Like
Like Love Haha Wow Sad Angry

ලෝකේ ගොඩක් අය digital එක්ක ගිලිලා ඉන්නේ.ඔයා වුණත් එහෙම වෙන්න පුළුවන්. එක්තරා සමාගමක් කරපු පරීක්ෂණයකින් හෙළි වුන විදියට සාමාන්‍ය මනුස්සයෙක් දවසකට පැය 11ක්ම මොනවා හරි අහන්න, බලන්න, කියවන්න වගේ ක්‍රියාකාරකමක් කරනවා.ඔයාට ඕනේ වුණත් සමහර වෙලාවට ඔයාගේ phone එකෙන් ගැලවිල්ලක් නෑ වගේ නේද? සමහර වෙලාවට phone එක ඔයාට එපා වෙනවා වෙනවා නේද? ඔයාට ඒක කරදරයක් වගේ දැනෙන්න ගන්නවා.ඇත්තටම අධික විදියට මේ දේවල් පාවිච්චි කිරීම නිසා ඔයාට ශාරීරික වගේම මානසික ගැටළු මතු වෙන්න පුළුවන්.

තාක්ෂණය ඔයාව Stress කරනවා

ඔයාට Phone එක නැතුව ඉන්න පුලුවන්ද කියල ඇහුවොත්? ගොඩක් අයට phone එක නැතුව එක විනාඩියක්වත් ඉන්න බැහැ නේද? පරීක්ෂණ වලින් හොයාගෙන තියන විදියට මේ හේතුව නිසා ඔයාව ලොකු ආතතියකට පත් වෙන්න පුළුවන්.ගොඩක් young අය අතර නින්ද නොයාම වගේ ගැටළු පවා තාක්ෂණික මෙවලම් නිසා ඇති වෙනවා

මානසික ගැටළු ඇති කරනවා

විවිධ පරීක්ෂණ වලින් හොයාගෙන තියන විදියට නව යොවුන් දරුවන් අතර මානසික ගැටළු වැඩි වශයෙන් ඇති වෙලා තියෙනවා.මේකට හේතුව වෙලා තියෙන්නේ දවසේ වැඩි වෙලාවක් තාක්ෂණික උපකරණ භාවිතා කිරිම. ඒ වගේම ලිංගාශ්‍රිත රෝග සහ හැසිරීමේ වෙනස්කම් පවා සිදු වෙලා තියනවා කියල තමයි කියන්නේ.

ගෙදර සහ රැකියාව

තාක්ෂණය නිසා ඔයාගේ ගෙදර අයගෙන් ඔයා ටික ටික ඈත් වෙන බව ඔයාට දැනිලා ඇති. ඔයා ගෙදර ඉන්න දවසටත් කාර්යාලයේ වැඩ කරනවානම්, phone එකේම කාලය ගත කරනවානම් සමාජ ජාලා වලට ඔයාගේ කාලය වැය කරනවානම් ඔයාව නිකන්ම ගෙදර අයගෙන් ඈත් වේවි.

සංසන්දනය

ඔයා නිතරම face book, වගේ සමාජ මාධ්‍ය වල ඉන්නවනම් අනිවාර්යෙන්ම ඔබේ මිතුරන්ගේ කෑම, බීම, ඔවුන්ගේ උත්සව සම්බන්දකම් මේ හැම දෙයක් එක්කම ඔයා ඔයාගේ ගෙදර තත්වය සංසන්දනය කරන්න පෙළඹෙනවා. “මටත් තිබුනා නම්” වගේ දේවල් හිතෙනවා.

  • ඔයාට ඔයාගේ phone එක හොයා ගන්න බැරි වුණාම දුක හිතෙන්න පටන් ගන්නවද?
  • හැම විනාඩියකටම සැරයක් phone එක බලන්න හිතෙනවද?
  • Social media පාවිච්චි කලාට පස්සේ ඔයාට දුකක් හරි තරහක් හරි දැනෙනවද?
  • ඔයා දාන post වලට එන comment ගැන ඔයා වද වෙනවද?
  • Phone එක use කලේ නැත්නම් ඔයාට ලොකු අඩුවක් දැනෙනවද?
  • ගොඩක් රෑ වෙනකල් phone එකේ තේරුමක් නැතුවම මොනවා හෝ කරමින් ඉන්නවද?
  • ඔයා වැඩක් කරමින් ඉන්නකොට ඔයාට phone එක බලන්න හිතෙනවද?

එහෙනම් ඔයාට Detoxing වෙන්න කාලය හරි.

Detoxing කරන්නේ කොහොමද?

