Like
Like Love Haha Wow Sad Angry

Body එකේ තියෙන අවයව වලින් අපි වැඩියෙන් ම අවදානය දෙන්නේ මුහුණට.ඒ වගේම තමයි ඕනම කෙනෙක් මුලින්ම දකින්නෙත් අපේ මුහුණ.ඉතින් ඔයා මුහුණ ලස්සනට තියා ගන්න ලොකු වෙහෙසක් ගන්නවා ඇති.අපි salon යනවා.Facial කරනවා.මේ වගේ ගොඩ දේවල් මුහුණට කරනවනේ.හැබැයි හරිම විදියට මුහුණට සත්කාරයක් කර ගන්න salon යන්නම ඕනේ නැහැ.ඔයා දැනටමත් ගොඩක් දේවල් මිලදී අරගෙන පාවිච්චි කරනවා ඇති.හැබැයි හරිම පිළිවෙලට මුහුණට සත්කාර කරන්නේ කොහොමද කියන එක ගැන තාමත් ඔයාට ප්‍රශ්න තියෙනවා ඇති. මොන වගේ දේවල්ද මම use කරන්න ඕනේ. කොහොමද මේ treatment කරන්නේ කියලා.ඉතින් අද අපි ඒ ගැන බලමු.

දෙපාරක් Cleanse කරන්න.

ඔයා ඕනේ තරම් cleanse වර්ග පාවිච්චි කරලා ඇති.ඒත් cleanse කරනකොට face wash කරනවා වගේ cleanser කරලා වැඩක් නැහැ.මුලින්ම ඔයා තෝරා ගන්න ඕනේ කෝමාරිකා අඩංගු face cleanser එකක්. ඔයා cleanse එක ගාල මුණට Massage එකක් දෙන ගමන් හොදට විනාඩි දහයක් විතර පිරිසිදු කර ගන්න. එතකොට ඔයාගේ මුණේ තියන කුණු දුවිලි සේරම ඉවත් වෙලා යනවා.එක පාරක් cleanse කර ගත්තට පස්සේ දෙවැනි වතාවටත් cleanse කර ගන්න.ඒකෙන් ඔයාගේ මුණේ ළපකැළැල් තියෙනවා නම් ඒවා ඇතුලටම ගිහින් පිරිසිදු වෙනවා.ඉතින් අනිවාර්යෙන්ම දෙපාරක් cleanse කරන්න අමතක කරන්න එපා.

Steam කරන්න.

ඔයාට හිතෙන්න පුළුවන් steamer එකක් නැතුව steam කරන්නේ කොහොමද කියලා. හරිම ලේසි. Cup එකකට උණුවතුර අරගෙන මුහුණට ඈතින් තියලා හුමාලය පරිස්සමට මුහුණට එන්න දෙන්න. එහෙම නැත්නම් පොඩි towel එකක් අරගෙන ඒක උණු වතුරෙන් පොගවලා ටිකක් නිවෙන්න දීලා මුහුණේ විනාඩි පහක් විතර තියා ගන්න.මෙහෙම දෙපාරක් විතර කළාම ඔයාගේ Skin එකට හොඳ fresh ගතියක් එනවා. එතකොට ඊලග පියවරට යන්න ලේසි.

Scrub කරන්න

Scrub කරන එක මුහුණට හරිම වැදගත්.ඒකෙන් ඔයාගේ skin එක හැමදාම අලුත් වෙනවා. ඒ කියන්නේ උඩින් තියන skin එක මැරෙනවා. ඒ නිසා මැරුණ සම ඉවත් කරගන්නේ නැතුව මොන තරම් සත්කාර කලත් හොද result එකක් ලැබෙන්නේ නැහැ. Scrub කරන එකෙන් වෙන්නේ මැරුණ හැම ඉවත් වෙලා අලුත් සම මතු වෙන එක.ඉතින් ඒ වෙනුවෙන් පැපොල්, පෙපර්මින්ට් , තිරිගු තෙල් වගේ දේවල් අඩංගු scrub එකක් තෝරා ගන්න අමතක කරන්න එපා.

Mask එකක් දාන්න

මුහුණට පෝෂණයක් ලැබෙන face mask එකක් තොර ගන්න.සාමාන්‍යයෙන් කහ, කුංකුම වගේ දේවල් අඩංගු mask එකක් භාවිතා කරන එක ගොඩක් හොදයි. Mask එක මුහුණේ ආලේප කරලා විනාඩි විස්සක් විතර තියන්න. ඊට පස්සේ සෝදලා ඉවත් කරන්න.

Toner කරන්න

මේ සේරම කලාට පස්සේ toner කරන්න.ඒකෙන් ඔයාගේ skin එකට හොද fresh ගතියක් දැනෙනවා.Toner එකක් තෝර ගන්නකොට කහ, lavender අඩංගු toner එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා.

ඔන්න ඉතින් දැන් ඔයාට ගෙදර ඉදන්ම ලේසියෙන් හරිම විදියට මුහුණට සත්කාරයක් කර ගන්න පුළුවන්. Salon වලට දෙන සල්ලිත් ඔයාට ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම ලස්සනට ඉන්නත් ඔයාට පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here