Pearl Powder වලින් ලස්සන වෙන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? Pearl Powder කියන්නේ ස්වභාවික ගංගා මුතු කුඩු කර ලබා ගන්නා අමු ද්‍රව්‍යක්.මේවායේ ලැබෙන ප්‍රතිලාභ මිල කළ නොහැකියි. මේ Pearl Powder ක්‍රියාකරී කැල්සියම්, සින්ක්, තඹ, සෝඩියම්, මැංගනීස් වනි ඛනිජ ලවණ වගේම ප්‍රෝටීන් , ඇමයිනෝ අම්ල සහ තවත් අමු ද්‍රව්‍ය රැසක් අඩංගු වෙනවා. මේවා powder සහ වෙනත් රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා යොදා ගන්නවා.විශේෂයෙන්ම Pearl powder skin එක, hair එක, nails සඳහා බාහිර ආලේපන ලෙස use කරනවා.
Pearl powder වලින් ලබාගන්න ප්‍රයෝජන
- දත් එනමල් Bleach කිරීම
- skin එකේ ඇති වන රැළි, ලප කැළැල් මකා දැමීම
- පටකවල ප්‍රතිජනන ක්‍රියාවලිය වේගවත් කිරීම
- skin එක පිරිසිදු කිරීම
- පාරජම්බුල කිරණ වලින් skin එක ආරක්ෂා කිරීම
- skin එක මත moisturizing එකක් ලෙස ක්‍රියා කිරීම
- skin එකේ ඉදිමුම් අඩු කිරීම
Pearl powder වලින් මුහුණට කළ හැකි සත්කාර
අවශ්‍ය ද්‍රව්‍ය
- Pearl Powder මේස හැන්දක්
- කිරි හැන්දක්
- මී පැණි හැන්දක්.
සාදාගන්න ආකාරය
- මේ සියල්ල එකට මිශ්‍ර කරන්න
- පසුව පිරිසිදු කරගත් මුහුණ මත ආලේප කරන්න
- විනාඩි 20කින් පමණ සෝදා ඉවත් කරන්න
මෙම සත්කාරය සතිකට දෙවරක් කරන්න
අවශ්‍ය ද්‍රව්‍ය
- Pearl Powder මේස හැන්දක්
- බිත්තර කහ මද 1ක්
- කෝමාරිකා යුෂ මේස හැඳි 1/2ක්
සාදාගන්න ආකාරය
- මේ සියල්ල එකට මිශ්‍ර කරන්න
- පසුව පිරිසිදු කරගත් මුහුණ මත ආලේප කරන්න
- විනාඩි 20කින් පමණ සෝදා ඉවත් කරන්න
මෙම සත්කාරයත් සතිකට දෙවරක් කරන්න
මීට අමතරව ඔයාට පුළුවන් Pearl Powder සහ කෝමාරිකා අඩංගු cleansing face wash එකක් භාවිතා කරන්න.ඒක නම් ඔයාට ගොඩක් පහසු සහ සාර්ථකම ක්‍රමයක්.මොකද Pearl powder හොයාගන්න එක ටිකක් අමාරු වැඩක් වෙන්න පුළුවන්.මෙම Pearl powder සහ කෝමාරිකා වලින් හිරු එළියෙන් ඔයාගේ skin එක මත ඇති වන පිළිස්සීම් නැති කරනවා.ඒ වගේම skin එකේ ඇති වන pigmentation, වියළි බව සහ acne වලට හොඳ විසඳුමක්.මීට අමතරව Collagen සෛල වර්ධනය කරලා ඔයාගේ සම පෝෂණය කරන්නත් උදව් වෙනවා.



