ගොඩක් වෙලාවට girlsලා skin එක මත වැඩිපුර වේලාවක් රඳවාගන්න පුළුවන් make- up වලට හුරුවෙලව ඉන්නවා. හැබැයි ඔයා කරන එක වැරද්දක් තමයි make- up එක දාන්න කලින් primer එකක් use කරන්නේ නැති එක. සාමාන්‍යයෙන් Foundation සහ අනෙක් make- up ද්‍රව්‍ය ආලේප කරන්න කලින් skin එකේ ආරක්ෂාවට සහ skin එක හොඳින් සකස් කරන්න නම් primer එකක් use කරන්න ඕන.
Make- up කරන්න කලින් primer එකක් use කිරීමේ වාසි
මෘදු සමක්
Primer එකක් use කිරීමෙන් ලැබෙන ලොකුම වාසිය තමයි ඔයාගේ skin එකට දැනෙන මෘදු බව. ඒක Skin එකේ අසමානතාවයන් නැති කරමින් ඉතිරි make- up ද්‍රව්‍ය use කරද්දී skin එක මත Smooth canvas එකක ගතියක් ලබා දෙනවා.
දීප්තියක් ලබාදීම
Primer වලින් ඔයා වයසට යන එක නවත්වන්න බැරි වුණාට ඔයාගේ skin එකට තරුණ පෙනුමක් ලබාදෙනවා.ඒ නිසා primer එකක් කියන්නේ හොඳම තේරීමක්. එමඟින් ඔයාගේ skin එකේ රැළි අඩු කර skin එක ශක්තිමත් කරනවා.
සිදුරු වසයි
Make- up කරද්දී ඔයාගේ මුහුණේ skin එකේ තියන සිදුරු වසා දමන්න primer එක උදව් වෙනවා. ඔයාගේ මුහුණේ සිදුරු කුඩා වුණත් ඔයා liquid foundation එකක් use කළත් එම සිදුරු කැපී පෙනෙනවා. හැබැයි Primer එකක් මඟින් එම සිදුරු සීල් කර skin එක soft කරනවා.
Primer එක Foundation සහ concealer වගේ නෙවෙයි. Primer එක skin එකේ colour එකට කියලා එක එක colours වලින් නැහැ. ඒ නිසා කිසිම බයක් සැකක් නැතුව ඔයාට primer එකක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා.



