Beauty කියන්නේ කතා කරන්න ගියොත් ඉවරයක් කරන්න බැරි ලොකු topic එකක්නේ.හැබැයි girlsලා ladiesලා ගොඩක්ම කැමති මේ ගැන කතා කරනවට තමයි.ඉතින් බලමුද අද අපි ඔයාලට කියලා දෙන්න යන රහස මොකක්ද කියලා.අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්රශ්නයක් තමයි blackheads කියන්නෙ.Blackheads තියෙන අය කරන නරකම දෙයක් තමා blackheads නියපොතු වලින් මිරිකලා හරි අයින් කරන්න හදන එක.එකෙන් skin එක damage වෙන්න තියෙන ඉඩ වැඩියි.ඉතින් අද අපි කියන්න යන්නේ Kitchen එකට ගිහින් blackheads කරදරෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා.
Baking soda

කෑම වලට දාන baking soda වලින් ඔයාගේ මුණ ලස්සන කරන්න පුළුවන් කියලා කලින් දැනගෙන හිටියේ නෑ නේද? Baking soda කියන්නේ ගොඩක් හොද scrub එකක්.Baking soda තේ හැන්දකට වතුර ටිකක් mix කරලා paste එකක් හදාගන්න.ඊට පස්සේ blackheads තියෙන තැන් වල apply කරලා මිනිත්තු කීපයක් ඇගිලි වලින් soft විදියට massage කරලා wash කරන්න.මේ treatment එක සතියකට දෙපාරක් කරන්න පුලුවන්නම් ඔයාට ගොඩක් හොද result එකක් ගන්න පුළුවන්.
Steam කරන්න

මේ දවස් වල නම් ඔයා ගොඩක් steam කරනවා ඇති.ලෙඩ වලින් පරිස්සම් වෙන්න විතරක් නෙමෙයි steam කරලා ඔයාගේ skin එකේ ලස්සන වැඩි කරගන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? Steam කරන එකෙන් මුණට වැඩිපුර දාඩිය දැමීමක් වෙනවා.එතකොට skin එකේ pores open වෙලා ඇතුලේ තියෙන කුණු දුවිලි ඉවත් වෙනවා.එතකොට blackheads soft වෙලා අයින් කරන්න ලේසි වෙනවා.
Lemon, ලුණු සහ මී පැණි

Lemon සහ මී පැණි කියන්නේ අපි කොහොමත් දන්න natural beauty products දෙකක්නේ.ඒත් ඔයා හිතුවද ලුණු වලින් ලස්සන වෙන්න පුළුවන් කියලා.ලුණු කියන්නේ අපේ skin එකට use කරන්න පුළුවන් ගොඩක් හොද scrub එකක්.මී පැණි ,lemon,ලුණු කියන 3ම තේ හැන්ද ගානේ mix කරලා blackheads වල apply කරන්න.විනාඩි 5කට පස්සේ soft විදියට massage කරන්න.තවත් විනාඩි 5කට පස්සේ hot water වලින් wash කරන්න.ඔයාට මේ treatment එක සතියකට 3 පාරක් කරන්න පුළුවන් නම් blackheads වලින් සදහටම නිදහස් වෙන්න පුළුවන්.
බිත්තර සුදුමදය

බිත්තර hair mask එකක් විදියට use කරනවා කියලා ඔයා දන්නවනේ.ඒ වගේම තමා blackheads අයින් කරන්නත් අපිට බිත්තර use කරන්න පුළුවන්.skin එක tide කරන්න පුළුවන් magic ingredient එකක් තමයි බිත්තර සුදු මදය .බිත්තර වලට අපේ මූණේ open pores වහන්න පුලුවන් නිසා blackheads නිකන්ම අයින් වෙලා යනවා.ඒ වගේම තමා skin එකේ oily ගතිය control කරන්නත් බිත්තර mask එකට පුලුවන් .
තක්කාලි

කුස්සියේදි නම් තක්කාලි කෑම හදන්නනේ අපි මෙච්චර කල් use කලේ.අද කියන්නේ තක්කාලි වලින් ලස්සන වෙන විදිය.ඔයාගෙ skin එක glow කරන්න වගේම oily ගතිය control කරලා open pores වහන්න තක්කාලි වල තියෙන vitamin C වලට පුළුවන්.ඔයාට කරන්න තියෙන්නෙ තක්කාලි පෙත්තක් කපාගෙන blackheads තියෙන තැන් වල soft විදියට අතුල්ලන්න .ඊට පස්සේ wash කරන්න .එහෙමත් නැත්තම් තක්කාලි ගෙඩියක් blend කරලා මුලු මූණටම apply කරලා විනාඩි 30කින් සෝදලා දැම්මොත් blackheads වගේම ඔයාගෙ skin එකේ තියෙන අවපැහැයත් නැතිවෙලා යනවා.
ඉතින් ඔයාට මේ දේවල් කරන්න Time එකක් නැත්නම් වැල්මී, Glutathione, Vitamin E, Glycolic Acid, B3, ALA තියෙන Day Cream එකක් Use කරන්න.
ඒ විතරක් නෙමෙයි අපේ Hello ladies web site එකෙන් ඔයාලගේ blackheads වලට හොඳ beauty product එකක් දැන් order කරගන්න පුළුවන්.
https://helloladies.lk/product-category/skin-care/
ඉතින් ඔයාලා අද කියලා දුන්න tips ටික use කරලා බලන්නකෝ.Blackheads වලට සදහටම bye කියන්න පුලුවන්.ඉතින් අද ඔයාලට කියලා දුන්නේ ගොඩක් දෙනා නොදන්න රහසක්.ඔයා මේ රහස දැනගත්තා වගේම ඔයාගෙ යාළුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා.



