හැමෝම try කරන්නේ සාර්ථක වෙන්නේ, දියුණු වෙන්න. හැබැයි ඒකට ඔයාට හොඳ target එකක් තියෙන්නේ ඕන. ගොඩක් අය කරන වැරද්දක් තමයි වැඩක් පටන් අරගෙන ඒක හරි ගියේ නැති වුණහම කඩාගෙන වැටෙන එක. ඊට පස්සේ ඉතින් අර target එකට යන්න තියෙන ගමන එහෙම්ම නතර වෙනවා.අපිට ඕන තරම් වරදින්න පුළුවන්. හැබැයි මතක තියාගන්න වැරදුනා කියලා ඒ ගැන ලතැවෙන්නේ නැතුව ආයෙත් වැරදුනු තැනින්ම නැගිටින්න ඕන. ඒකට ඔයාගේ උත්සාහය සහ ධෛර්යය අනිවාර්යයෙන්ම ඕන වෙනවා.
මුලින්ම ඔයා ඔයාගේ වටිනාකමක් හඳුනාගන්න

ලොකුම ප්රශ්නේ තමයි තමන්ට තියෙන හැකියාවන් දක්ෂතාවයන් හරියට හඳුනාගන්න බැරි වෙන එක. අනිත් දේවල් ගැන හිතන්න කලින් ඔයා ඔයාට තියෙන හැකියාවන් දක්ෂතාවයන් මොනවද කියලා හොයාගන්න. එතකොට ඔයාට හොයාගන්න පුළුවන් ඔයාට මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි කියලා තේරුම් ගන්න.ඊට පස්සේ ඔයාගේ දක්ෂතා හැකියාවන් ගැන විශ්වාසයක් තියාගන්න. ඔයා ඔයා ගැනම ස්වයං අභිමානයක් හදාගන්න. නැත්නම් කිසිම දෙයක් හරියට කරගන්න බැහැ.
සිහින දකින එක නතර කරගන්න එපා

දැන් ඔයා හිතලා බලන්න ඔයාට තියෙන Target මොනවද කියලා ඒවා කොළයක හරි ලියන්න.ඊට පස්සේ ඒ dream achieve කරගන්න විදිහ හිතන්න.හැබැයි හිතල විතරක් බැහැ ඒ වෙනුවෙන් ඔයා තව තව සිහින දකින්න ඕන. ඒක ඔයාගේ ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න. හැම මොහොතකම try කරන්න, යන්න පුළුවන් උපරිමයටම යන්න.
ඉතුරු කරන්න

ඉතුරු කරන්න කිව්වේ හැමෝම කියන විදිහට නම් නෙමෙයි. අනාගතයට ඉතුරු කරන්න බැංකුවකට ගිහින් monthly කීයක් හරි දාන්න කියන එක නෙවෙයි. ඔයාට පුළුවන් මුදල් ආයෝජනය කරන්න. ඒ වගේම fixed diposit එක්ක දාන්න. ඒ වගේ අනාගත සුභ සිද්ධිය ගැන හිතලා ඉතිරි කරන්න.
අවදානමක් ගන්නම වෙනවා

ඔයාගේ job එක වගේ හැමදෙයක්ම success වෙන්න නම් අනිවාර්යයෙන්ම අවදානමක් ගන්න වෙනවා.මොකද අවදානමක් ගන්නේ නැතුව කිසිම දෙයක් සාර්ථක කරගන්න බැහැ.ඒ වගේම අපි කරන වැඩ හැමදාම success වෙන්නේ නැහැ.ඒ නිසාමයි අපි අවදානමක් ගන්න වෙන්නේ.අනිත් කාරණාව තමයි අපි යම් කිසි Business එකක් වෙනුවෙන් ආයෝජනය කරනවා නම් ඔයා යොදන ආයෝජනය ගැන වගකීම ඔයා බාර ගන්න ඕනේ
ජීවිතයට එන හැම අභියෝගයකටම මුහුණ දෙන්න පුරුදු වෙන්න. හැම අවදානමක්ම භාර අරගෙන වැඩ කරගෙන යනවනම් සාර්ථක වෙන එක,success වෙන එක simple.



