ඔයා එයත් එක්ක ඉන්න ගොඩක් කාලෙක ඉදන් වෙන්න ඇති.අවුරුදු ගානක ආදර කතාවකින් පස්සේ එයත් එක්ක ලස්සන විවාහ ජීවිතයක් ගත කරන්න කැමැත්තෙන් ඉන්න ඔයාට එයාගෙන් ඒ ගැන අහන්න හොදම විදිය ගැන කියන්න තමයි මේ යන්නේ.Propose surprise දැකලා තියෙනවනේ.හැබැයි තවත් ලස්සන වෙනස් ක්‍රම කිහිපයක් ගැන තමයි මේ කියන්නන් යන්නේ.බලන්නකෝ ඔයාට කරන්න ලේසි විදියක් තියෙනවද කියලා…
සාමාන්‍ය වෙන්න

ඔයාලා දෙන්නම ගොඩක් social නැත්නම්, ඔයාල කැමති පාඩුවේ ආදරේ කරන්නනම්, ඔයාට පුළුවන් පොඩි box එකක දාපු වළල්ලක්, එහෙම නැත්නම් Ring එකක් දීල “ඔයා මාව විවාහ කර ගන්නවද?” අහන්න. ඒක හරිම ලේසි ඒ වගේම සරලයි. ඔයාල තනියම ඉන්නකොට, එහෙම නැත්නම් ගමනක් යන ගමන් මේ විදියට propose කරන්න පුළුවන්. ඒකෙන් ඔයාල දෙන්නගේ පෞද්ගලිකත්වයට කිසිම ප්‍රශ්නයක් නෑ.
කවියට ඉඩක්

ඔයා ලියන්න දක්ෂ කෙනෙක් නම් ඔයාට ලේසිම සහ හොදම විදිය ඒ යෝජනාව කවියකින් ලියා දෙන එක. ඔයාට පුළුවන් ලස්සන Card එකක්, කොලයක්, එහෙම නැත්නම් පොඩි note එකක් විදියට ඔයාගේ proposal එක දෙන්න. මුද්දක් එක්කම එයාගේ ගෙදරට උදේම ලැබෙන විදියට ඔයාට ඒක යවන්න පුළුවන් නම් එයා ගොඩක් පුදුම වෙයි.
දවස ගත කරන්න

මේකත් හරිම සරල ඒ වගේම කරන්න හරිම ලේසි වැඩක්. දවසක් වෙන් කරගෙන ඒ දවස ඔයාල දෙන්න එකටම ගත කරන්න. ඔයාල දෙන්නගේ පරණ සිදුවීම් ගැන වගේ සාමාන්‍ය මාතෘකාවක් ගැන කතා කරන්න. දවස අවසානයේ කෑමකට වගේ දෙයකට ගිහින් ඔයාට පුළුවන් ඔයාගේ proposal එක කරන්න.සතුටත් එක්ක එයාට බෑ කියන්න බෑ වගේම එයා ගොඩක් පුදුම වෙයි.
පලවෙනි හමුවීම

මේක නම් ගොඩක් විශේෂ දෙයක්. ඔයාල දෙන්න මුලින්ම දැකපු තැන, එහෙම නැත්නම් මුලින්ම ආදරේ ගැන අහපු තැනට යන්න.අහම්බයකින් යන විදියට ඔයාට මේ ගමන plan කරන්න පුළුවන්.එයාට නොදැනෙන්න ඔයා එයාව එතනට එක්කගෙන යන්න.මුණ ගැහුනා හැටි මතක් කරන්න.ඒත් එක්කම ඔයාට පුළුවන් එයාට propose කරන්න.
Text එකක් යවන්න

ඔයාල දෙන්නම එකට ඉන්න වෙලාවක ඔයාට පුළුවන් massage එකක් විදියට ඔයාගේ proposal එක කරන්න. එයා ඉන්නේ phone එකේ වැඩක් කරමින් නම් ඔයාගේ text එකෙන් එයා පුදුම වෙයි.
පොත් වලට ආස අයට

එයා පොත් කියවන්න ආසා කෙනෙක් නම් ඔයාට පුළුවන් එයා ළඟ නැති ඒත් එයා ආස පොතක් මිලදී ගන්න.පොතේ මැඳ හරියට ඔයාගේ propose එක ලියපු card එකක් දාන්න.එයා නොහිතන වෙලාවක ඒක දකීවි. ඒ වගේම එයාට ගොඩක් සතුටු හිතේවි.
ඉතින් ඔයා හිතුවෙවත් නැති proposal idea නේද මේ? ඔයාටත් පුළුවන් මේ දේවල් ලේසියෙන්ම try කරලා බලන්න. ලොකු වියදමකුත් නෑ. ඒ වගේම හරිම සරලයි.



