දැකලා තියෙනවද එම්බාම් Look එකක් තියෙන විදිහට makeup කරලා ඉන්න අය.එතකොට අපි කියන්නේ බලන්නකෝ හරියට මළමිනියක් එම්බාම් කරලා වගේ කියලා නේද? කැමතිද කවුරු හරි ඔයාටත් එහෙම කිව්වොත්.ඔයාට මොනවා හිතෙයිද? හැබැයි එහෙම නොවෙන්න අපිට පුළුවන් natural glowing Look එකක් එන විදිහට ලස්සන Makeup එකක් දාගන්න.මොකද අපි අනිවාර්යයෙන්ම එළියට යනකොට Makeup එකක් දාන්න පුරුදු වෙලා ඉන්නවනේ.ඒ නිසා අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ කොහොමද ලස්සනම ලස්සන natural glowing makeup එකක් හරියටම කරගන්නේ කියලා.ඉතින් මම අද ඔයාට ඒ රහස ගැන කියන්නම්
Step 1: Illuminating Primer

අපි හැමෝම දන්නවනේ primer එකකින් කරන්නේ makeup එක skin එකේ ගොඩක් වෙලා තියාගන්න support එකක් දෙන එක කියලා.ඔයා මෙච්චර කල් Use කරපු Normal primer එක අයින් කරලා illuminating primer එකකට change වෙන්න.ඒකෙන් ඔයාගේ makeup එක ගොඩක් වෙලා තියගන්න පුළුවන් වගේම skin එකට ලස්සන Glowing Look එකකුත් ලැබෙනවා.ඉතින් ඔයාට කරන්න තුන්නේ Primer එකෙන් ටිකක් අරගෙන ඔයාගේ මුණේ high point වලින් පටන් අරගෙන ලස්සනට foundation brush එකකින් skin එකේ blend කරන එක.
Step 2: Foundation

දැන් ඔයාට හිතෙයි primer එකෙන් skin එකට හම්බුන glow එක foundation එකෙන් නැති වෙලා යනවනේ කියලා.එත් ඔයාගේ makeup එකට natural look එකක් ගන්න නම් foundation use කරන එක අනිවාර්යයි.Skin එකේ shine එක ඕනේ නැති areas වල foundation apply කරන්න.
Optional Step: Concealer

ඔයාගේ මුණේ dark circles, spots වගේ දේවල් තියෙනවා නම් ඒවා cover කරන්න concealer එකක් use කරන්න පුළුවන්.ඒ වගේම තමා shadow areas දීප්තිමත් කරන්නත් concealer එකෙන් පුළුවන්.
Step 4: Blush සහ Bronzer

ඔයා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමා powder blush සහ bronzer use කරන්න.මොකද කලින් apply කරපු products තුනම creamy products නිසා powder blush සහ bronzer ඔයාගේ skin එකට හොදට stick වෙලා තියෙනවා.ඒ විතරක් නෙමෙයි color එක ඉස්මතු වීමකුත් වෙනවා.
Step 5: Highlighter

Natural glowing makeup එකේදී ගොඩක් වැදගත්ම step එක තමා highlighter කියන්නේ.ඔයාගේ primer එකේ glow එක වැඩි කරන්න support කරන්නේ highlighter එක.මුණේ high points, ඒ කියන්නේ කම්මුල්, upper lips වල දාරය, නහය සහ ඇස් වල කෙලවර highlighter apply කරන්න.Highlighter එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම Powder product එකක් ගන්න අමතක කරන්න එපා.
Natural glowing makeup එක නම් කරලා ඉවරයි.ඔයාගේ මුණට Glassing finish එකක් ගන්න නම් glossy lipstick එකක් use කරන්නත් වෙනවා.නැත්නම් හරියටම Natural look එක ගන්න බැරි වෙනවා.
ඉතින් මෙච්චර කල් කරපු makeup එකට පොඩි පොඩි දේවල් ටිකක් විතරයි නේද add කරන්න තියන්නේ.හෙට ඉදන් දැන් කියලා දුන්න විදියට makeup එක try කරලා බලන්නකෝ.Girl කෙනෙක්ට වුණත් දෙපාරක් හැරිලා බලන්න හිතෙන ලස්සන natural look එකක් ඔයාට එයි.



