Hormones එහෙමත් නැත්තනම් හෝර්මෝන කියලා කියන්නේ සිරුරේ ක්‍රියාකාරිත්වයට ඕන වෙන chemicals කීපයක්. Hormones නිපදවන්නේ හෝමෝන ග්‍රන්ථි වලින්. ඒවයෙන් නිකුත් වෙන hormones වලින් පරිවෘත්තීය ක්‍රියා පාලනය, වර්ධනය සහ විකසනය, ලිංගික පරිනතිය, පටක ක්‍රියාකාරිත්වය, මනෝභාවයන් තීරණය කිරීම වගේ ගොඩක් දේවල් සිදු කරනවා.
හෝමෝන ග්‍රන්ථි සිරුරේ ස්ථාන කිහිපයකම තියෙනවා.Hormones වලින් ප්‍රධාන වශයෙන්ම සිදු වෙන්නේ සංඥා නිකුත් කිරීම.Hormones රුධිරය හරහා ගලා යාමේදී එය සංවේදී වන්නේ පණිවිඩය යැවිය යුතු ඉන්ද්‍රියට විතරයි.අදාළ හෝමෝනයට සංවේදී වන receptors අදාළ ඉන්ද්රියේම පිහිටනවා.මේ නිසා hormones වලින් වෙනත් ඉන්ද්රියයන් වෙත බලපෑමක් සිදු වෙන්නේ නෑ.
ඉතින් අද කියලා දෙන්න යන්නේ hormones control කරලා කොහොමද ලේසියෙන්ම කෙට්ටු වෙන්නේ කියලා.ටිකක් අමුතුයි තමයි.ඒත් කියවලාම බලන්නකෝ වැඩි මහන්සියක් නැතුව ඔයාටත් slim body එකක් ඉක්මනටම ලබාගන්න පුළුවන්.
බඩගිනි ඇතිකරවන Ghrelin hormone

මේ Hormone එකෙන් වෙන්නේ අපි කෑම ගන්න ඕනේ වෙලාව brain එකට දැනුවත් කිරීමයි.ඉතින් Ghrelin hormone එක නිපදවීම control කලොත් අපිට බඩගිනි හැදෙන එක control කරගෙන කෙට්ටු වෙන්න පුළුවන්.Ghrelin hormone level එක පහත හෙලන්න නම් exercise කරන්නම වෙනවා.දිවීම, බර එසවීම, boxing වගේ Cardio exercises තමා ගොඩක්ම හොද.
කෑම අඩුවෙන් කන්න කියන Leptin hormone

Calorie වැඩියෙන් use කරලා අඩුවෙන් කෑම කන්න කියලා ඔයාගේ brain එකට message එකක් දෙන එක තමා Leptin hormone එකෙන් වෙන්නේ.ඒත් ඔයා මහත් වෙන්න, මහත් වෙන්න brain එකට Leptin hormone එකෙන් දෙන message කියවගන්න අමාරු වෙනවා.
ඉතින් ඒ නිසා ප්‍රතිඔක්සිකාරක වැඩිපුර තියෙන බෝංචි වගේ රනිල කුලයේ එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග, මාළු, බිත්තර, මේදය අඩු මස් වර්ග වැඩිපුර කෑමට ගත්තොත් brain එක Leptin hormone එකට තියෙන සංවේදීතාවය වැඩි කරගන්න පුළුවන්.
සීනි අවශෝෂණය කරන Insulin hormone

Insuline hormone එක මඟින් ඔයාගේ සිරුරේ sugar level එක control කරනවා.Carbohydrates තියෙන කෑම ගත්තම අපේ සිරුරෙන් Insulin release වෙන්න පටන් ගන්නවා.එතකොට සෛල වලට glucose අවශෝෂණය කරගන්න එක ලේසි වෙනවා.Glucose තමයි ශක්තිය විදයට use වෙන්නේ.ඒත් අවශ්‍ය ප්‍රමාණයට වඩා glucose සිරුරට ලැබුණම ඒ glucose මේදය බවට පරිවර්තනය වෙනවා.
ඉතින් ඔයාට කෙට්ටු වෙන්න ඕනේ නම් කරන්න තියෙන්නේ Carbohydrates තියෙන කෑම කනකොට අඩු glycemic level එකක් තියෙන කෑම කන එක විතරයි.Glycemic level එක අඩු වෙන තරමට සිරුරේ glucose නිපදවීම slow වෙනවා වගේම glucose use වෙන්නත් ගොඩක් කාලයක් යනවා.Example එකක් විදියට සුදු බත් වෙනුවට අපිට රතු බත් කන්න පුළුවන්.
මේදය දහනය කරන්න ඕනේ කියන Adiponectin hormone

Adiponectin hormone එක නිපදවෙන්නේ මේද සෛල තුලයි.මේ hormone එක මඟින් ඉන්සියුලින් වලට ඇති සංවේදීතාව වැඩි කරලා සිරුරේ තැම්පත් වෙලා තියෙන මේදය ශක්තිය ලෙස දහනය වීම වැඩි කරවනවා.ඔයා ගොඩක් කෙට්ටු නම් ඔයාගේ සිරුරේ තියෙන Adiponectin hormone level එක වැඩි.ඔයා ගොඩක් මහත කෙනෙක් නම් ඔයාට පුළුවන් Adiponectin hormone level එක වැඩි කරගන්න.
දවල්ට හොදට active වෙන්න.කෑම වේලට ඒකීය අසංතෘප්ත මේද අඩංගු ආහාර ඒ කියන්නේ මාළු , Nuts වර්ග, අලිගැට පේර , ඔලිව් තෙල් වගේ දේවල් එකතු කරගන්න.රෑට Glycemic level එක අඩු Carbohydrates තියෙන කෑම වලින් Adiponectin hormone level එක වැඩි කරගන්න පුළුවන්.
කවදාවත් දැනගෙන හිටියේ නෑ නේද අපිට ගෙදරදීම තනියෙන්ම hormones control කරන්න පුළුවන් කියලා.ඔයත් ඔයාගේ ඇගේ shape එක ගැන worry වෙනවනම් අද කිව්ව steps ටික try කරලා බලන්නකෝ.ලොකු result එකකට ඉක්මනින්ම යන්න පුළුවන් වෙයි



