Like
Like Love Haha Wow Sad Angry
6

අර්ශස් කිව්වම ගොඩක් දෙනෙකුගේ මතයක් තියෙනවා එම රෝගය තිබීම ලැජ්ජාවට කාරණාවක් කියලා.හැබැයි මේ රෝගය කල් ඇරියොත් වෙන්නේ මේ තත්ත්වය තව තවත් උග්‍ර වෙන එක.ඒ විදිහට තත්ත්වය උග්‍ර වුණාම වෙන්නේ තවත් රෝග වලට මඟ පෑදෙන එක.තියෙන වේදනාකාරී අත්දැකීමක් නිසාත්, දැනෙන අපහසුතාවය නිසාමත් මේ පිළිබඳව විවෘතව කතා කරන්න කිසිම කෙනෙක් කැමති නැහැ.ඉතින් මේ අර්ශස් රෝගය කියන්නේ මොකද්ද? මේ රෝගයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා මම අද ඔයාට කියලා දෙන්නම්

ඇත්තටම මොකක්ද මේ අර්ශස් කියන්නේ?

ගුද මාර්ගයේ පහළ කොටසේ තිබෙන ලේ නහරවල හටගන්න ඉදිමීමේ තත්ත්වය එහෙමත් නැතිනම් ලේ ගලන ස්වභාවය අර්ශස් රෝගය ලෙස හඳුන්වනවා.

අර්ශස් රෝගයේ මුලික රෝග ලක්ෂණ මොනවාද?

  • මලපහ සමඟ ලේ පිටවීම.
  • මලපහ කිරීමේදී වේදනාවක් ඇතිවීම.
  • ගුද මාර්ගය තුලින් ගෙඩියක් වැනි යමක් හෝ ගැටිත්තක් පිටතට ඒම.
  • මෙහිදී කුඩා අර්ශස් ගෙඩි සහ විශාල අර්ශස් ගෙඩි ලෙස හටගනියි.කුඩා අර්ශස් ගෙඩි වේදනා රහිතයි.
  • වේදනාව මෙන්ම නිතර කැසීම හා දැවිල්ල හට ගනියි.
  • ඇවිදීමේදී ඇතිවන අපහසුතා.
  • නින්දට යැමේදී ඇතිවන අපහසුතා
  • මුනින් අතට හැර වෙනත් ඉරියව්වකින් නිදා ගැනීමේදී අධික වේදනා ඇතිවීම.
  • නිසි ලෙස මළ පිටනොවීම.

අර්ශස් රෝගය වැළඳීමට හේතුව කුමක්ද?

නියමිත වේලාවට මළපහ නොකිරීම සහ අනවශ්‍ය වෙලාවට බලෙන් මළපහ පිටකිරීම යන මේ කාරණා දෙකම මෙම රෝගය වැළඳීමට බලපාන ප්‍රධානතම හේතුවක් වනවා. කුඩා දරුවන් , තරුණ, වැඩිහිටි අය මෙයට හුරුපුරුදු වී ඇති නිසා ඔවුන්ද මේ තත්ත්වයට ගොදුරු වී සිටිනවා.

තවත් කාරණා කිහිපයක් තමයි

  • නිසි පරිදි ජලය පානය නොකිරීම
  • Squatting position සහිත වැසිකිලි භාවිතය
  • වැරදි ආහාර පුරුදු, පිටි සහිත ආහාර වර්ග වැඩිපුර භාවිත කිරීම
  • ක්ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම
  • අධික අම්ල සහිත ආහාර වැඩිපුර ගැනීම (බිලිං, ගොරකා, සියඹලා, ඇඹරැල්ලා )
  • උෂ්ණ අධික ආහාර ගැනීමද (ඉස්සෝ, දැල්ලෝ, බලමාළු )

මලබද්ධය( දින 3කට හෝ වැඩි ගණනක් තිස්සේ මලපහ පිට නොවීම), අධික තරබාරුව, ගර්භනීභාවය, දිගු කාලීන පවතින කැස්ස, බර ඉසිලීම වැනි හේතුත් මුලික වශයෙන් බලපානවා.මලපහ ඉතා ඝනව පිටවීමත් මෙය බලපානවා.

ඉහත සඳහන් හේතූන්වලට අමතරව Gastritis වැළඳී ඇති විට සිදුවන ආහාර ජීර්ණයේ යම් යම් අක්‍රමිකතාද මෙම රෝගය වැළඳීමට හේතුවිය හැකියි.

අර්ශස් රෝගයෙන් මඟ පාදන වෙනත් රෝග මොනවාද?

  • තදබල හිස කැක්කුම.
  • Gastritis රෝග තත්වය.
  • වාත රක්ත තත්වය.
  • ඇදුම.
  • දියවැඩියාව

අර්ශස් රෝගීන් හඳුනාගත හැකි පරීක්ෂාවන් මොනවාද?

  • Proctoscopy
  • Sigmoidoscopy
  • Colonoscopy

මෙම සියළු පරීක්ෂණ වලදී සිදු කෙරෙනුයේ ගුද මාර්ගය හරහා කැමරාවක් ඇතුල්කොට ආහාර මාර්ගය හා එහි අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීම මඟින්.

අර්ශස් රෝගීන් සඳහා කළ හැකි ප්‍රතිකාර මොනවාද?

  • පළමුවෙන්ම රෝගියාට උදේ කාලයේ නියමිත පරිදි මළපහ පිටකිරීමට අවශ්‍ය ඖෂධ වර්ග ලබාදිම.
  • ආහාර ජීර්ණ පද්ධතියේ ඇති එන්සයිම සමබර කිරීමට ප්‍රතිකාර ලබාදීම.
  • නිතර ආහාරවේලට පලා, එළවළු, ධාන්‍ය වර්ග එකතු කිරීම.
  • තන්තු වැඩි එළවළු පලතුරු වැඩියෙන් ලබාදීම.
  • දිනකට ජලය හෝ ජලය වැනි පාන වර්ග ලීටර් දෙකක්වත් ගැනීම.
  • මලබද්ධය ඇති අය වේදනා නාශක ගැනීමේදී ‘Codeine’ අඩංගු වේදනා නාශක නොගත යුතුය.
  • මල පිටකිරීමේ අවශ්‍යතාව ඇති වූ වහාම වැසිකිළි යා යුතුය
  • වෛද්‍ය උපදෙස් මත අර්ශස් නිසා ඇතිවන කැසීම ආදියට, ආලේපන, Cream හා Suppositories ලබාදීම.
  • Sitz bath ක්‍රමය

ඉතින් මම හිතනවා ඔයා අර්ශස් ගැන අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා කියලා.ඒ වගේම ඔයාට මේ රෝගය තියෙනවා නම් කිසිම වෙලාවක වෛද්ය ප්‍රතිකාර ගැනීම අතපසු කරන්න එපා.මොකද ඒකෙන් ඔයා හිතනවට වඩා ගොඩක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry
6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here