කෙනෙක් කියන්න පුළුවන් සම්පුර්ණයෙන්ම ඔයාගේ තාක්ෂණික උපාංග වලින් ඈත් වෙන්න කියලා.ඒත් සාමාන්‍ය ජීවිතේදී අපිට ඔය දේවල් පාවිච්චි කරන්න සිද්ද වෙනවා.ඒ නිසා සම්පුර්ණයෙන්ම අයින් මේ දේවල් අයින් කරන්න ඔයාට බෑ.ඒ නිසා ඔයා ඔයාටම සීමාවක් දා ගන්න එක තමයි කරන්න පුළුවන් හොදම දේ.

Realty එකට මුහුණ දෙන්න

ඔයාට සම්පුර්ණයෙන්ම Detox වෙන්න බැරි බව ඔයාට තේරෙනවා ඇතිනේ. ඒ නිසා දවල් කාලයේ ඔයා භාවිතා කරන digital දේවල් සියල්ලම රෑට අයින් කරන්න. Phone එක silent කරන්න, නැත්නම් off කරන්න. ඔයා ඒක කරන වෙලාව ඔයාගේ වැඩත් එක්ක තීරණය කරන්න පුළුවන්. ඒ වෙලාව නිදහසේ ගත කරන්න.

Limit එකක් තියා ගන්න

ඔයාට වැඩ කරන වෙලාවට ඔයාට දුරකථන අවශ්ය නැත්නම් ඔයාට පුළුවන් ඒක silent කරන්න. ඒ වගේම එදිනෙදා ජීවිතේ සමහර අවස්ථා තියනවා ඔබට phone එක අවශ්‍ය නොවෙන.

  • ඔයා කෑම ගන්න වෙලාවට
  • උදේ නැගිටිනකොට සහ නිදාගන්නකොට
  • Hobby එකක් කරනකොට
  • යාළුවොත් එක්ක ඉන්නකොට
  • ගෙදර අය එක්ක කාලය ගත කරනකොට

ඔයාට පුළුවන් Detox වෙන්න.

අවධානය වෙනස් කර ගන්න

ඔයාව Phone එකට ඇදිලා යන දේවල් ගොඩක් තියෙනවනේ. Call, message ඇරුනාම ඔයා use කරන social media වල notification නතර කරන්න.ඒ දේවල් හොයල බලන්න දවසකට විනාඩි විස්සක් විතර තියා ගන්න. ඒ වෙලාව තුල විතරක්ම ඒ දේවල් වලට ප්රතිචාර දක්වන්න.

Full detox එකකට කරන්න ඕනේ මොනවද?

ඔයාට සම්පුර්ණයෙන්ම මේ දේවල් වලින් ඈත් වෙන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? එක පාරට කරන්න අමාරුනම් step විදියට ඔයාට පුළුවන් මේකට try කරන්න.

උපවාස කරන්න

දවසක්, දෙකක්, නැත්නම් සතියක් ඔයාට පුළුවන් digital උපකරණ use නොකර ඉන්න.කෙටි කාලයක් අත හැරලා ඉන්න try කරන්න.

ගෙනියන්න එපා

සතියකට එක දවසක් phone එක ගෙදර තියලා යන්න.හැම සතියකම මේක කරන්න.

අයින් කරන්න

ඔයාට අවශ්‍ය තැති ඒත් ඔයා ගොඩක් වෙලාව ගත කරන app අයින් කරන්න.ඔයාට අවශ්‍යම නැත්නම් ඒවා නැතුව ඉන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ.

Social media

Social Media වල ඉන්න වෙලාවක් වෙන් කර ගන්න.හැම වෙලාවකම එතනට කාලය යොදවන්න එපා.

Detox වෙන්න tips

  • ඔයා Detox වෙන්න Try කරන බව යාළුවන්ට ගෙදර අයට කියන්න.ඒකට එයාලගේ උදව්වත් ගන්න.
  • අනවශ්‍ය වෙලාවට phone එක වෙනුවට use කරන්න වෙන activity එකක් තෝරාගන්න.
  • Social media වලින් ඉවත් කරන්න
  • නිදහස් වෙලාවට ඇවිදින්න යන්න.
  • ඔයා detox වෙන වෙලාවට ඔයාට දැනෙන දේවල් ලියන්න

ඉතින් ඔයාට ඕනෙම වුණත් කර ගන්න බැරිව තිබුණ දෙයක් කරන්න තමයි මේ උපදෙස් ටික දුන්නේ.දැන් ඉතින් detox වෙන්නේ කොහොමද කියල වගේම detox කියන්නේ මොකක්ද කියලත් ඔයාට තේරෙනවා ඇතිනේ. උත්සහ කරන්න. මානසික නිදහස උපරිමයෙන් විදින්න. ඔයාගේ ලස්සන කාලය Digital උපාංගයකට විනාශ කරන්න දෙන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here