoo infection නිසා ඔයාගේ skin එකේ සෛල මැරිලා තිබ්බොත් ශල්‍යකර්මයක් කරන්නම වෙනවා.දැන් තේරෙනවා නේද tattoo infections වල තියෙන බරපතලකම.

Tattoo infections වලින් බේරෙන්නේ කොහොමද?

Tattoo එකක් කරන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම patch test එකක් කරන්න ඕනේ.එතකොට ඔයාට බලාගන්න පුළුවන් tattoo එකට use කරන ink එකෙන් allergy එකක් වෙන්න පුළුවන්ද කියලා.ඒ වගේම තමා tattoo artist ගෙන් ink එකේ ingredients, quality එක ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ.Patch test එකෙන් ඔයාට allergy reaction එකක් ආවොත්, ink එක හදන්න use කරපු ingredients වලට කලින් ඉදන්ම allergy තත්ත්වයක් තියෙනවනම් කවදාවත්ම tattoo එකක් නම් ගහන්න එපා.මොකද fashion එකට වඩා තමන්ගේ ජීවිතය වටිනවනේ.

වැදගත්ම දෙයක් තමයි tattoo එක කරන්න use කරන needles, gloves හැම දෙයක්ම සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කරලා තියෙනවද කියලා දැනගන්න ඕනේ.

කවදාවත් මේ දේවල් ගැන හරියටම අහලා දැන ගන්න නම් ලැජ්ජා වෙන්න එපා.ඔයා fashions කරන්න නම් මුලින් ජිවත් වෙලා ඉන්න ඕනේ.ඔයාගේ සෞඛ්‍ය තමා හැම තැනකදීම number one වෙන්නේ.

Tattoo එකක් කරන්න දැනගන්න ඕනේ තවත් දේවල්.

  • Tattoo shop එකක් පටන් ගන්න පිළිගත් බලපත්‍රයක් තියෙනවද?
  • Tattoo artist ගේ working experience කොහොමද?
  • Tattoo artist ආරක්ෂිත ක්‍රියා පටිපාටි අනුගමනය කරනවාද?
  • හැම වෙලේම විෂබීජහරණය කරපු Needles, උපකරණ Use කරනවද?
  • ඔයාගේ Health එකට Tattoo එකක් Match වෙනවද?

මේ දේවල් 100% set නම් ඔයා tattoo එකක් කලාට කමක් නෑ.

ඉතින් මෙච්චර කල් හිතන් හිටියේ tattoo එකකින් ඔයාගේ personality එකට damage එකක් විතරයි වෙන්නේ කියලනේ. ඇත්තටම කිව්වොත් personality එකට නම් කිසිම damage එකක් වෙන්නේ නෑ.හැබැයි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරන්නන් වාලේ කරලොත් tattoo එකකින් ඔයාට ජිවිත තර්ජනයක් වුණත් එන්න පුළුවන්.ඉතින් මේ දේවල් මතක තියගෙන safe විදියට fashion කරන්න.අමතක කරන්න එපා ඔයාගේ health එක තමා number one.

Like
Like Love Haha Wow Sad Angry
8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here